20වන සංශෝධනය මඟින් පිළිගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මූලධර්ම සහ මූලික පදනම උල්ලංඝනය කරලා – නීතිඥ ශිරාල් අධිකරණය ඉදිරියේ කරුණු දක්වයි

Spread the love

වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විසින් ඉදිරිපත් කරන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් අධිබලැති ජනාධිපතිවරයකු බිහිකිරීමට යෝජනා කර ඇති අතර ඔවුන් එසේ කරන්න්නට යෝජනා කරන්නේ පිලිගත් ආණ්ඩුක්‍රම, ව්‍යවස්ථා මුලධර්ම හා මුලික පදනම උල්ලංඝනය කරමින් නීතිඥ ශිරාල් ලක්තිලක මහතා අද(30) 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක්කරමින් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කොට තිබූ පෙත්සමට අදාළව කරුණු දක්වමින් පවසා තිබේ.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වගන්තියෙන් වගතියට නොසලකමින් සම්පුර්ණ ව්‍යවස්ථා යෝජනාවලියම ප්‍රතික්ෂේප කළ යුතු බවද ඔහු එහිදී වැඩිදුරටත් පවසා ඇත.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක්කරමින් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ පෙත්සමට අදාළව, ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ ශිරාල් ලක්තිලක මහතා,

එසේම මෙවැනි ව්‍යවස්ථාවේ මුලික හරය වෙනස් කරන යෝජනාවක් තුනෙන් දෙකක බලයෙන් තබා ජනමත විචාරනයකින් වත් සම්මත කල නොහැකි බවත් එවැනි අවස්තාවක මහජන අනුමැතිය අදාල නොවන බවත් පැවසීය.

මෙවැනි තත්වයක් ඉතිහාසයේ දී අවස්තා දෙකකදී ඉතිහාසයේදී සිදුවු බවත් ඉන් පලමු වැන්න 1933 දී ජර්මානු පාර්ලිමේන්තුව විසින් වෛමාර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් හිට්ලර්ට සියලු බලය දානය කරන පනතක් සම්මත කිරීමය. දෙවැන්න 1904 දී ප්‍රංශ ජනතාව ජනමත විචාණයක් තුලිනි නැපෝලියන් බොනපාට් ජීවිතාන්තය දක්වා ප්‍රංශ අධිරාජ්‍යයා බවට පත් කරගත්තේය.

ලංකාවේ සිදුවෙමින් සිදුවෙමින් තිබෙන්නේ එවැනිම දෙයකි. අප විනාශයේ මාවතට අවතීර්ණ වනවාද සංවර්ධනයේ මාවතට පිවිසෙනවාද යන්න 20 හි පැවැත්ම නොපැවැත්ම මත තීරණය වනු ඇත. එම නිසා රටේ ජනතාවගෙ අනාගතය තීරණය කිරීමේ බලය මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය මත රැඳී පවතින්නේය.

හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ පෙත්සමට අදාළව නීතිඥ ශිරාල් ලක්තිලක මහතා විසින් අද සිදු කළ කරුණු දැක්වීමේ සාරාංශය මෙසේය.

RSL

Related Posts