බයවෙන්න දෙයක් නෑ..! රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ බිත්තර කෝටි දෙකක සංචිතයක්..!

Spread the love

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සතුව ඉන්දීය බිත්තර කෝටි දෙකකට අධික සංචිතයක් ඇති බව එම සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා අද (2) පැවසීය.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ ගබඩාවල, කොළඹ වරාය තුළ සහ ඉන්දියාවේ සිට මෙරටට ළගා වෙමින් ඇති බිත්තර තොග ලෙස බිත්තර ලක්‍ෂ 70 බැගින් ඇති බවත් අඛණ්ඩව බිත්තර තොග ඇනවුම් කරන බවත් වලිසුන්දර මහතා කීය.
සතොසට බිත්තර ලක්‍ෂ 10 බැගින් දෛනිකව නිකුත් කරන බව කී ආසිරි වලිසුන්දර මහතා එම බිත්තර සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වන බව ද වැඩි දුරටත් කීය.

Related Posts