බැසිල් – රනිල් ඩීල් එක හෙළිවෙයි! මෙන්න සාක්ෂි (Exclusive)

Spread the love

රාජපක්ෂ රෙජීමයේ දේශපාලන සහ ඩීල් අංශය භාර අමෙරිකානු පුරවැසි කුප්‍රකට බැසිල් රාජපක්ෂ එක්සත් ජාතික පක්ෂයේ බළල් අතක් බවට කලක සිට අභ්‍යන්තර දේශපාලනය තුළ සාකච්ඡාවට බඳුන් වී තිබුණද ඊට සැලකිය යුතු තරමේ සාක්ෂි මෙතෙක් අනාවරණය වී නොතිබුණි. එහෙත් පසුගිය දා සිදු වූ සිදුවීමක් සමඟ මෙය අපට කරුණු සාක්ෂි සහිතව ඔප්පු කිරීමට හැකියාව ලැබී ඇත.

පසුගිය ජනාධිපතිවරණයේ නාමයෝජනා භාරදීමත් සමඟම මහින්දට සහය පළකරමින් එජාපයෙන් පැන දින30 ඇමතිකමක් දැරූ තිස්ස අත්තනායකට මහින්ද රාජපක්ෂ නායකත්වය දරණ පොදු ජන පෙරමුණේ බැසිල් රාජපක්ෂගෙන් සිදු වූ සැලසුම් සහගත කැපිල්ලක් සමඟ මෙය හෙළිදරව් වී තිබේ.

පැවති ජනාධිපතිවරණයේදී මහින්දට සහය පළකරමින් තිස්ස අත්තනායක සමඟ පැමිණි මහනුවර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රාදේශීය අපේක්ෂයින් හට මෙවර එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා ලබා දී නොමැති අතර ඔවුන් තමන්ට අත් වූ ඉරණම තිස්ස අත්තනායක පැමිණ පවසා ඇත.

ඒත් සමඟම තිස්ස අත්තනායක ඔවුන්ව පොදු ජන පෙරමුණ යටතේ තරඟ කරවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය සඳහා බැසිල් රාජපක්ෂව අමතා අවස්ථාව ඉල්ලා ඇති අතර ඒ සඳහා හමුවක් සඳහා ජැයික් හිලටන් වෙත පැමිණෙන ලෙස බැසිල් තිස්සට පවසා ඇත.

ඒ අනුව පසුගිය සති ජැයික් හිල්ටන් හිදී බැසිල් සහ තිස්ස අතර හමුව සිදු වී ඇති අතර බැසිල් එහිදී පොදු ජන පෙරමුණින් ඔවුන්ට තරඟ කිරීමේ අවස්ථාව සකසා දෙන බවට තිස්සට පොරොන්දු වී ඇති අතර තව දින දෙක තුනකින් තමා අමතන ලෙසටද දැනුම් දී ඇත.

ඒ අනුව දින දෙකකට පසු තිස්ස අත්තනායක, බැසිල්ව දිගින් දිගටම ඇමතුවද බැසිල් දුරකථනයට පැමිණ නැත. දිගින් දිගටම තිස්ස, බැසිල්ව සම්බන්ධ කරගැනීමට උත්සහ කළ ද එම උත්සහය ව්‍යර්ථ වී ඇත. කෙසේ වෙතත් තිස්ස පැමිණ බැසිල්ව හමු වූ බවත්, ඔහුගේ ඉල්ලීම වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා ලබා දීම ප්‍රතික්ෂේප කළ අපේක්ෂකයින්ට, පොදු ජන පෙරමුණ හරහා නාමයෝජනා ලබාදැනීම බවත් එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හෙළි වී ඇත. ඒත් සමඟම බැසිල් වෙත අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ලැබුණු විශේෂ දුරකථන ඇමතුමෙන් ලැබී ඇති නියෝගය වී ඇත්තේ, තිස්ස අත්තනායකට හෝ ඔහුගේ කිසිඳු ආධාරකරුවකුට පොදු ජන පෙරමුණේ කිසිඳු ඉඩක් හෝ අවස්ථාවක් ලබා නොදෙන ලෙසයි.

එසේ ලද නියෝගයට අනුව බැසිල්, තිස්සට මෙලෙස පොල්ල තබා ඇත. මේ හේතුවෙන් ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වැනි වූ තිස්සට තම ආධාරකරුවන්ට වත් මුහුණ දී ගත නොහැකි තත්වයකට පත්ව කොන්ව සිටින බවට වාර්තාවේ.

කෙසේ වෙතත් මෙම සිදුවීමත් සමඟම බැසිල් සහ රනිල් ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය අතර තිබෙන ඩීල් ගනුදෙනුව සහ මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් සහ බැසිල්ගේ මෙහෙය වීමෙන් සිදුවන දේශපාලන කොන්ත්‍රාත්තුව පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න සැකයකින් තොරව පෙන්නුම් කරන්නකි.

මෙම සිදුවීමෙන් තිස්ස ලක්වූ අපහසුතාවය මඟහරවා ගැනීම සඳහා තිස්ස අත්තනායක විසින්ම එක්තරා ජාතික පුවත් පතකට තමා පොදු ජන පෙරමුණ සමඟ කිසිඳු සාකච්ඡාවක් සිදු නොකළ බවට විශේෂයෙන් පවසා තිබෙනු දක්නට ලැබිණ.

RSL

Related Posts