තෙල් නැවේ ගින්න ගැන නාවික හමුදාවේ අලුත්ම කතාව

Spread the love

එම්ටී නිව් ඩයමන්ඩ් (MT New Diamond) නැමති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇති වූ ගින්න පැතිරීම පාලනය කිරීම සඳහා තවදුරටත් ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ඉන්දියානු නාවික හමුදාව සහ ඉන්දීය වෙරළ ආරක්‍ෂක බලකාය ඒකාබද්ධව කටයුතු කරමින් සිටින අතර, මෙම ආපදා සහන මෙහෙයුමට සහය වීම සඳහා ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් සාරංග් (ICGS Sarang) නෞකාවද මේ වන විට එම ස්ථානය වෙත ලඟා වී ඇත.

ගිනි නිවීමේ උපාංග සහ වෘත්තීය ගිනි නිවීමේ විශේෂඥයින්ගෙන් සමන්විත ගැඹුරු මුහුදේ මෙහෙයුම් සිදු කරනු ලබන ටීටීටී 1 (TTT One) නමැති තවත් ටග් යාත්‍රාවක් සහ තවත් ඉන්දියානු වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකාවක්ද අද සවස් කාලයේ මෙම ආපදා සහන මෙහෙයුමට එක්වීමට නියමිතය.

එමෙන්ම, මෙම හදිසි ආපදා තත්වය ජාතික අවශ්‍යතාවයක් සේ සළකා ශ්‍රී ලංකා වරාය අධිකාරිය හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමාගම (HIPG), කොළඹ නැව් තඨාකාංගණය (CDL), ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සහ ඉන්දියන් ඔයිල් සමාගම (IOC) යන රාජ්‍ය සහ පෞද්ගලික ආයතනයන් මගින් ගිනි නිවීම සඳහා ලබා දුන් රසායනික ද්‍රව්‍ය රැගත් ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව ත්‍රිකුණාමලය වරායේ සිටත්, ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක බලකායට අයත් සමුද්‍රාරක්‍ෂා සහ සමාරක්‍ෂා යන නෞකාවන් හම්බන්තොට සහ කොළඹ වරායේ සිටත් ආපදා සහන මෙහෙයුමට දායක වීම සඳහා මේ වන විට පිටත් වී ඇත.

දැනට ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකා තුනක් (03) සහ වේග ප්‍රහාරක යාත්‍රා දෙකක් (02) , ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එම්අයි 17වර්ගයේ හෙලිකොප්ටර් යානයක් සහ බීච් ක්‍රාෆ්ට් යානයක්, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමාගම (HIPG) අයත් රාවණා හා වසඹ යන ටග් යාත්‍රාවන් මෙන්ම ආපදාවට පත්වූ නෞකාව අයත් විදේශීය සමාගම මගින් සූදානම් කරන ලද ALP Winger නම් ටග් යාත්‍රාව සහ ඉන්දියානු වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකා දෙකක් (02) සහ ඉන්දියානු නාවික හමුදාවට අයත් යුධ නෞකාවක් ආපදාවට පත් නෞකාවේ ගිනි නි‍වීමේ මෙහෙයුමේ තවදුරටත් නිරතව සිටී.

තවද, මෙම එම්ටී නිව් ඩයමන්ඩ් (MT New Diamond) නෞකාවේ ඇති වූ ගින්න සැළකිය යුතු ලෙස පාලනය කළ ඹ්නෑම මොහොතක එම නෞකාව ගැඹුරු මුහුද දෙසට ඇදගෙන යාමට සියළු කටයුතු මේ වන විට සූදානම් කර ඇත. දැනට නෞකාව ගොඩබිමට නාවික සැතපුම් 22 කට ආසන්න දුරකින් (කිලෝමීටර 35) දුරකින් රඳවා තබාගෙන ඇත.

Text – sl navy

RSL

Related Posts