රට පුරා ඇදිරි නීතිය පනවයි…

රට පුරා ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ අද පස්වරු 6.00 ට පනවන ඇඳිරි නීතිය 04 වැනි සඳුදා අලුයම 6.00 දක්වා ක්‍රියාත්මක වන බවයි. මෙම තත්වයත් සමග හෙට දිනයේ රට පුරා නගරවල පැවැත්වීමට Whatsapp ඔස්සේ සංවිධානය වෙමින් තිබූ විරෝධතාවන් සියල්ල අත්හිටුවීමට සිදුවෙයි. lanka C news

Continue Reading

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ශ්‍රී ලංකා ජනාධිපති සහ අගමැති හමුවෙයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සඳුදා ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවී ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාවේ සමීප සබඳතාවයේ විවිධ මානයන් සමාලෝචනය කළේය. ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය ජී එල් පීරිස් මහතාගේ ආරාධනයකට අනුව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ජයිශංකර් තෙදින සංචාරයක් සඳහා කොළඹට පැමිණ ඇත. ජයිශංකර් ට්වීටර් මාලාවක් හරහා දිවා කාලයේ ඔහුගේ විවිධ නියැලීම් විස්තර කළේය. “ශ්‍රී …

Continue Reading

ශ්‍රී ලාංකික සරණාගතයන් හේතුවෙන් තමිල්නාඩු වෙරළ ආරක්ෂාව තර කෙරේ

ශ්‍රී ලංකා සරණාගතයන් විශාල වශයෙන් ඉන්දියාවේ තමිල්නාඩුව වෙත පැමිණීම වැළැක්වීම සඳහා තමිල්නාඩු පොලිසිය ඉන්දීය වෙරළ ආරක්ෂකයන් සමග එකතු වී තමිල්නාඩු වෙරළේ ආරක්ෂාව තර කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඉදිරියේදී ඇති විය හැකි සරණාගත අර්බුදය පිළිබඳ තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ ස්ටාලින් ඉන්දියානු මධ්‍යම රජයට ද දැනුම් දී ඇති බව එම මාධ්‍ය වාර්තා කරනවා. තමිල්නාඩු මුහුදේ සැකකටයුතු යමක් දුටුවහොත් වහාම …

Continue Reading

ජාතික රුක් රෝපණ නැකතට ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිත් එක් වෙයි

පරිසර අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ වන ආවරණය ඉහළ නැංවිම සඳහා ආරම්භ කර තිබෙන හුස්ම දෙන තුරු ජාතික රුක් රෝපණ වැඩ සටහන අතිශයින්ම අගය කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිෂුකෝෂි හිදේකී (Mizukoshi Hideaki) මහතා පැවසීය. ඊයේ (24) පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා අතර සාකච්ඡාවක් අමාත්‍යවරයාගේ නිල නිවසේ දී පැවැත්විනි. එම අවස්ථාවේ ශ්‍රී ලංකාව අන්තර්ජාතික පාරිසරික …

Continue Reading

ජනාධිපති විමර්ශන කොමිසම් වාර්තාවට අභියෝග කළ පාඨලීගේ පෙත්සම අද අභියාචනාධිකරණයේදී විභාගයට

වර්ථමාන රජය විසින් යහපාලන රජය සමයේ සිදුකරන ලද්දේ යයි කියන දේශපාලන පලිගැනීම් පිලිබඳව සොයා බැලීම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු උපාලි අබේරත්න මහතා තවත් සාමාජිකයන් දෙදෙනකුගෙන් සමන්විත ජනාධිපති විමර්ශන කොමිසමක් ජනාධිපති විසින් පත් කරන ලද අතර එම කොමිසමේ නිගමන 2020 වසරේදී එලිදක්වන ලදී. ජනාධිපති වරයා විසින් ඉහත උපාලි අබේරත්න කොමිසන් සභා නිගමන මත නිරාවරනය වන පුද්ගලයන්ට නිසි දඬුවම් කිරීමට සුදුසුදැයි සොයා …

Continue Reading

ජාත්‍යන්තර සමූපකාර දිනය සමරයි

ලොව පුරා ව්‍යාප්තව පවතින ප‍්‍රමුඛතම සමාජ සුබසාධන ව්‍යාපාරයක් වන සමූපකාර ව්‍යාපාරය සිය 99 වැනි සංවත්සරය උත්සවාකාරයෙන් සැමරූ අතර ඊට සමගාමීව සණස සමිති, සණස ලයිෆ් ඉන්ෂුවරන්ස්, සණස ජෙනරල් ඉන්ෂුවරන්ස්, සණස සංවර්ධන බැංකුව ඇතුළු මෙරට සණස සමූහ ව්‍යාපාරයට අයත් ආයතනද ජාත්‍යන්තර සමූපකාර දිනය අභිමානවත් ලෙස සැමරීය. ‘‘එක්වී මනාව යළි ගොඩ නැගෙමු’’ යන තේමාව ඔස්සේ මෙවර ජාත්‍යන්තර සමූපකාර දිනය පැවැත්විණි. රටවල් 112ක් ජාත්‍යන්තර …

Continue Reading

2022 ඇයවැයෙන් සෞඛ්‍ය වියදම්වල දැවැන්ත කප්පාදුවක් – ආරක්ෂාවට රජ සැලකිලි

2022 අයවැය ලේඛනයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ ජනපතිවරයාට වෙන්කර ඇති ප්‍රතිපාදන පහළ දමා ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂ රුපියල් බිලියන 355 සිට 373 දක්වා ඉහළ දමා ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සදහන් කළ බව ‘ලංකාදී‘ ඊ පුවත්පත සදහන් කරයි. 2022 දී ද වැඩිම මුදලක් වෙන්කර ඇති අමාත්‍යාංශය ආරක්ෂක අමාත්‍යාංශය වන බවත් මහා මාර්ග අමාත්‍යාංශයේ වැය ශීර්ෂය බිලියන 250.1ක් බවත් එම වාර්තා වේ …

Continue Reading

ශ්‍රීලනිපයෙන් නව දේශපාලන සන්ධානයක්..!

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයක් පිහිටුවීම සඳහා පක්ෂ මධ්‍යමකාරක සභාව තීරණයකර ඇති බව එහි ජ්‍යෙෂ්ඨ උපසභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි. මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ ඒ සඳහා සියලු ප්‍රගතිශිලි දේශපාලන බලවේග සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බවය. “අපි තීරණය කරනු ලැබුවා පක්ෂයේ ඉදිරි ගමන් මාර්ගය මොන වගේද, විකල්ප ආණ්ඩුවක් සඳහා පක්ෂය ගොඩනගන්නේ කොහොමද, …

Continue Reading

ෆයිසර් එන්නත මිලිටරීකරණයට එරෙහිව GMOA දැඩි විරෝධය (වීඩියෝ)

යුද හමුදාවට එන්නත්කරණය සම්බන්ධ පූර්ණ බලය ලබා දීමේ තීරණය පිළිබදව සිය සංගමය දැඩි විරෝධය පළ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (30) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මගින් අවධාරණය කරයි. මෙම අවිධිමත් වැඩපිළිවෙළ හැකි ඉක්මනින් නිවැරදි කිරීමට අවශ්‍ය කටයුතු ගන්නා ලෙස ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යවරයා ලිඛිතව දැනුවත් කිරීමට තම සංගමය අද දින කටයුතු කළ බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් …

Continue Reading

කොළඹ යළි දැඩි අවදානමක! සෞඛ්‍යය අංශ අනතුරු අඟවති

මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගෙන් සියයට 20ත් 30ත් අතර ප්‍රතිශතයක් ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයින් විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ ආසාදිතයින්ගෙන් ලබාගත් වෛරස නියැදි පරීක්ෂා කිරීමෙන් මේ බව අනාවරණය වන බවය. “මේ ප්‍රභේද පිළිබඳ තොරතුරු අපි සොයා ගන්නේ, සාම්පල්වලින් විතරයි. පීසීආර් පොසිටිව් වෙන සෑම රෝගියෙකුට ම …

Continue Reading