ශ්‍රි ලංකා පත්‍ර කලා සංගමයේ 62 වැනි සංවත්සරය ජනපති ප්‍රධානත්වයෙන් අද

ශ්‍රී ලංකාවේ පුරෝගාමි හා ප්‍රධාන මාධ්‍ය සංවිධානය වන ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ 62 වැනි සංවත්සර උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අද (11 වැනි සඳුදා ) පස්වරු 4 .00 ට පවත්වන්නට කටයුතු යොදා තිබේ. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග , මහනගර සහ බස්නාහිර …

Continue Reading

දුම්රිය වර්ජකයන්ට දුන් කාලය අද දවල් 12න් ඉවරයි. නාවොත් රැකියාවෙන් දොට්‌ට

අද (11 වැනිදා) දහවල් 12.00 ට පෙර සේවයට වාර්තා නොකළහොත් වර්ජනයේ නිරත සියලුම දුම්රිය සේවකයන් සේවය අතහැර ගියා සේ සැලකීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර ඇත. ඉල්ලීම් කිහිපයක්‌ මුල්කරගෙන ඉකුත් 07 වැනිදා සිට ලොකොමොටිව් දුම්රිය රියෑදුරු වෘත්තීය සමිතිය ආරම්භ කළ වැඩවර්ජනයට සහාය දක්‌වමින් දුම්රිය නියාමකවරු, දුම්රිය පාලකවරු සහ දුම්රිය ස්‌ථානාධිපතිවරු ද වර්ජනයට එක්‌ව සිටිති. අදාළ ඉල්ලීම සම්බන්ධව දුම්රිය වෘත්තීය සමිති 12 …

Continue Reading

බැසිල් – රනිල් ඩීල් එක හෙළිවෙයි! මෙන්න සාක්ෂි (Exclusive)

රාජපක්ෂ රෙජීමයේ දේශපාලන සහ ඩීල් අංශය භාර අමෙරිකානු පුරවැසි කුප්‍රකට බැසිල් රාජපක්ෂ එක්සත් ජාතික පක්ෂයේ බළල් අතක් බවට කලක සිට අභ්‍යන්තර දේශපාලනය තුළ සාකච්ඡාවට බඳුන් වී තිබුණද ඊට සැලකිය යුතු තරමේ සාක්ෂි මෙතෙක් අනාවරණය වී නොතිබුණි. එහෙත් පසුගිය දා සිදු වූ සිදුවීමක් සමඟ මෙය අපට කරුණු සාක්ෂි සහිතව ඔප්පු කිරීමට හැකියාව ලැබී ඇත. පසුගිය ජනාධිපතිවරණයේ නාමයෝජනා භාරදීමත් සමඟම මහින්දට සහය …

Continue Reading

චීන රජයෙන් අපිට ලැබෙන ලොකුම තෑග්ග (Video)

අපේ රටේ දිස්ත්‍රික්ක 19ක ජීවත්වෙන 90,000ක් පමණ වූ වකුගඩු රෝගීන්ගේ හා ඔවුන්ගේ පවුල්වල ලක්ෂ 4ක් පමණ වූ සාමාජික සාමාජිකාවන්ගේ හිතට සහනයක් ගෙනෙන දකුණු ආසියාවේ විශාලතම ජාතික වකුගඩු රෝහලට පසුගිය 6 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පොලොන්නරුවේදි මුල්ගල තැබීය. ජනපතිගේ ඉල්ලීම අනුව චීන රජයේ පූර්ණ පරිත්‍යාගයක් ලෙස ලැබෙන මෙහි වටිනාකම රුපියල් මිලියන 12,000 කි. වකුගඩු රෝගයෙන් පීඩාවිඳින ජනතාව සුවපත් කිරීම වෙනුවෙන් …

Continue Reading

“මෛත්‍රී සර්ට දුන්නා නේද සර් දන්නේම නැතුව…” ෂැන්ග්‍රිලා හොටලේදි මෛත්‍රී, මහින්දට දුන් විරේකය

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතාගේ පුත් පසඳ යාපා අබේවර්ධන මහතාගේ විවාහ උත්සවයේදි මෛත්‍රී- මහින්ද හමුව සහ එහිදි මෛත්‍රී ජනාධිපතිවරයා දැක්වු දැඩි සුහදතාව සහ ඊට අදාල ඡායාරූපය පැය කිහිපයික් තුලදි මාධ්‍ය හරහා සමාජ කිරිමේ මෙහෙයුම හේතුවෙන් මහින්ද පිළ දැඩි ලෙස අර්බුදයකට පත්ව තිබෙන බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග වලින් වාර්තාවේ. අදාල ඡායාරූපය එලියට ආ සැනින් ඒකාබද්ධයේ …

Continue Reading

සා.පෙළ විෂයයන් හයක් කිරිමට අවධානය- ඇමති අකිල කියයි

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය නිර්දේශිත අනිවාර්ය විෂයයන් සංඛ්‍යාව ඉදිරියේදී විෂයයන් 6 කට සීමා කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසීය. අමාත්‍යවරයා සඳහන් කළේ දරුවන්ගේ ගුණාත්මක වෙනසක් ඇති කිරීමේ අරමුණ ඇතිව මෙම වෙනස්කම් සිදු කරන බවයි. ජාතික සුරක්ෂා සිසු රක්ෂාවරණ දිනය නිමිත්තෙන් නුගේගොඩ අනුලා විද්‍යාලයේ ඊයේ (07) පැවති ජාතික උත්සවය අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. …

Continue Reading

ප්‍රධානියා නියෝග කළ නිසා නව හැඳුනුම්පත නිකුත් කළා

සැකකාර ශෂි වීරවංශ මහත්මිය ප්‍රථම වරට ජාතික හැඳුනුම්පතක්‌ ලබාගත යුතු වයස අවුරුදු 16 ට බෙහෙවින් වැඩි තැනැත්තියක බව පෙනී ගියත් සිය ප්‍රධානියා වන කොමසාරිස්‌ ජනරාල්වරයා විසින් කරන ලද නියෝගය අනුව ඇයට නව හැඳුනුම්පතක්‌ එක්‌දින සේවය යටතේ කඩිනමින් නිකුත් කිරීමට පියවර ගත් බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ බලලත් නිලධාරි ප්‍රභාත් රාඡේන්ද්‍ර පෙරේරා මහතා ඊයේ (07 දා) කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේදී …

Continue Reading

කලකට පසු හමූ වූ මිතුරන් දෙදෙනා සතුටු සාමිචීයේ

ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති ලක්‌ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ පුත් පසඳ යාපා අබේවර්ධන මහතාගේ සහ එක්‌සත් ජාතික පක්‌ෂයේ දේශපාලනඥයකු වන ජනක මල්ලිමාරච්චි මහතාගේ දියණිය ජනාසී මෙනවිය අතර ඊයේ (07 වැනිදා) කොළඹ ශැන්ගි්‍රලා හෝටලයේදී පැවැති විවාහ මංගල උත්සවයේ මනාල යුවළ වෙනුවෙන් සාක්‌ෂිකරුවන් ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහත්වරු අත්සන් තැබූහ. මංගල උත්සවයේදී ඔවුන් දෙදෙනා විනාඩි විස්‌සක ඉතා සුහද …

Continue Reading

හම්බන්තොට වරාය ගිවිසුමට කැබිනට් අනුමැතිය

හම්බන්තොට මාගම්පුර වරාය, චීන මර්චන්ට් සමාගම සහ ශ්‍රී ලංකා චීන ජාත්‍යන්තර වරාය සමාගම ස්ථාපිත කිරීමේ ගිවිසුමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවසේ ඊයේ (7) පැවැති විශේෂ කැබිනට් රැස්වීමේ දී ඇමැති මණ්ඩල අනුමැතිය හිමි විය. මෙම ගිවිසුම අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කැරේ. මෙම ගිවිසුමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වු පසු ශ්‍රී ලංකා චීන ජාත්‍යන්තර වරාය සමාගම සහ …

Continue Reading

හදිසියේ බැසිල්ගෙන් ජනපතිට ඇමතුමක්! (Exclusive)

රාජපක්ෂ රෙජීමයේ දේශපාලන සහ මුල්‍ය අංශ ප්‍රධානියා මෙන්ම වත්මන් පොහොට්ටු පක්ෂයේ ප්‍රධානියා ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂ පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ කෙටි සංවාදයක් සිදුකොට ඇතැයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. පසුගියදා අතුරලියේ රතන හිමියන් බැසිල් රාජපක්ෂ හමුවී ඇති අතර එහිදී රතන හිමියන්ගේ දුරකථනයෙන් බැසිල් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමතා විනාඩි කිහිපයක සාකච්ඡාවක් සිදුකොට ඇත. එහිදී බැසිල් ජනාධිපතිවරයාට පවසා …

Continue Reading