යේමනයේ ජනාධිපති නැවත සියරට බලා පැමිණෙයි

Spread the love

බී.බී.සී. පුවත් සේවය සඳහන්
කරන්නේ යේමනයේ සලෙහ් අගනුවර
උද්ඝෝෂණයේ නිරත වූවන්පිරිසකට
එරට රජයේ ආරක්‍ෂක අංශ විසින්
කරන ලද වෙඩි තැබීමකින්
උද්ඝෝෂකයන් 13 දෙනෙකට වැඩි
පිරිසක් මියගොස් ඇති බවයි.

මේ අතර, පසුගිය ජුනි මාසයේදී
යේමන ජනාධිපති මැදුර ඉදිරිපිට සිදුවූ බෝම්බ ප‍්‍රහාරයෙන් තුවාල ලැබීමෙන් පසුව
සෞදි අරාබිය බලා ගිය යේමන් ජනාධිපති අලි අබ්දුල්ලා සලෙහ් යළිත් සිය රටට
පැමිණ ඇතැයි වාර්තා වේ.

සලෙහ් ගේ තිස් වසරක පාලනය අවසන් කරන මෙන් ඉල්ලා පසුගිය මාස ගණනාවක්
පුරාවටම යේමනයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ පැවැත්විණි.
 

RSL

Related Posts