20වන සංශෝධනය වහාම නතර කළ යුතුයි! අමරපුර– රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභා පවසති

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මිනිස් චින්තනයේ නිදහසටත් ක්‍රියාකාරීත්වයටත් බරපතළ ලෙස බාධා කරන නොදියුණු ගෝත්‍රික සමාජයකට ආපසු ගමන් කරන, නීති සම්මතයක් බව තහවුරු වූ හෙයින් එය සම්මත නොකරන ලෙස ආණ්ඩුවට අවධාරණය කිරීමට ශ්‍රී ලංකා අමරපුර, රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව තීරණය කර තිබේ. මෙම නිකාය දෙකෙහි මහා ලේඛකාධිකාරී හිමිවරුන් රැස්වී ගනු ලැබු තීරණය ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකදී දැනුම් දුන්හ. 20 …

Continue Reading

20වන සංශෝධනය මඟින් පිළිගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මූලධර්ම සහ මූලික පදනම උල්ලංඝනය කරලා – නීතිඥ ශිරාල් අධිකරණය ඉදිරියේ කරුණු දක්වයි

වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විසින් ඉදිරිපත් කරන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් අධිබලැති ජනාධිපතිවරයකු බිහිකිරීමට යෝජනා කර ඇති අතර ඔවුන් එසේ කරන්න්නට යෝජනා කරන්නේ පිලිගත් ආණ්ඩුක්‍රම, ව්‍යවස්ථා මුලධර්ම හා මුලික පදනම උල්ලංඝනය කරමින් නීතිඥ ශිරාල් ලක්තිලක මහතා අද(30) 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක්කරමින් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කොට තිබූ පෙත්සමට අදාළව …

Continue Reading

ඇමතිවරුන්ගේ ‘මහජන දිනය’ සඳුදා

ඇමැතිවරුන්ගේ මහජන දිනය සඳුදා දිනවල පැවැත්වීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක ඇමැති උදය ගම්මන්පිල මහතා අද (10) දින රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ‍්‍රවණාගාරයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය. කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව බදාදා දිනවල රැස්වෙන බැවින් මහජනතාවට බාධාවක් සිදුනොවීම සඳහා මෙම තීරණය ගත් බවයි ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Continue Reading

කොරෝනා අවධානම වැඩිම රටවල් 10 අතරට ශ‍්‍රී ලංකාවත්

කොරෝනා වෛරසයෙන් ආරක්ශිතම රටවල් 100ක ලැයිස්තුවක් ලෝ ප‍්‍රකට ෆොබ්ස් Forbes සගරාව විසින් පසුගිය 03 වැනිදා ප‍්‍රකාශයට පත් කළා. නිර්ණායක කිහිපයක් මත පදනම් වූ සමීක්ෂණයක් අනුව අදාළ රටවල් 100 දත්ත පෙළ ගස්වා ඇති අතර සමීක්ෂණයට අනුව කොවිඞ් වසංගතයෙන් ආරක්ෂිතම රට ලෙස 01 වැනි ස්ථානයේ පසුවන ජර්මනිය නම්කර තිබෙනවා. දෙවැනි ස්ථානය නිව්සීලන්තය විසින්ද තෙවැනි ස්ථානය දකුණු කොරියාව විසින් හිමිකර ගෙන ඇති අතර, …

Continue Reading

මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තය මත පනවා ඇති බදු ඉවතට

මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් උපයන ලාභය මත පනවා ඇති 14%ක ආදායම් බද්ද සහ  සහ 15% වූ රත්‍රන් ආනයන බද්ද ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කරයි. 1971 වසරේ සිට මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තයට දී තිබූ ආදායම් බදු සහනය 2017 වසරේ හඳුන්වා දුන් ආදායම් බදු ප්‍රතිපත්තියෙන් ඉවත් කෙරිණ. මැණික් හා ස්වර්ණාභරණ අපනයනයෙන් උපයන සත්‍ය ආදායම හෙළි නොවන තත්වයක් මේ නිසා …

Continue Reading

තෙල් නැවේ ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කළත් අවධානමේ අඩුවක් නෑ – නාවික හමුදාව

New Diamond බොරතෙල් නෞකාවේ ඇති වූ ගින්න සම්පූර්ණයෙන් මැඩපවත්වා තිබුණද නෞකාවේ ඇතුළත පවතින උෂ්ණත්වය හා පාරිසරික බලපෑම් මත මෙම ගින්න නැවත ඇති වීමේ යම් සම්භාවිතාවක් පවතින හෙයින්, ශ්‍රී ලංකා නාවික හමුදාව ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවෙමින් ඕනෑම හදිසි අවස්ථාවක් සඳහා සූදානමින් සිටින බව නාවික හමුදාව විසින් අද (06) දින සවස නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. ශ්‍රී ලංකා නවික හමුදාව …

Continue Reading

තෙල් නැවේ ගින්න ගැන නාවික හමුදාවේ අලුත්ම කතාව

එම්ටී නිව් ඩයමන්ඩ් (MT New Diamond) නැමති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇති වූ ගින්න පැතිරීම පාලනය කිරීම සඳහා තවදුරටත් ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ඉන්දියානු නාවික හමුදාව සහ ඉන්දීය වෙරළ ආරක්‍ෂක බලකාය ඒකාබද්ධව කටයුතු කරමින් සිටින අතර, මෙම ආපදා සහන මෙහෙයුමට සහය වීම සඳහා ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් සාරංග් (ICGS Sarang) නෞකාවද මේ …

Continue Reading

තෙල් නැවේ ගින්න – අලුත්ම තත්ත්වය කුමක් ද ? අලුත්ම Exclusive වීඩියෝ දර්ශන

බොරතෙල් මෙටි‍්‍රක් ටොන් 270,000ක් සමග ගිනි ගනිමින් පවතින ‘නිව් ඩයමන්ඩ්’ බොරතෙල් ප‍්‍රවාහන නෞකාව මගින් ලෝකයේ දරුණුතම පරිසර විනාශය සිදු කිරීමට ඉඩ ඇතැයි සමූද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි, නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවාය. අද (04) පෙරවරුවේ දෙරණ නාළිකාවේ වැඩසටහනකට එක් වෙමින් ඇය මේ බව පැවසුවාය. මෙම වැඩසටහනට එක් වූ සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර අදහස් දක්වමින් පවසා …

Continue Reading

ශ්‍රී ලංකාව ලොව විශාලතම ඓතිහාසික ව්‍යයසනයක් අභියස! තෙල් නැව පිපුරාගියහොත් මුහුදු තීරයම විනාශයි!

ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළතිරයේ සිට නාවික සැතපුම් 38කට එපිටින් ගිනිගෙන ඇති තෙල් ප්‍රවාහන නෞකාවේ සිටි නාවිකයින් 22 දෙනෙකු මුදාගෙන තිබේ. එක නැවියෙකු අතුරුදහන්ව ඇති බව නාවික හමුදාවේ ප්‍රකාශක කපිතාන් ඉන්දික සිල්වා බීබීසී සිංහල සේවයට පැවසීය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන පරිදි මෙවැනි විශාල නෞකාවක ගින්නක් නිවීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට හෝ ඉන්දියානු වෙරාලාරක්ෂක සේවයට පහසුකම් නොමැත. එබැවින් තෙල් කාන්දුවක් සිදුවුවහොත් ශ්‍රී …

Continue Reading

කහ සහ ගම්මිරිස්වලට ස්ථාවර මිලක් දිය යුතුයි – ජනපති අවධාරණය කරයි

කහ සහ ගම්මිරිස් සඳහා ස්ථාවර මිලක් දී වගාකරුවන් රැකගත යුතුයැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. කහ සහ ගම්මිරිස් වගා කරුවන් ආරක්ෂා කිරීමට එම භෝග ආනයනය සම්පූර්ණයෙන් නතර කෙරිණ. අන්තර්ජාතිකව වෙළෙඳපොළ සොයා වැඩි අපනයනයක් මගින් උපරිම මිලක් ඉපැයීමට අවශ්‍ය පරිසරය සැකසීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි. උක්, බඩ ඉරිගු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා …

Continue Reading