සජිත් අනුර නෙමෙයි සක්‍රයා ආවත් 2024 වසරේදිත් ජනපති රනිල්ගේ නායකත්වයෙන් දැනට පැමිණි මග තුලම ඉදිරියට යා යුතුයි – මහ බැංකු අධිපති

Spread the love

පසුගිය කාලය තුළ ආර්ථික පසුබෑමකට ලක්වු රටවල් අතර සාපේක්ෂව කෙටි කාලයක් තුළ දැන් පවතින තත්ත්වයට පැමිණි රට ශ්‍රී ලංකාව බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

මේ වන විට දේශීය ණය ප්‍රශස්තකරණය අවසන් කර ඇති බවත් චීනය, ඉන්දියාව, ජපානය හා පැරිස් සමාජය වසර 10 ක් තුළ පවතින ණය දීර්ඝ කර ණය සහන ලබාදීමට එකඟතාව පළකර ඇති බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව ජනතාවට ගෙවීමට අවශ්‍ය බදු බර අඩු කර ගැනීමට නම් සිදුකළ යුත්තේ තමන් බදු ගෙවන අතරතුර බදු ගෙවීම් පැහැර හරින පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.

2024 තුළ උද්ධමන අගය 5% ක පවත්වා ගැනීම, සංචිත වැඩි කර ගැනීම හා විනිමය අනුපාතිකය ස්ථාවරව පවත්වා ගැනීම ප්‍රධාන අරමුණු බවත් ඒ සඳහා දැනට පැමිණි මාර්ගයේ ඉදිරියටත් යා යුතු බවයි විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Related Posts