ඉදිරි ජනාධිපතිවරණයකදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරග වැදීමට සූදානමින් සිටින බව සිරිකොත පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංග බණ්ඩාර පවසා ඇති බව අපට වාර්තා වෙයි.
එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත පරිශ්‍රයම අපේ ජනපති රනිල් විස්සයි විසි හතරට යන සටන් පාඨය සටහන් කළ කොළපැහැති කොඩි වලින් සරසා තිබූ අතර එමගින්ද ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ජනපති සටනට එක්වන බව සටහන් කිරීම ඔවුනගේ බලාපොරොත්තු බව සඳහන්.