දරුණු ගංවතුරෙන් නැගෙනහිර ඉන්දියාවේ 60 දෙනෙකුට අධික පිරිසක් මරුට

Spread the love

නැගෙනහිර ඉන්දියාවේ දරුණු ගංවතුරකින් පුද්ගලයන් 60 දෙනෙක් පමණ මිය ගොස් මිලියනයකට අධික පිරිසක් පීඩාවට පත්ව ඇතැයි එරට බලධාරීහු පවසති.
දේශීය මෙන්ම ජාත්‍යන්තර ආධාර නියෝජිතායතන දැනටමත් දැවැන්ත සහන සැපයීමේ ක්‍රියාදාමයක් අරඹා තිබේ. මියගිය අය අතුරින් 28 දෙනකු උත්තර ප්‍රදේශ වැසියන් බවත් එහි ගංගා පිටාර ගැලීමට පටන්ගෙන ඇති බවත් වාර්තා වේ. ඔරිස්සා ප්‍රාන්තයේ 150,000ක් පමණ ජනතාව ආරක්ෂක ස්ථාන කරා ගෙන ගිය බව සහනාධාර විශේෂ කොමසාරිස් පී. කේ. හොපාත්‍රා පවසයි.
හෙලිකොප්ටර පහක් යොදාගෙන අවතැන්වූවනට අත්‍යවශ්‍ය ආහාර සැපයීම ආරම්භකර ඇත. මේ ප්‍රදේශය තුළ සහනාධාර මධ්‍යස්ථාන 260 ක් ද පිහිටුවා ඇතැයි සඳහන්. රතු කුරුස සංවිධානය විසින් තාර ෂීට් 5000, මුළුතැන්ගේ උපකරණ කට්ටල 2000 ක්, බාල්දි 15000 ක් ද සරණාගතයන්ට බෙදාහැර ඇත. මේ දරුණු ගංවතුර හටගෙන ඇත්තේ මෝසම් කාලය අවසානයේ දී ඇද හැළෙමින් පවතින ධාරානිපාත වර්ෂාව නිසා බව බලධාරීහු පවසති.

RSL

Related Posts