
කොවිඩ්-19 ව්‍යාප්තිය හා ඉන් ඇතිවූ ගෝලීය ආර්ථික අර්බුධ හමුවේ හෙම්බත්වූ රට සහ දේශීය ආර්ථිකය ගොඩ ගැනීමේ දුෂ්කර අභියෝගය ජයගැනීමට සියලුම ජනතාව නිවරැදි අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතු බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
එම වැඩපිළිවෙලේදී රට පළමුවට තබා කටයුතු කරමින් ආර්ථිකය ස්ථාවර කරන තීරණාත්මක ආරම්භක පියවරයන් දෙස ඉවසීමෙන් සහ ධෛර්යයෙන් බලා සිටින සමස්ථ ජනතාවටත් තම හෘදයාංගම ස්තුතිය පිරිනමන බවද ඔහු පවසයි.
බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ අද (01) පැවති උත්සවසවය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් හෙතෙම මේ බව සඳහන් කරයි. 2024 නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම නිමිත්තෙන් මෙම උත්සවය පැවැත්විණි.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිකුත් කළ එම සුබපැතුම් පණිවිඩයේ මෙසේද සඳහන් වේ.
ආර්ථික සහ දේශපාලන වශයෙන් බරපතළ අවදානම් රැසකට රට සහ ජනතාව මුහුණදී සිටිනවා. මේ තත්ත්වයන් සාමාන්‍යකරණය වීමට යම් කාලයක් ගත වේවි. ජනතාවට දැඩි අපහසුකම් තිබෙන බව අපි පිළිගන්නවා. නමුත් අද මේ ඔබ දුක් විඳින්නේ අනාගත පරපුර වෙනුවෙන්. මේ අවදානම් සහගත තත්ත්වය ඉතාම කෙටි කාලයකින් පහව යාවි යැයි අප රජයක් ලෙස දැඩිව විශ්වාස කරනවා.
රට හා ජනතාවගේ ඉදිරි අභිවෘද්ධිය වෙනුවෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය සුවිශේෂි වැඩ කොටසක් සිදුකරනවා. විශේෂයෙන්ම මෙය රටේ සංවර්ධනයට ඍජුවම වග කියන ආයතනයක්. 2024 වසර සඳහා මෙම අමාත්‍යාංශයට අයවැය මගින් රුපියල් මිලියන 23,412ක් වෙන් කර තිබෙනවා. නිවාස සංවර්ධනය සඳහා රුපියල් මිලියන 7,650ක් කසළ කළමනාකරණය හා පරිසර ආරක්ෂණය සඳහා රුපියල් මිලියන 7,790ක් වෙන් කරලා තියෙනවා. පූනරීන් නගර සංවර්ධනය කදුරට දශකය ඒකාබාද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන, අවතැන් වූවන් සඳහා නිවාස ඉදිකිරීම, බණ්ඩාරවෙල තොග එළවළු මධ්‍යස්ථානය දියුණු කිරීම සහ විසල් මිහින්තලය සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 11,450ක් වෙන් කරලා තියෙනවා.
විවිද හේතූන් නිසා කඳුරට ප්‍රාදේශවල පොදු යටිතල පහසුකම් හා සේවාවන් වර්ධනය අඩු බව අපි පිළිගන්නවා. ඒ තත්ත්වය සැලකිල්ලට ගෙනයි අයවැයෙන් කඳුරට දශකය වැනි දස අවුරුදු බහු කාර්ය ග්‍රාමීය සංවර්ධන හා ප්‍රජා සංවර්ධන වැඩසටහනක් ආරම්භ කිරීමට යෝජනා කළේ. ඒ සඳහා රුපියල් මිලියන 10,000ක් වෙන් කරලා තිබෙනවා. මධ්‍යම පළාත, සබරගමුව පළාත, මාතර,ගාල්ල, කලුතර, බදුල්ල හා කුරුණෑගල, දිස්ත්‍රික්ක ඇතුළුව දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් 89ක එම වැඩසටහන ක්‍රියාත්මක කරන්න අපි අපේක්ෂා කරනවා.
සැලසුම් හා ආයෝජන අනුමත කිරීම ප්‍රමාදවීම ගැන නාගරික සංවර්ධන අධිකාරියට චෝදනාවක් තබුණා. එය කාර්යක්ෂම කිරීමට අප ONE STOP UNIT ආරම්භ කළා. ඔන්ලයින් ක්‍රමවේද ඔස්සේ අදාළ සැලසුම් අනුමත කිරීම එහිදී සිදු වෙනවා. මේ සඳහා ආයතන 33ක් සම්බන්ධ කරගනිමින් විෂයපථ කමිටුවක් පත් කළා. 2025 වසර වනවිට ලංකාව පුරාම සංවර්ධන බල ප්‍රදේශවල මෙය ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා යැයි පවැසීය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලියු.එස් සත්‍යානන්ද මහතා මෙසේ පැවසීය.
අපි ගෙවා දැමුවේ අභියෝගාත්මක වසරක්. අපි අදින් එළබෙන්නේ තවත් අභියෝගාත්මක වසරකටයි. කොඩිඩ් වයිරස ව්‍යාප්තිය නිසා රට දැඩි ආර්ථික අර්බුධයකට මුහුණ දුන්නා. තවමත් අපි මුහුණදී සිටින්නේ එ අභියෝගවලටයි. අපිට හොඳ දේශපාලන නායකත්වයක් ලැබෙනවා. ඒ නිසා රටත් ජනතාවත් මුහුණදී සිටින අභියෝගවලට පිලිතුරු සෙවිමට රාජ්‍ය සේවකයන් වශයේ අපි කැපවී කටයුතු කරමු.අර්බුධකාරී යුගයක අභියෝගවලට මුහුණ දෙමින් කටයුතු කළ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ සියලුම සේවක සේවිකාවන්ට මම මාගේ ස්තූතිය පළ කරනවා.
නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍යවරුන් වන අරුන්දික ප්‍රනාන්දු, තේනුක විදානගමගේ, අමාත්‍යංශය යටතේ ඇති ආයතන හා දෙපාර්තමේන්තුවල සභාපතිවරුන්, අධ්‍යක්ෂ ජනරාල්වරුන් ඇතුළු නිළධාරීන්, සේවක සේවිකාවන් මෙම අවස්ථාවට සහභාගී වූහ.
– ප්‍රදීප් අනුර කුමාර