බවුන් වැඩි එහිමි ඥානසාර යදම් බිඳින්නට අධිකරණයට වැඩිසේක!

මෙතෙක් දිනක් අතුරුදන්ව අධිකරණය මඟහරිමින් සිට ආරක්ෂාව සහතික වන තුරු බවුන් වඩමින් සිටින බවට වාර්තා වුණු බොදුබල සේනා සංවිධානයේ මහලේකම් එහිමි ඥානසාර අධිකරණයට බාරවී තිබේ. අධිකරණය හමුවේ පෙනී නොසිටි වරදට වරෙන්තු නිකුත් කර සිටි ඥානසාර හිමියන් අද (21) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට බාරව ඇත. තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා උන්වහන්සේ විසින් ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සමද, අද …

Continue Reading

මම ජනාධිපති වෙලා ඉන්නකම් කුණු අදින්න හමුදාව යොදවන්නේ නෑ – ජනපති

තමා ජනාධිපතිවරයා ලෙස සිටින තාක් හමුදාව කුණු අදින්න යොදා නොගන්නා බවත්, එසේ කරන්නට අදහසක්වත් තමාට නොතිබූ බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. කුණු ප්‍රශ්නය ඇතුළු ජනතාවට පොදුවේ බලපාන උග්‍ර ප්‍රශ්න විසඳීම සඳහා අදාළ ආයතනයන්ට උපදෙස් දී තිබෙන අතර එම උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක කෙරෙන්නේ දැයි අධීක්ෂණය කිරීම සඳහා පමණක් හමුදාව යොදාගන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ …

Continue Reading

බස් ගාස්තු 6.28% කින් ඉහළට

2017 ජූලි මස 01 වන දා සිට බස් ගාස්තුව සියයට 6 දශම 28 කින් වැඩි කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. ඒ අනුව අදාළ දින සිට අවම ගාස්තුව රුපියල් 9 සිට රුපියල් 10 දක්වා වැඩි කිරීමට ප‍්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Continue Reading

දුම්රිය වර්ජනය නවතියි

අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා සමඟ සිදු කරනු ලැබූ සාකච්ඡාවකින් අනතුරුව අද(20) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු දුම්රිය වර්ජනය නවතා දැමූ බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසයි. ඉල්ලීම් 8 ක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන් අද (20)මධ්‍යම රාත්‍රීයේ සිට වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබු අතර ඒ සඳහා දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ සහය ද හිමි වී තිබිණි.

Continue Reading

‘වෙන දේ බලා ගනිව්!’ පෝද්දල ජයන්ත රෙජීමයක භීෂණය හෙළි කරයි

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ හිටපු සභාපති පෝද්දල ජයන්ත අද (2017 ජුනි 20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළේය. පසුගිය රජය සමයේ පැහැරගෙන ගොස් අමානුෂික ලෙස වද දී අත පය කඩා දැමීම ගැන විමර්ශනයක් ඉල්ලා මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මෙසේ රහස් පොලිසියට ගියේය. ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය තවත් මාධ්‍ය සංවිධාන කිහිපයක් සහ සමාජ ක්‍රියාකාරීන් පිරිසක් සමඟ ඔහු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට …

Continue Reading

අර්ජුන් යට ගැසූ මුදල් මණ්‌ඩල පත්‍රිකාව විගණාකාධිපති අතට ගෙන බැඳුම්කර කොල්ලය ඇල්ලු හැටි

ශ්‍රී ලංකා මහ බැංකුවේ ඕනෑම මුදල් මණ්‌ඩල පත්‍රිකාවක්‌ පරීක්‍ෂා කිරීමේ බලය රජයේ විගණකාධිපතිට ඇතැයි රජයේ විගණකාධිපති ගාමිණී විඡේසිංහ මහතා ඊයේ (19 දා) ජනාධිපති බැඳුම්කර කොමිසමේ දී හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චානක ද සිල්වා මහතා විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කීවේය. මහ බැංකු මුදල් මණ්‌ඩල පත්‍රිකාවක්‌ ගැන සඳහන් කරමින් ඔබ කොහොමද මේ ලේඛනය ගෙන්වා …

Continue Reading

පොලිසියේ 600 ක්‌ සමූල ඝාතනය කළේ කරුණා අම්මාන් බව පළමුවරට පිළිගනී

පොලිස්‌ භටයන් 600 ක්‌ සමූල ඝාතනය කළේ නැගෙනහිර කොටි නායකයාව සිටි කරුණා බව ප්‍රකට කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරිකයකු වන පෝල් නිව්ටන් ඊයේ (19 දා) මුල් වරට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී අනාවරණය කළේය. කොටි සංවිධානය විසින් පොලිස්‌ භටයන් 600 ක්‌ මරා දැමූ බව පිළිගත් මුල් අවස්ථාව මෙය බවට වාර්තාවේ. කොටි සංවිධානය වසර 27 කට පෙර පොලිස්‌ භටයන් 600 ක්‌ මරා දැමූ සොහොන් …

Continue Reading

පී. හැරිසන් ජනතා මුදල් අවභාවිතා කළ බවට FCIDයට පැමිණිල්ලක්

ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ ඇමති පී. හැරිසන් මහතා විසින් ජනතා මුදල් අවභාවිතයක යෙදෙන බවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විසින් අද (19) පෙරවරුවේ දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. එම අවස්ථාවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සහ එහි ලේකම් ටී.බී. සරත් මහතා ඇතුළු පිරිසක් එක් වී සිටියහ. පී. හැරිසන් ඇමතිවරයා නීති රෙගුලාසි උල්ලංඝණය කරමින් නියමිත ඉන්ධන …

Continue Reading

විමල්ගේ කුප්‍රකට ගැහිලි ගැන පරීක්ෂණ ගොනු නීතිපතිවරයා අතට (වීඩියෝ)

රාජපක්ෂ රෙජීම පාලන කාලය තුළ වාහන අවභාවිත කර රජයට රුපියල් කෝටි 09 කට අධික පාඩුවක් සිදු කළ බවට වන චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහි පරීක්ෂණ ගොනු නීතිපතිවරයා වෙත යොමු කර තිබේ. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී ඒ පිළිබඳ නඩුව අද(19) කැඳවූ අවස්ථාවේදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය දැනුම්දි ඇත්තේ අදාළ චෝදනා සම්බන්ධයෙන් පරික්ෂණ අවසන් කර ඇති බවය. ඒ …

Continue Reading

සම්බන්දන් – විග්නේෂ්වරන් ගැටෙති

සිදුකළ වරද වහාම නිවැරැදි කරන මෙන් ඉල්ලමින් විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතා උතුරු පළාත් මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් මහතාට ලිපියක්‌ යවා ඇත. උතුරු මහ ඇමැතිවරයා විසින් පත්කරනු ලැබූ පරීක්‍ෂණ මණ්‌ඩලයක්‌ මගින් වරදකරුවන් නොකරනු ලැබූ ඇමැතිවරුන් දෙදෙනකුට දඬුවම් ක්‍රියාමාර්ග ගන්නා බවට කළ ප්‍රකාශ නිවැරැදි කරන මෙන් මෙහිදී විපක්‍ෂ නායකවරයා සී. වී. විග්නේෂ්වරන් මහතාට දන්වා ඇත. අසමගිය හා බාධාවන් ප්‍රවර්ධනය වන අත්තනෝමතික ක්‍රියාවන් …

Continue Reading