රාජපක්ෂ ලෝලීන්ට මහින්ද කළ තර්ජනය රටටම ඇහුණා

Spread the love

‘රටේ ජනතාවගේ මුදල්වලින් සංවර්ධන වැඩ කරලා තමන්ගෙ පෞද්ගලික නම් ගහගැනිල්ල ලෝකෙ කොහේවත් සිදුවන දෙයක් නෙවෙයි. එහෙම කළා නම් අපේ ඉතිහාසයේ තියෙන්නෙ නිශ්ශංක මල්ල රජතුමාගෙ නම පමණක්’ යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා පසුගියදා බණ්ඩාරගමදී කීවේය.

බණ්ඩාරගම පැවැති ජන හමුවක් අමතා රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මෙසේද කීවේය.

මහින්ද රාජපක්ෂ මහතා ඉතා ආශාවෙන් ගහපු එතුමාගෙ නම කිසිම තැනකින් ගලවලා ඉවත් කරලා නැහැ. මහින්දෝදය විද්‍යාගාරවල, එතුමා නම ගැහුවා. කිසිම විද්‍යාගාරෙක නම ඉවත් කරලා නැහැ. ඒ වගේම එතුමා ක්‍රීඩාංගණ ගණනාවක නම් ගැහුවා. වරායේ, ගුවන් තොටුපොළේ නම ගැහුවා. නමුත් ඒ කිසිම තැනක නම ඉවත් කරල නැහැ.

අපි කරන වැඩවල අපේ දේශපාලනඥයන්ගේ නම් වෙනුවට රටට වැඩ කළ රට වෙනුවෙන් කැපවූ ඒ දේශපාලන නායකයන් නොවන අයගේ නම් යෙදීම අපේ ප්‍රතිපත්තිය බව කිවයුතුයි. ජීවත්ව සිටින දේශපාලනඥයන්ගේ නම් රටේ ජනතා මුදලින් ඉදිකළ ව්‍යාපෘති සඳහා යෙදීම සුදුසු නැති බව අග්‍රාමාත්‍යවරයාත් ජනාධිපතිවරයාත් විශ්වාස කරනවා. මේ රටේ අහිංසක රෝගීන්ගේ දුක වේදනාව දන්නා අසරණ මිනිසුන්ට පිහිට වෙන වෛද්‍යවරු පිරිසක් මේ රටේ ඉන්නවා. නමුත් වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ඔහුට පාර්ලිමේන්තු යන්න කෙටි පාරක් කපාගන්න මේ රටේ වෛද්‍යවරුන්ගේ නිදහසත්, ස්වාධීනත්වයත් පාවා දෙනවා.

වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය කියන විදියට ඔහුට ආර්ථික විද්‍යාව කියා දීලා තියෙන්නේ නාථ දෙවියොයි. ඔහු ආර්ථික විද්‍යා මූලධර්ම ඉගෙනගෙන තියෙන්නේ නාථ දෙවියන්ගේ දැනුමෙනුයි. මේ ආර්ථික විද්‍යා දැනුම තියෙන පාදෙණිය මහත්මයා වෛද්‍යවරුන්ගේ ලේබලය පාවිච්චි කරලා මහින්ද රාජපක්ෂ මහතාට කඩේ යනවා.

මේ රටේ දුකට පත්වන, අසරණ වන රෝගීන්ට ගිලන් රථ නැති එකට කිසි දිනක පාදෙණිය වර්ජනය කළේ නැහැ. මේ රටේ ඔෟෂධ මිල ඉහළ ගිය එකට කිසිදිනෙක පාදෙණිය පාරට බැස්සෙ නැහැ. අඩු මිලට බෙහෙත් දෙන සේනක බිබිලේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙනකොට පාදෙණිය විරුද්ධ වුණා. අඩු ගානෙ ඒක සාර්ථක කරන කොට ඒ ගැන ස්තූතියක් හෝ නැහැ. දැනටමත් රටේ දුප්පතුන් දහස් ගණනකගේ ජීවිත බේරාගෙන තියෙන 1990 ගිලන් රථ හඳුන්වා දෙන කොට පාදෙණිය විරුද්ධ වුණා. දැන්වත් ඒක හොඳයි කියලා කියන්න පාදෙණියට බැහැ. මේකට කියන්නෙ දේශපාලනික කුහකත්වය කියලායි. වෛද්‍යවරුන්ම එකතු වෙලා මේ යථාර්ථය තේරුම් ගත යුතුයි.

පසුගිය දිනෙක මහින්ද රාජපක්ෂ මහතා එන බව කියලා සංවිධානය කළ රැස්වීමකට එතුමා නොපැමිණීම පිළිබඳ විමසූ සංවිධායකවරුන්ට මහින්ද රාජපක්ෂ මහතා උත්තර දීලා තියෙන හැටි දැන් රටම දන්නවා. මේ යථාර්ථය දැන්වත් තේරුම් ගත යුතුයි. එතුමා බලයේ සිටියදී තර්ජනය, ගර්ජනය, මර්දනය මොන විදියට කරන්න ඇතිද කියලා අමුතුවෙන් කිවයුතු නැහැ. අපේ ආණ්ඩුව යටතේ අද සියලු දෙනාට නිදහස ලැබිලා තියෙනවා. විවේචකයන්ට අද මරණ බිය දැනෙන්නෙ නැහැ. සමාජයේ මිනිසුන්ට ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරලා තියෙනවා. නමුත් විසඳන්න තව ප්‍රශ්න තියෙනවා. රාජපක්ෂලාම ඉල්ලන රාජපක්ෂලා ගැන හිතන අයට මේක හොඳ පාඩමක්.

ආශ්‍රිත පුවත්: EGB නැත්නම් කෑම එපා.. මහින්ද නැත්නම් බුදුනුත් එපා..!! (එදා සිට අද දක්වා මහින්දගේ විකාශනය)

RSL

Related Posts