2024 වසරට සංචාරකයින් ලක්ෂ 23 ක් ගෙන්වා ගැනීමට සැලසුම්..!

මෙම වසරේදී මෙරටට සංචාරකයින් ලක්ෂ 23 ක් ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව ඒ හරහා ඇමෙරිකානු ඩොලර් බිලියන 4.6 ක ආදායමක් ඉපැයීම අපේක්ෂාව බවයි එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු සඳහන් කළේ. පසුගිය වසරේදී සංචාරකයින් ලක්ෂ 15 ක් ගෙන්වා ගැනීමට සැලසුම් කර තිබූ අතර එම වසරේදී සංචාරකයින් 1,487,303 ක් පැමිණ තිබුණා.

Continue Reading

සේවාවට බාධාවක් නම් තරාතිරම නොබලා වහාම වැඩ තහනම් කරන්න..! ඇමති කාංචනගෙන් ප්‍රකාශයක්..!

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවාවලට බාධා කරන හෝ එහි කළමනාකාරීත්වය නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩකරමින් ක්‍රියාකරන ඕනෑම සේවකයෙකුගේ වැඩතහනම් කර සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලිබල මණ්ඩලයේ කළමනාකාරිත්වයට උපදෙස් දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (3) පැවසීය.   ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනාව සංශෝධන සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් විදුලි බිල අඩුකිරීමේ යෝජනාව ද ලබන …

Continue Reading

ජනපතිවරණ සටනට එන්න දිලිත් දෙරණ ඇතුළු සියළු ආයතනවලින් ඉල්ලා අස්වේ…!

මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවිර මහතා සියලු සමාගම්වල දරන තනතුරැවලින් ඉල්ලා අස්වී තිබේ. ඒ අනුව ඔහු සභාපතිත්වය හා අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකත්වය දරණ සමාගම්වලින් 2024 ජනවාරි 01 වැනිදා සිට ඉල්ලා අස්වී ඇත. ඔහු මව්බිම ජනතා පක්ෂයේ නායකයා වශයෙන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අතර ඒ සදහා පූර්ණ කාලීනව දේශපාලනයේ නිරතවීමට අවශ්‍ය කාලය වෙන් කර ගැනීමට මෙම පියවර ගෙන ඇතැයිද වාර්තා වෙයි.

Continue Reading

බයවෙන්න දෙයක් නෑ..! රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ බිත්තර කෝටි දෙකක සංචිතයක්..!

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සතුව ඉන්දීය බිත්තර කෝටි දෙකකට අධික සංචිතයක් ඇති බව එම සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා අද (2) පැවසීය. රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ ගබඩාවල, කොළඹ වරාය තුළ සහ ඉන්දියාවේ සිට මෙරටට ළගා වෙමින් ඇති බිත්තර තොග ලෙස බිත්තර ලක්‍ෂ 70 බැගින් ඇති බවත් අඛණ්ඩව බිත්තර තොග ඇනවුම් කරන බවත් වලිසුන්දර මහතා කීය. සතොසට බිත්තර ලක්‍ෂ …

Continue Reading

සජිත් අනුර නෙමෙයි සක්‍රයා ආවත් 2024 වසරේදිත් ජනපති රනිල්ගේ නායකත්වයෙන් දැනට පැමිණි මග තුලම ඉදිරියට යා යුතුයි – මහ බැංකු අධිපති

පසුගිය කාලය තුළ ආර්ථික පසුබෑමකට ලක්වු රටවල් අතර සාපේක්ෂව කෙටි කාලයක් තුළ දැන් පවතින තත්ත්වයට පැමිණි රට ශ්‍රී ලංකාව බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. මේ වන විට දේශීය ණය ප්‍රශස්තකරණය අවසන් කර ඇති බවත් චීනය, ඉන්දියාව, ජපානය හා පැරිස් සමාජය වසර 10 ක් තුළ පවතින ණය දීර්ඝ කර ණය සහන ලබාදීමට එකඟතාව පළකර ඇති බවයි මහ බැංකු …

Continue Reading

එජාප ජනාධිපති අපේක්ෂකයා රනිල්..! මහ ලේකම් රංගේ සිරිකොතේදි කියයි..!

ඉදිරි ජනාධිපතිවරණයකදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරග වැදීමට සූදානමින් සිටින බව සිරිකොත පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංග බණ්ඩාර පවසා ඇති බව අපට වාර්තා වෙයි. එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත පරිශ්‍රයම අපේ ජනපති රනිල් විස්සයි විසි හතරට යන සටන් පාඨය සටහන් කළ කොළපැහැති කොඩි වලින් සරසා තිබූ අතර එමගින්ද ජනාධිපතිවරයා …

Continue Reading

වැට් බද්ද වැඩි කිරීම ගැන ඔබ දැනගත යුතුම කරුණු 05ක් මෙන්න…!

2024 ජනවාරි 01 වැනිදා සිට VAT නොහොත් එකතු කළ අගය මත බද්ද, 15% සිට 18% දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවීම පසුගිය දිනවල කතාබහට ලක් වූ කරුණක් විය. වක්‍ර බද්දක් වන මෙම බද්ද භාණ්ඩ හා සේවා මිල දී ගනු ලබන සෑම පාරිභෝගිකයෙකුට ම ගෙවීමට සිදුවන බද්දකි. රජය මෙම බදු ඉහළ දැමීමට තීරණය කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්, රජයේ බදු …

Continue Reading

රට නැගිටිනවා..! ඉවසීමෙන් බලා ඉන්න..! ඇමති ප්‍රසන්නගෙන් ප්‍රකාශයක්..!

කොවිඩ්-19 ව්‍යාප්තිය හා ඉන් ඇතිවූ ගෝලීය ආර්ථික අර්බුධ හමුවේ හෙම්බත්වූ රට සහ දේශීය ආර්ථිකය ගොඩ ගැනීමේ දුෂ්කර අභියෝගය ජයගැනීමට සියලුම ජනතාව නිවරැදි අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතු බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. එම වැඩපිළිවෙලේදී රට පළමුවට තබා කටයුතු කරමින් ආර්ථිකය ස්ථාවර කරන තීරණාත්මක ආරම්භක පියවරයන් දෙස ඉවසීමෙන් සහ ධෛර්යයෙන් බලා සිටින …

Continue Reading

පාරිභෝගිකයන්ට දැනෙන සහනයක් දෙමින් ලංකාවේ අඩුම තෙල් මිල සයිනොපෙක් පිරවුම් හලෙන්..!

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව අද අලුයම සිට ඉන්ධන මිල ඉහළ දමා ඇතත් සයිනොපෙක් සමාගම විසින් ඊට වඩා රුපියල් තුනක් මිල අඩුවෙ සිය බෙදුම්හල්වල ඉන්ධන අලෙවි කරන බව නිවේදනය කරයි. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 363කට හා ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 355කට එම පිරවුම්හල්වල අලෙවි කරයි. මෙම මිල ඊළඟ මිල සංශෝධනය තෙක් ක්‍රියාත්මක බවද සමාගම කියා සිටී.

Continue Reading

යුක්තිය මෙහෙයුමෙන් පසුගිය පැය 24ට බඩුත් එක්ක 822ක් අත්අඩංගුවට..!

රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (01) වනදා සිට අද (02) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 822ක් අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර හෙරොයින් ග්‍රෑම් 273ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 111ක් සහ මත්පෙති 426ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

Continue Reading