ඉතිහාසයේ පළමු වරට මෙවර උසස් පෙළට නියමිත වෙලාවට අමතරව තවත් සහන කාලයක්
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින විභාග අපේක්ෂකයින්ට ඉතිහාසයේ ප්‍රථම වතාවට පැය තුනක ප්‍රශ්න පත්‍රයකට විනාඩි 10ක විශේෂ සහන කාලයක් හිමි වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි. එසේම හෙටින් ඇරඹෙන උසස් පෙළ විභාගයේදි විභාග අපේක්ෂකයන්ට සහන රැසක් සලසමින් විභාග වංචා අවම කිරීමේ විශේෂ ක්‍රියාමාර්ග රැසක් ගැනීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා …
Continue Reading
ලංකාවේ සෑම පුද්ගලයින් 4 දෙනෙකුගෙන් එක් අයෙකුටම වාහනයක්!
ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයන් සිව් දෙනකුගෙන් එක් අයකුට වාහනයක් තිබෙන බව වාර්තා වී ඇති බවත්, මේ තත්ත්වය මත පොදු ප්‍රවාහන සේවා භාවිත කරන මඟී ජනතාව 70% සිට 48%ක් පමණ සංඛ්‍යාවකට අඩු වී ඇති බවත්, එය දියුණු වෙමින් පවතින රටකට ඉතා අහිතකර තත්ත්වයක් බවත් ප්‍රවාහන විශේෂඥ මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමල් කුමාරගේ මහතා පවසයි. ඒ මහතා පවසන අන්දමට මෙරට ලියාපදිංචි වාහන …
Continue Reading
පත්තරේ දැක්ක ජනපති හද ගැස්සෙයි! සත පහකින් වත් පඩි වැඩි කරන්න නොදෙන බව තරයේ කියයි (වීඩියෝ)
මැති ඇමතිවරුන්ගේ පඩි වැඩි කරගැනීමට යෝජනා වී ඇතිබව තමා මේ ඉරිදා එන පත්තරයෙන් දුටු බවත්, එම පඩි වැඩි කිරීමේ යෝජනාවට තමා කැබිනට් මණ්ඩලයේදී ඉඩ නොදෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(04) පොලොන්නරුවේ පැවති ජනහමුවක් අමතමින් කියා සිටියේය. වැඩි දුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා පැවසුවේ සත පහකින්වත් වැටුප් වැඩි කිරිමට කිසිදු අනුමතියක් ලබා නෙදෙන බවත්, කැබිනට් මණ්ඩලය තුළදී එම යෝජනාව සම්මත කිරීමට …
Continue Reading
උතුර සංවර්ධනයට ඇති අගමැති රනිල්ගේ සැලැස්ම කියයි
පලාලි ගුවන් තොටුපොළ, කන්කසන්තුර වරාය මෙන්ම උතුරේ කර්මාන්ත ආරම්භ කරමින් පුළුල් සංවර්ධනයක් සිදු කිරීමට මේ වන විටත් පියවරගෙන අතර උතුරේ මාර්ග පද්ධතිය දියුණු කිරීමත්, සංචාරක ව්‍යාපාරය හා කෘෂි කර්මාන්තය ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රවල දියුණුවක් ඇති කිරීමට තමා සැලැසුම් කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චි මණ්ඩපයේ රුපියල් මිලියන පන්දහසක් වැය කරමින් ඉදිකරන ලද නේවාසිකාගාර දෙකක් සහ තවත් ගොඩනැගිලි …
Continue Reading
සමාජ ජාලා සහ වෙබ් අඩවි ඉලක්ක කර ජනාධිපතිවරයා සිදුකරන ප්‍රකාශ මාධ්‍ය නිදහසට තර්ජනයක්!
පසුගිය කාලසිමාව පුරාම රටේ සමාජ ජාලා සහ වෙබ් අඩවි ඉලක්ක කරගනිමින් ජනාධිපතිවරයා විවිධ ස්ථානවල කල ප්‍රසිද්ධ ප්‍රකාශයන් හරහා මැනවින් තහවුරු වෙමින් ඇත්තේ ආණ්ඩුවේ නොහැකියාවන් වසා ගැනිමේ අසමත් කම මාධ්‍ය මර්දනය හරහා නතරකර ගැනිමෙ අවශ්‍යතාවය බව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ අදහස වන බව එම ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් මෙසේ …
Continue Reading
කඩා වැටෙන ක්‍රිකට් ගොඩගන්න 96 ලෝක ශූරයෝ රහසිගත සාකච්ඡාවක!
96 ලෝක ශූර ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ඊයේ (03) රාත්‍රියේ තීරණාත්මක සාකච්ඡාවක නිරත වූ බව වාර්තාවනවා. කොළඹ ගාලුමුවදොර බරකුඩා හෝටලයේ විශේෂ ආරාධිත අමුත්තන්ගේ කාමරයේ මෙම සාකච්ඡාව පවත්වා තිබෙනවා. තහවුරු කළ තොරතුරුවල දැක්වෙන්නේ එම තීරණාත්මක සාකච්ඡාවට ලෝක ශූර කණ්ඩායමේ නායක අමාත්‍ය අර්ජුන රණතුංග, අසංග ගුරුසිංහ, හෂාන් තිලකරත්න, සනත් ජයසූරිය, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, උපුල් චන්දන, චමින්ද වාස්, රවීන්ද්‍ර පුෂ්පකුමාර සහභාගි වී ඇති බවයි. රොෂාන් …
Continue Reading
වෛද්‍ය වැඩ වර්ජනය ගැන නොදැන පැමිණි රෝගීන් අමාරුවේ
ජාත්‍යන්තර ගිවිසුම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියකින් තොරව රටට හානිකර සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් තැබීම ඇතුළු කරුණු 10 ක් මුල්කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද(03) වැඩ වර්ජනයක නිරත වුණි. මේ හේතුවෙන් දිවයිනේ බොහෝ රෝහල්වල බාහිර රෝගී අංශ හා සායන නිසි පරිදි සිදු නොවූ අතර වර්ජනය පිළිබඳව නොදැන ප්‍රතිකාර ගැනීමට පැමිණි සිටි රෝගීන්ද අපහසුතාවට පත්ව සිටිනු දක්නට ලැබුණි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය …
Continue Reading
තිස්ස අත්තනායක අලුත් පිම්මකට සැරසෙයි
නව දේශපාලන පක්ෂයක් බිහිකරමින් යළි දේශපාලනයට පිවිසෙන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා ඊයේ(02) කඩුවෙල පැවති ආගමික උත්සවයකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ප්‍රකාශ කර තිබේ. දේශාපාලන හැල හැප්පිලි හේතුවෙන් පසුගිය කාලය තුළ ප්‍රසිද්ධ දේශපාලනයෙන් ඉවත් සිටි බවත් නැවත ක්‍රියාකාරි දේශපාලනය ආරම්භ කරන වැඩපිළිවෙලක් ආරම්භ කළ ඇති බවත් ඒ මහතා සඳහන් කළේය. ඉදිරි ජනාධිපතිවරණය සඳහා …
Continue Reading
රාජපක්ෂ ලෝලීන්ට මහින්ද කළ තර්ජනය රටටම ඇහුණා
‘රටේ ජනතාවගේ මුදල්වලින් සංවර්ධන වැඩ කරලා තමන්ගෙ පෞද්ගලික නම් ගහගැනිල්ල ලෝකෙ කොහේවත් සිදුවන දෙයක් නෙවෙයි. එහෙම කළා නම් අපේ ඉතිහාසයේ තියෙන්නෙ නිශ්ශංක මල්ල රජතුමාගෙ නම පමණක්’ යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා පසුගියදා බණ්ඩාරගමදී කීවේය. බණ්ඩාරගම පැවැති ජන හමුවක් අමතා රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මෙසේද කීවේය. මහින්ද රාජපක්ෂ මහතා ඉතා ආශාවෙන් ගහපු එතුමාගෙ නම කිසිම …
Continue Reading
මම එදා වගේම අදත් වංචාවට දූෂණයට නාස්තියට විරුද්ධයි – ජනපති
තමන් ඇමැතිවරයකුගේ කාලයේත් වර්තමාන ජනාධිපති කාලයේත් අනාගතයේත් වංචාවට, දූෂණයට, නාස්තියට, හොරකමට එරෙහිව කටයුතු කරන බවත් ඒ සඳහා කැපවී කටයුතු කරන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පළමු වැනිදා මැදිරිගිරිය හා හිඟුරක්ගොඩ පැවැති ජන හමු කිහිපයකදී පැවැසීය. ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ ‘යළි පිබිදෙමු පොළොන්නරුව’ ව්‍යාපෘතියේ රුපියල් කෝටි 6000ක ආයෝජනයකින් ආරම්භ කොට නිම කළ ව්‍යාපෘති 60ක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. මැදිගිරිය …
Continue Reading