ගඩාෆිගේ දේහය මිහිදන් කෙරේ

Spread the love

ඝාතනයට ලක්වූ ලිබියාවේ හිටපු නායක කර්නල් මුවම්මර් අල් ගඩාෆිගේ දේහය මූටා ටසීම් කාන්තාරයේදී ඊයේ (25 ඔක්.) උදෑසන මිහිදන් කර තිබේ.

එරට අන්තර්වාර කවුන්සිලයේ ප‍්‍රකාශක ගුවා අල් ගමාටි සඳහන් කළේ ඝාතනයට ලක්වු එරට නායක කර්නල් ගඩාෆිගේ ඥාතීන් කිහිප දෙනෙකු සහ අන්තර්වාර කවුන්සිලයේ නිලධාරීන් කිහිප දෙනෙකු එම අවස්ථාවට සහභාගී වූ බවයි.

හිටපු නායකයාගේ පවුලේ ඥාතීන් ඔහු උපන් සර්ට් නගරයෙ දේහය මිහිදන් කරන ලෙස ඉල්ලා සිටියද එම ඉල්ලීම අන්තර්වාර කවුන්සිලය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

ගඩාෆිගේ සිරුර කාන්තාරයේ ඉතා රහසිගත ස්ථානයක මිහිදන් කොට ඇත්තේ අනාගතයේ ගරුබුහුමන්වලට ලක්වීම වැළැක්වීම සදහා බව වාර්තාවේ.

ඝාතනයට ලක්වූ ලිබියානු නායකයාගේ සිරුර මිස්රාටා නුවර ශීතාගාරයක ප්‍රදර්ශනය සඳහා තැන්පත් කර තිබූ අතර සිරුර දියවී යාමට පටන් ගැනීමත් සමඟ ගඩාෆි විරෝධීන්ට එම සිරුර තවදුරටත් ප්‍රදර්ශනය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව විය.

කෙසේ නමුත් ගඩාෆි ජීවග්‍රහණයෙන් අල්ලාගැනීමෙන් අනතුරුව ඝාතනය කිරීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වන ලෙස අන්තර්ජාතික ප්‍රජාවගෙන් එල්ලවන බලපෑම්වලට ලිබියානු අන්තර්වාර පාලන මණ්ඩලයට මුහුණ දීමට මේවන විට සිදුව ඇති බවද වාර්තා වේ.

RSL

Related Posts