කුරුළු උණ යළිත් හිස ඔසවයි

කුරුලු උණ යළිත් ආසියානු කලාපය තුළ පැතිර යමින් පවතින බවට එක්‌සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු හඟවයි. විශේෂයෙන්ම චීනය, වියට්‌නාමය, තායිලන්තය, මලයාසියාව හා කාම්බෝජය යන රටවල මෙය පැතිර යැම ආරම්භව ඇති අතර මේ වන විට අටදෙනකු කුරුලු උණ රෝගයෙන් මේ වසරේ මියගොස්‌...

ජපානයේ නව අගමැති යොෂිහිකෝ නෝඩෝ

ජපානයේ පාලක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර පැවති දෙවන වටයේ නායකත්ව ඡන්ද විමසීමෙන් ජය ලබමින් ජපාන මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස මුදල් අමාත්‍ය යොෂිහිකෝ නෝඩෝ අද (30 අගෝ.) තේරී පත්විය. යෝෂිහිකෝ නෝඩෝ වසර 5ක් තුළ ජපානයේ තෝරාගනු ලැබූ 6වෙනි අග්‍රාමාත්‍යවරයා වේ. ජපානයේ නව...

නයිජීරියාවේ ජල ගැලීම්වලින් ජීවිත හානි වැඩිවේ

නයිජීරියාවේ ජල ගැලීම්වලින් පුද්ගලයින් 98දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. ජාත්‍යන්තර රතු කුරුස කමිටුව පැවසුවේ එරට ඉබාදාන් නගරයේදි මේ ජීවිත හානි සිදුව ඇති අතර සහන සේවකයින් සිරුරු සෙවීමේ කාර්යයේ නිරතව සිටින බවයි. ජල ගැලීම් හේතුවෙන් 2,000 ක පමණ පිරිසක් ඉබාදාන් නගර‍යේ අවතැන්ව සිටී.

ලිබියාවේ ට්‍රිපෝලි නගරයේ බෙහෙත්,ආහාර,ඉන්ධන සහ ජල හිඟයක්‌

ලිබියාවේ ට්‍රිපෝලි අගනුවර රෝහල්වල බෙහෙත් හිඟවීමත් එම නගරයේ ජනතාවට ආහාර, ජලය, ඉන්ධන හිඟවීමත් නිසා එහි විශාල මානුෂික අර්බුදයක්‌ උද්ගතව ඇතැයි වාර්තා වේ. මේ හේතුව නිසා ජාත්‍යන්තර ප්‍රජාව ලිබියාවට ආධාර කළ යුතු බව එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් නිවේදනයක්‌...

අයිරීන් කුණාටුවෙන් ඇමරිකාවට දැඩි හානි, 18 ක් මරුට; ශ්‍රී ලාංකිකයින්ට මෙතෙක් අනතුරක් නැහැ

ඇමරිකාවේ නැඟෙනහිර වෙරළබඩ පෙදෙස් හරහා හමා යන අයිරින් සුළි කුණාටුව නිසා එම ප්‍රදේශවල විදුලිය බිඳවැටී ඇති අතර, මේ වන විට 18 දෙනෙකු මරණයට පත්වී ඇති බවත් වාර්තාවේ. එසේම එම පෙදෙස්වලට සිදුවිය හැකි හානිය ඩොලර් බිලියන 10ක් පමණ විය හැකි බවටද වාර්තා වේ. නිව්...

අල්කයිඩා සංවිධානයේ දෙවැන්නා ඝාතනය කෙරේ

අල්කයිඩා  සංවිධානයේ මෙහෙයුම් ප්‍රධානී අටියා අබ්ඩ් අල් රහමාන් පසුගිය 22වනදා පාකිස්ථානයේදි ඝාතනය කර තිබේ. පාකිස්තානයේ ඇෆ්ගන් දේශ සීමා ප‍්‍රදේශයේ පිහිටි ගෝති‍්‍රක වසිරිස්ථාන් ප‍්‍රාන්තයේදී අල්කයිඩා සංවිධානයේ දෙවැන්නා ලෙස සැලකෙන අටියා අබ්ද් අල් රහමාන් ඝාතනය කෙරුණු බව ඇමරිකා එක්සත් ජනපදය ප‍්‍රකාශ කරයි....

ඉන්දීය අගමැති රජීව් ඝාතකයින්ට මරණ දඬුවම

හින්දු පුවත්පත වාර්තා කරන ආකාරයට ඉන්දීය හිටපු අගමැති රජීව් ගාන්ධි මහතා ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන්ව සිටින මුරුගන්, සාන්තන් සහ පෙරරිවාලන් මරණීය දණඩනයට ලක්කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇතැයි වාර්තා වේ. මෙම කටයුතු ආරම්භ කර ඇත්තේ, එම වරදකරුවන් තිදෙනා...

ගඩාෆිගේ හිසට මිලක් නියම වේ

ලිබියානු කැරළිකරුවන් කර්නල් මුවම්මර් ගඩාෆිගේ හිසට මිලක් නියම කර තිබේ. කරළිකරුවන්ගේ ජාතික කවුන්සිලයේ ප්‍රධානී මුස්තාපා අබ්ඩෙල් ජලීල් ප්‍රකාශ කළේ, ගඩාෆිගේ සිරුර හෝ ඔහු පණපිටින් හෝ රැගෙන එන්නකුට ඇමරිකානු ඩොලර් මිලියන 1.7ක ත්‍යාගයක් පිනමන බවයි. කර්නල් ගඩාෆිගේ සමීපතමයකු මෙම ක්‍රියාව කරන්නේ...

කර්නල් මුවමර් ගඩාෆිගේ නිවස්නය වටා දරුණු සටන්

ලිබියානු නායක කර්නල් මුවමර් ගඩාෆිගේ ට්‍රිපෝලි අගනුවර පිහිටි නිවස්නය වටා දරුණු සටන් පවතී. වසර 41 පුරා ලිබියාව පාලනය කළ මුවමර් ගඩාෆි අවධාරණය කළේ තමා ට්‍රිපෝලි අගනුවර හැර නොයන බවයි. ඔහු ට්‍රිපෝලි වැසියන්ගෙන් ඉල්ලා සිටියේ අවසානය තෙක් සටන් කරන ලෙසයි. ට්‍රිපෝලි...

85 වැනි ජන්ම දිනය සමරන ෆිදෙල් කැස්ත්‍රෝ

කියුබානු විප්ලවයේ නියමුවා වන ෆිදෙල් කැස්ත්‍රෝගේ 85 වැනි ජන්ම දිනය පසුගිය දා (13 අගෝ. සෙනසුරාදා) යෙදී තිබිණි. සිය දේශපාලන නායකයාගේ උපන්දිනය නිමිත්තෙන් කියුබානු ජනතාව විසින් පසුගිය සතිය පුරාම උත්සව සංවිධානය කර තිබිණි. මේ නිමිත්තෙන් ප්‍රදර්ශන, විවිධ ප්‍රසංග ඇතුළු උත්සව ගණනාවක්...
Loading posts...

All posts loaded

No more posts