විදුලිබල ක්ෂේත්‍රය සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් මාලදිවයිනේ සහාය

ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන වර්තමාන අර්බුධකාරී වාතාවරණය හමුවේ මෙරට ජනතාව පත්ව ඇති ශෝකජනක තත්ත්වය පිළිබදව සිය රජයේ කණගාටුව ප්‍රකාශ කරන බවත්, මෙරට ජනතාවගේ සුභසිද්ධිය වෙනු‍වෙන් තම රටේ පූර්ණ සහයෝගය දැක්වීමට මාලදියවයින් රජය වෙනුවෙන් තමා කැමැත්ත පල කරන බවත් මාලදිවයින් රජයේ තානාපති Omar Abdul Razzak මහතා පවසයි. ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය, විදුලිබල ක්ෂේත්‍රය මෙන්ම බලශක්ති අර්බුදය පිළිබදව සාකච්ඡා කිරීම පිණිස, පසුගියදා …

Continue Reading

හිස්බුල්ලාගේ මඩකලපු විශ්වවිද්‍යාලය පෞද්ගලික සරසවියක් ලෙස පවත්වාගෙන යන්න ඉඩදෙන්න ජනපති සැරසෙයි!

මඩකලපුවේ ආරම්භ කළ විශ්වවිද්‍යාලය අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නීති රීති යටතේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ලෙස පවත්වාගෙන යෑමට අපේක්‍ෂා කරන බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (08) පැවැසීය. එසේම එම විශ්වවිද්‍යාලය මගින් පවත්වාගෙන යනු ලබන විෂය මාලා පිළිබඳව පැහැදිලි තීරණයක්ද ගනු ලබන බව ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපතිවරයා මේ බැව් පැවසුවේ ඊයේ කල්මුණේ සයින්දමරුදු ප‍්‍රදේශයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වෙමිනි. කෙසේ වෙතත් …

Continue Reading

අමෙරිකාව එළිපිටම ගෝඨාභය ඉල්ලයි! දිය යටින් ගින්දර ගෙන යන මෙහෙයුමක්!

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට බුද්ධි අංශ පවත්වාගෙන ගිය ක්‍රමවේදය යළි ස්ථාපිත කළ යුතු බව අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ හිටපු සහකාර රාජ්‍ය ලේකම් රොබට් ඕ බ්ලේක් මහතා පවසයි. ශ්‍රී ලංකාවේ හිටපු අමෙරිකානු තානාපතිවරයෙකු ද වන බ්ලේක් මහතා මේ බව පැවසුවේ, කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී දේශනයක් පවත්වමින්. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රොබට් ඕ බ්ලේක් …

Continue Reading

සැකකරුවන්ට ඇප ලැබීම පිටුපස සැකයක්! පොලිසියෙන්ම විමර්ශනයක්

රිමාන්ඩ් භාරයට පත් කර සිටි වැල්ලම්පිටිය තඹ කර්මාන්තශාලාවේ සැකකරුවන් නව දෙනා ඇප මත මුදාහැරීම සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි කතාබහක් ඇතිව අතර මේ නිසාම පොලීසිය විසින් යම් දෝෂයක් සිදුව ඇත්දැයි සොයාබැලීම සඳහා පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. අද(08) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ බව සඳහන් කළේය.

Continue Reading

ඉස්ලාම් අන්තවාදයට මෙරට නීතිය ක්‍රියාත්මක නොවීම සහ මුස්ලිම් දේශපාලඥයින්ගේ ක්‍රියාකලාපය බලපෑවා

මෙරට ඉස්ලාම් අන්තවාදයට මෙරට නීතිය සැමට නිසි ලෙස ක්‍රියාත්මක නොවීම සහ මුස්ලිම් දේශපාලනඥයින්ගේ ක්‍රියාකලාපය බලපෑ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. අද(07) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මහලේකම්වරයා පෙන්වා දුන්නේ, ඕනෑම කෙනෙකුට දේවස්ථාන ඉදිකිරීමට අවශ්‍ය වාතාවරණ සකස් වී තිබීම ගැටලු සහගත තත්ත්වයක් බවයි. සැමට අනන්‍ය වූ ජාතියකට ශ්‍රි ලංකාව තුළ ජීවත් වීමේ …

Continue Reading

අද පාර්ලිමේන්තුවේ ගරුත්වය හානියට ලක්වෙලා; ගරුත්වය රැකිය හැකි පිරිසක් පාර්ලිමේන්තු එවන්න

වර්තමානයේ තාක්ෂණික වශයෙන් අපේ පාර්ලිමේන්තුව බොහෝ ඉදිරියට ගොස් ඇති නමුත් අනෙක් පසින් කණගාටුදායක තත්වයක්ද ඇති බවද, එදා පාර්ලිමේන්තුවේ තිබුණු වර්ණවත් යුගය යලි බිහිකිරිම සඳහා සෑබැ මහත්වරු පාර්ලිමේන්තුවට එවන ලෙස තමා ජනතාවගෙන් මෙන්ම සියලු පක්ෂ නායකයන්ගෙන්ද ඉල්ලා සිටින බව කථානායක කරු ජයසූරිය මහතා පැවසීය. දියුණුව අතින් සලකා බලනවිට අද ලෝකයේ ඇති නවීනතම පාර්ලිමේන්තුවලට හිමි තාක්ෂණික උපාංග සහිත අන්තර්ජාතික පාර්ලිමේන්තු විසින් ආදර්ශයක් …

Continue Reading

එකිනෙකාගේ සැකය නිසා රටේ සමස්ත ජන ජීවිත අඩාලයි – ජනපති සිරිසේන

එකිනෙකාට බියෙන්, එකිනෙකා දෙස සැකයෙන් බැලීම හේතුවෙන් රටේ සමස්ත ජන ජීවිතය අඩාල වන අතර, ත්‍රස්තවාදය නිසි ලෙස හඳුනාගෙන එය විනාශ කිරීම ආරක්ෂක අංශ සාර්ථකව සිදු කරද්දී, අවබෝධයෙන් සහ විශ්වාසයෙන් යුතුව කටයුතු කරමින්, රට තුළ සාමකාමී පරිසරයක් පවත්වාගෙන යාමට කැපවීම සියලූ දෙනාගේ වගකීම බවද ජනාධිපතිවරයා අවධාරණය කරයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ මුස්ලිම් සිවිල් සමාජ නායකයින් සමඟ ඊයේ …

Continue Reading

මුදල් සහ දේශපාලන බලය වෙනුවෙන් හිස්බුල්ලා ඇටවු මඩකලපුව ශරියා විශ්ව විද්‍යාලය ගෝලීය ත්‍රස්තවාදයේ පිලිලයක්

මුදල් සහ තම දේශපාලන බලය වෙනුවෙන් හිස්බුල්ලා ඇටවු මඩකලපුව ශරියා විශ්ව විද්‍යාලය ගෝලීය ත්‍රස්තවාදයේ පිලිලයක් බවට පත්විය හැකි බවත් පාස්කු ඉරිදා ප්‍රහාරය සැහැල්ලුවෙන් ගතයුතු නැති බවත් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන පවසයි. වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ ශරියා විශ්ව විද්‍යාලය ආරම්භ කළා යැයි කීම, පට්ට බොරුවක් බව ප්‍රකාශ කල පරණවිතාන මහතා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ලෙසින් ආරම්භ කල …

Continue Reading

මිනිස් ඝාතන ඇතුළු දරුණු ඝනයේ අපරාධ 23 ක් ගැන මාකඳුරේ මදුෂ් ගෙන CIDය නොනවත්වා ප්‍රශ්න කරයි

පසුගිය කාලසීමාවේ රටපුරා සිදුවුණු සාහසික මිනිස් ඝාතන, මහා පරිමාණ කොල්ලකෑම්, හෙරොයින් ජාවාරම්, දරුණු ගණයේ අපරාධ සිද්ධීන් 23 ක් සම්බන්ධයෙන් මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව නොනවත්වා ප‍්‍රශ්න කිරීම් සිදුකරමින් සිටී. මේ අතර මාකඳුරේ මධුෂ්ගේ ප‍්‍රධානත්වයෙන් සිදුකළ මහා පරිමාණ හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ සහය ලබාගැනීමට කටයුතු කරන බව පොලිස් ආරංචි මාර්ග පවසයි. මධුෂ්ට …

Continue Reading

අපිට ලෝක කුසලාන දිනාගෙන එන්න පුළුවන් – ක්‍රිකට් නායක දිමුත් කියයි

ලබන මස 30 වැනිදා සිට ජූලි මස 14 වැනිදා දක්වා එංගලන්තයේ පැවැත්වෙන 12 වැනි ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියට  සහභාගිවීම සඳහා දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා පිල අද (07 ) දිවයිනෙන් පිටත් විය. ඔවුන් පළමුව ස්කොට්ලන්තයේ සංචාරය කර අනතුරුව එංගලන්තය බලා පිටත්වීමට නියමිතය.  කණ්ඩායමේ සියලූ දෙනාම ලෝක කුසලාන දිනා  ගැනීමට එකාවන්ව බලාපොරොත්තු සහගතව සිටින බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායක …

Continue Reading