යෝජිත වරාය නගර කොමිසම රට ෆෙඩරල් පන්නයේ පාලන ව්‍යුහයකට ගෙනයෑමක් – නීතිඥ ශිරාල් ලක්තිලක
යෝජිත වරාය නගර කොමිසම පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අද දිනයේදීද ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගැනිණ. එහිදී අධිකරණය ඉදරියේ කරුනු දක්වමින් නිතීඥ ශිරාල් ලක්තිලක පවසා සිටියේ යෝජනා කරන කොළඹ වරාය නගර කොමිසමෙහි ව්‍යූහය,බලතල හා කාර්ය පටිපාටිය දෙස බලන කල එය සමාන වන්නේ ෆෙඩරල් පන්නයේ පාලන ව්‍යුහයකට වන බවයි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පෙන්වාදෙන ලද්දේ එය සමානවන්නේ අමරිකා එක්සත් ජනපදය හා පෝටෝරිකෝව අතර …
Continue Reading
විවාහක රූ රැජින කිරුළ 2020: අලුත්ම කතාව
විවාහක ශ්‍රී ලංකා රූ රැජිණ තරගයේදී තමන්ට සිදුවූ අපකීර්තිය සම්බන්ධයෙන් ඉදිරියේදී සිය නීතිඥවරුන් අවශ්‍ය නීතිමය ක්‍රියා මාර්ග ගනු ලබනු ඇති බව විවාහක රූ රැජිණ තරගයේදී සිය කිරුළ අහිමි වූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය අද (06) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළාය. කාන්තාව වෙනුවෙන් පෙනී සිටිමින් ඉදිරියට ශක්තිමත් ලෙස කටයුතු කරන බවත් ඉදිරියේ දී දේශපාලන කටයුතු වලට ද දායකත්වය දක්වන බව ද …
Continue Reading
නැගෙනහිර පර්යන්තය : ආණ්ඩුවේ ව්‍යාජ හඬට රැවටෙනවාද?
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට 99 අවුරුදු බදු ක්‍රමයට ලබාදීම හෝ විකුණා දැමීමට තීරණය කිරීම ඉතිහාසයේ අදූරදර්ශීම තීරණයක් වනු ඇති බව නොඅනුමානය. එනිසාම අප දිගින් දිගටම ලිපි මගින් රාවය පාඨකයාට කියන්නට උත්සහ දරන්නේ මෙය වැළැක්විය යුතු ප්‍රයත්නයක් වන අතර ඊට පළල් ජනතා විරෝධයක්ද අවශ්‍ය බවයි. රට ණය උගුලක පැටලී ඇති බව සත්‍යයය. එය මහජනතාව විසින් මෙතෙක් පත් කරගත් පාලකයන් විසින් …
Continue Reading
ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණයේ පුරෝගාමියාගේ Online Banking වෙනස අත්විදින්න දැන් ඔබටත් අවස්ථාවක්
Covid-19 ගෝලීය ආපදාවත් සමඟ සමාජ, ආර්ථික හා ව්‍යපාරික ව්‍යුහයන් දැඩි වෙනසකට භාජනය වෙමින් පවතී. විශේෂයෙන් ගෝලීය ආපදාවෙන් ආරක්ෂා වීම සඳහා වන එකම හා ප‍්‍රායෝගික ප‍්‍රවේශය වන සමාජ දුරස්ථභාවය පවත්වා ගෙන යාම, එදිනෙදා ගමන් බිමන් හා පොදු පරිසරයේ ගැවසීම හැකිතාක් සීමා කිරීමට සිදුවීම හේතුවෙන් මේ වන විට ව්‍යපාරික ලෝකයේ ‘ඩිජිටල්කරණය’ ප‍්‍රමුඛ අවශ්‍යතාවයක් බවට පත්ව ඇත. මේ තත්ත්වය හමුවේ බැංකු සේවාවන් ද …
Continue Reading
ජනපති ගෝඨාභයගේ වසරක මෙහෙවර සහ යුග දෙකක වෙනස (වීඩියෝ)
-
RSL
-
November 18, 2020
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත්ව වසරක් (2019-2020) ගත වන අද(18) දවසේ එතුමා සහ මින් පෙර ජනාධිපතිධුරය දරූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ (2015-2016) පළමු වසරක ධුර කාලය තුළ රටට සහ ජනතාවට සිදු වූ සේවාවන් සඳහා වෙනස් කම් සම්බන්ධයෙන් සිදුකළ සංසන්දනාත්මක විශ්ලේෂණයකි.
Continue Reading
ජනමතයට නිගරු කරමින් ද්විත්ව පුරවැසියන්ට රටේ පාලනය භාරදීමේ උත්සාහය පරාජය කරමු
වෙනත් රටක පුරවැසිභාවය හිමි පුද්ගලයන්ටද ශ්‍රී ලංකාවේ පාලනයට එක්වීමට හැකිවන ආකාරයට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට රජය දරණ උත්සාහය පිලිබඳව සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය බලවත් විරෝධය පල කරන්නෙමු. රටේ ඉදිරි ආරක්ෂාව හා යහපැවැත්ම පිළිබද අපේක්ෂාවන් ඇති කිසිවෙකුට හෝ එවැනි යෝජනාවකට කිසිසේත්ම එකඟවිය නොහැක. මෙය හැදින්විය හැක්කේ තෝරාගත් එක් පුද්ගලයෙක් හෝ පුද්ගලයන් කිහිපදෙනෙකුගේ අවශ්‍යතාවයක් වෙනුවෙන් රටේ උත්තරීතර නීතිය වෙනස් කිරීමට …
Continue Reading
කුලියාපිටිය ඇතුළු පොලිස් බලප්‍රදේශ 5කට නිරෝධායන ඇඳිරි නීතිය
කුලියාපිටිය, පන්නල , ගිරිඋල්ල, නාරම්මල සහ දුම්මලසූරිය යන පොලිස් බල ප්‍රදේශයන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු නිරෝධායන ඇඳිරිනීතිය පනවනු ලබන බව Covid 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දන්වා සිටියි. කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව පිළිබඳ සලකා බලාල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශ මත වහාම ක්‍රියාත්මක වන පරිදි එම තීරණය ගත් බව එම මධ්‍යස්ථානය වැඩි දුරටත් සඳහන් කළේ. මේ අතර විශේෂ …
Continue Reading
20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට
20 වන ව්‍යවස්ථාවට සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණ තීරණය කථානායක, මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. අද (20) උදෑසන 10ට පාර්ලිමේන්තුව ආරම්භ වු අතර, එහිදී කථානායකවරයා විසින් එම තීරණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එහිදී අදහස් දැක්වු කථානායකවරයා, “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 – 1 ව්‍යවස්ථාව අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ, අභියෝගයට ලක්කරන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැමති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ …
Continue Reading
20 සම්මත කරගෙන ඒකාධිපතියෙකු වෙන්න එපා! – ආණ්ඩුවේ විජේදාස ජනපතිටම කියයි
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවා තිබේ. එම සංශෝධනය තුල ඇති දෝෂ සහගත තත්වන් පිටු 09 ක් තුල දීර්ඝ ලෙස පැහැදිලි කර ඇත. අදාල ලිපිය මෙසේය. 2020 ඔක්තෝබර් 12අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති,ජනාධිපති ලේකම් කාර්යාලය,කොළඹ 01. අතිගරු ජනාධිපතිතුමනි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ …
Continue Reading
20 වන සංශෝධනය එපා; අලුත් ව්‍යාවස්ථාවක් ගෙන එන්න! කතෝලික රදගුරු සම්මේලනයෙන් විශේෂ නිවේදනයක්
20 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට රැගෙන නොයන ලෙසත් නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට මේ අවස්ථාවේ ප්‍රමුඛතාව ලබාදෙන ලෙසත් කතෝලික රදගුරු සම්මේලනය ඉල්ලීමක් කර තිබේ. නිවේදනයක් නිකුත් කරන කතෝලික රදගුරු සම්මේලනය පවසන්නේ, ජනතා පරමාධිපත්‍ය සෑම විටම සුරක්ෂිත විය යුතු අතර 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර පුළුල් ලෙස අධ්‍යයනය කළ යුතු බවයි. සංවරණයකින් හා තුලනයකින් තොරව එක් පුද්ගලයෙකු වටා බලය කේන්ද්‍රගතවීම …
Continue Reading