නිශ්ශබ්දව නොසිටින ලෙස බිෂොප් චිකේරා එක්සත් රාජධානියට පැවසුවා – පැටී‍්‍රෂියා බුටේනිස්

Spread the love

විකිලීස් වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට මානව හිමිකම් අයිතීන් තහවුරු කිරීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවේ තත්ත්වය පිළිබඳව නිශ්ශබ්දව නොසිට අදහස් ප‍්‍රකාශ කරන්නැයි හිටපු ලංකා සභාවේ කොළඹ දියෝකීසියේ බිෂොප් දුලිප් ඩි චිකේරා ඇමෙරිකානු තානාපතිනී පැටී‍්‍රෂියා බුටේනිස්ගෙන් ඉල්ලා සිටි බවට අනාවරණය කොට තිබේ.
මේ සම්බන්ධයෙන් වාර්තාවක් සඳහන් කරන්නේ පසුගිය වසරේ පෙබරවාරි 26 වැනිදා තානාපතිවරිය එම කේබලය රාජ්‍ය දෙපාර්තමේන්තුවට යවා ඇති බවයි.
කෙසේ වෙතත්, විවේචනයක් ලෙසින් නොව ඇමෙරිකාවේ ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගැනීමක් ගෙනහැර දක්වන ලෙසින් එම අදහස් පළ වියයුතු බව බිෂොප්වරයා පවසා තිබේ.
ලංකාව කලක් යටත් විජිතයක්ව පැවතීම හේතුවෙන් ගුරුහරුකම් ලබාගැනීමට ලාංකිකයින් අකමැති බව ද ඔහු කියා ඇත.
හරි හෝ වැරදි හෝ වේවා ජනාධිපති රාජපක්‍ෂ යනු ජාත්‍යන්තරයෙන් එල්ල වන බලපෑම්වලට එරෙහිව නැඟී සිටින පුද්ගලයෙකු ලෙසින් සිංහල ජනතාව දකින බව ද බිෂොප්වරයා පවසා තිබේ.

RSL

Related Posts