ශ්‍රී ලංකාව ලොව විශාලතම ඓතිහාසික ව්‍යයසනයක් අභියස! තෙල් නැව පිපුරාගියහොත් මුහුදු තීරයම විනාශයි!

Spread the love

ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළතිරයේ සිට නාවික සැතපුම් 38කට එපිටින් ගිනිගෙන ඇති තෙල් ප්‍රවාහන නෞකාවේ සිටි නාවිකයින් 22 දෙනෙකු මුදාගෙන තිබේ.

එක නැවියෙකු අතුරුදහන්ව ඇති බව නාවික හමුදාවේ ප්‍රකාශක කපිතාන් ඉන්දික සිල්වා බීබීසී සිංහල සේවයට පැවසීය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන පරිදි මෙවැනි විශාල නෞකාවක ගින්නක් නිවීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට හෝ ඉන්දියානු වෙරාලාරක්ෂක සේවයට පහසුකම් නොමැත. එබැවින් තෙල් කාන්දුවක් සිදුවුවහොත් ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ අම්පාර සිට දකුණු වෙරළ තීරයේ හම්බන්තොට දක්වා බරපතල තර්ජනයකට ඇතිවිය හැකි බවට අනුමාන කෙරේ.

නැව ඇති ස්ථානය

“මෙය විශාල නෞකාවක් එය ගිනිගෙන එහි ඇති තෙල් මුහුදට මුදා හරිනු ලැබුවහොත් දැවැන්ත තෙල් කාන්දුවත් සමඟ කටයුතු කිරීමේ තාක්ෂණික හැකියාව ශ්‍රී ලංකාවට නැහැ.. එහෙත් අප එයින් ඇතිවියහැකි ආපදාවට සුදානම් වීමට අවශ්‍ය සියලුම පියවර ගන්නවා. ඒ සදහා අදාළ සියලුම පාර්ශව සමග හමුවක් හෙට උදැසන 8.30ට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවැත්වීමට කටයුතු කර තිබෙනවා,” යැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මේජර් ජනරාල් සුදන්ත රණසිංහ බීබීසී සිංහල සේවයට පැවසීය.

2px presentational grey line

ගිනිගත් නැව කුමක් ද?

එම් ටී නිව් ඩයමන්ඩ් (MT New Diamond – Crude Oil Tanker)

තෙල් නැව
  • 2000 වසරේදී නිපදවූවකි.
  • පැනමා හි ලියාපදිංචි කර තිබේ.
  • දිගින් මීටර 333 කි.
  • අනතුර සිදුවන අවස්ථාවේදී කුවේට් හි මීනා අල් අහ්මදි වරායේ සිට ඉන්දියාවේ ඔඩිෂා හි පරදිප් වරාය බලා යාත්‍රා කරමින් තිබිණි.
  • නෞකාව තුළ බොරතෙල් මෙට්‍රික් ටොන් 270000 ක් සහ ඩිසල් මෙට්‍රික් ටොන් 1700 ක් වූ බව නාවික හමුදාව පැවසීය.

මූලාශ්‍ර: නාවික හමුදාව, marinetraffic.com

2px presentational grey line

නෞකාවේ ඇති බොරතෙල් හා ඩීසල් කාන්දු වුවහොත් ඇතිවිය හැකි විශාල ව්‍යසනයකට තනිව මුහුණ දීමට ශ්‍රී ලංකාවට නොහැකි වනු ඇති බව ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පාරිසරික ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි දර්ශනි ලහන්දපුර බීබීසී සිංහල සේවයට පැවසුවාය.

“කාන්දුවක් ඇති උවහොත් මෙය මේ කලාපයේ ඇතිවූ විශාලම තෙල් කාන්දුව විය හැකියි, පරිසරයට ඉන් එල්ල වන බලපෑම අපට මනින්න බැහැ. ඒසදහා අපට ගත හැකි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා.” ඇය පැවසීය.

තෙල් කාන්දුවක් ඇති වුවහොත් එය වෙරළ කරා ළඟාවීමට පැය තිහක පමණ කාලයක් ගතවන බව ගණන්බල ඇතැයි පැවසූ ඇය එහිදී ඉතා සංවේදී පරිසර කලාප ආරක්ෂාකරගැනීමට වැඩි අවධානයක් යොමු කරන බව කීය. හැකිනම් නැව ගැඹුරු මුහුදට රැගෙන යාමට කටයුතු කරන බව ද ඇය සඳහන් කළාය.

“දැනටමත් ගැඹුරු මුහුදට නැව ඇදගෙන යන්න ටග් බෝට්ටු දෙකක් පිටත්කර යැවුවා.” යැයි ඇය කියා සිටියාය.

එහෙත් නාවික විශේෂඥයින්ට අනුව මෙවැනි විශාල නැවක් පවතින තත්ත්වය හමුවේ ගැඹුරු මුහුදට ඇදගෙන යාමට තරම් ශ්‍රී ලංකාවට පහසුකම් නොමැත.

මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා දකුණු ආසියානු කලාපීය මෙන්ම ජාත්‍යන්තර සංවිධාන සමඟ සම්බන්ධීකරණය කෙරෙන බව සමුද්‍රීය පාරිසරික ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය සඳහන් කළාය.

“බොරතෙල් කාන්දු වීම වැළැක්වීම සඳහා අපි දැනටමත් උපකරණ සහ අනෙකුත් සම්පත් සූදානම් කර ඇති අතර ඒවා වහාම හම්බන්තොට හා ත්‍රිකුණාමලය වරාය වෙත යැවීමට කටයුතු කළා.”

Text by – bbc sandesaya

RSL

Related Posts