2022 ඇයවැයෙන් සෞඛ්‍ය වියදම්වල දැවැන්ත කප්පාදුවක් – ආරක්ෂාවට රජ සැලකිලි

Spread the love

2022 අයවැය ලේඛනයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ ජනපතිවරයාට වෙන්කර ඇති ප්‍රතිපාදන පහළ දමා ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂ රුපියල් බිලියන 355 සිට 373 දක්වා ඉහළ දමා ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සදහන් කළ බව ‘ලංකාදී‘ ඊ පුවත්පත සදහන් කරයි.

2022 දී ද වැඩිම මුදලක් වෙන්කර ඇති අමාත්‍යාංශය ආරක්ෂක අමාත්‍යාංශය වන බවත් මහා මාර්ග අමාත්‍යාංශයේ වැය ශීර්ෂය බිලියන 250.1ක් බවත් එම වාර්තා වේ වැඩි දුරටත් සදහන් වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ රුපියල් බිලියන 153.6ක් වන අතර එය 2021ට සාපේක්ෂව බිලියන 6ක අඩුවක් බවයි වාර්තා වන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ රුපියල් බිලියන 126.5 සිට 127.6 දක්වා ඉහළ දමා ඇති අතර රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය රුපියල් බිලියන 286.7කි.

2022 වසර සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පතට අනුව රජයේ මුළු වියදම රුපියල් බිලියන 2505.3ක් වන අතර ඉන් බිලියන 1776ක් වෙන්වන්නේ පුනරාවර්තන වියදම් සඳහාය.

මේ අතර 2022 වසරේ රජයේ වියදම රුපියල් කෝටි 3300කින් අඩුවනු ඇති බව ද එම වාර්තාව වැඩි දුරටත් කියයි.

Related Posts