අද පාර්ලිමේන්තුවේ ගරුත්වය හානියට ලක්වෙලා; ගරුත්වය රැකිය හැකි පිරිසක් පාර්ලිමේන්තු එවන්න

Spread the love

වර්තමානයේ තාක්ෂණික වශයෙන් අපේ පාර්ලිමේන්තුව බොහෝ ඉදිරියට ගොස් ඇති නමුත් අනෙක් පසින් කණගාටුදායක තත්වයක්ද ඇති බවද, එදා පාර්ලිමේන්තුවේ තිබුණු වර්ණවත් යුගය යලි බිහිකිරිම සඳහා සෑබැ මහත්වරු පාර්ලිමේන්තුවට එවන ලෙස තමා ජනතාවගෙන් මෙන්ම සියලු පක්ෂ නායකයන්ගෙන්ද ඉල්ලා සිටින බව කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.

දියුණුව අතින් සලකා බලනවිට අද ලෝකයේ ඇති නවීනතම පාර්ලිමේන්තුවලට හිමි තාක්ෂණික උපාංග සහිත අන්තර්ජාතික පාර්ලිමේන්තු විසින් ආදර්ශයක් ලෙස සලකන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වාද විවාද ලෝක‍යේ ඕනෑම ප්‍රදේශයක සි‍ට සජීවිව ඇසීමට පහසුකම් ඇති බවද කී කථානායකවරයා මේ සියල්ල තිබුණත් නැති දෙය පාර්ලිමේන්තුවේ භාම්භීරත්වය බවද සඳහන් කළේය.

කථානායකවරයා මේ බව සඳහන් කළේ හිටපු පාර්ලිමේන්තු මහ ලේකම්වරයෙක් වූ නිහාල් සෙනෙවිරත්න මහතා විසින් සම්පාදිත “ගාලු මුවදොරෙන් දියවන්නාවට “ කෘතිය එළි දැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.

පසුගිය මැයි 6 වනදා මහවැලි කේන්ද්‍රයේ පැවති මෙම උත්සවය අමතමින් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ පාර්ලිමේන්තුවේ විනය ආරක්ෂා කිරිම සඳහා කථානායකවරයා ලෙස තමාට ගත හැකි ක්‍රියාමාර්ගයන්හි සීමාවන් පවතින බවත් එම සීමාවන් ප්‍රමාණවත් නොවන බව කිහිපදෙනෙකුගේ හැසිරිම නිසා විටෙක තමාට හැගෙන බවත්ය.

එහිද වැඩිදුරත් අදහස් දැක්වු කථානායකවරයා,

“එදා වාද විවාද මට මතකයි, එදා හොඳ ඉංග්‍රීසි ඉගෙනගන්න ඕනි නම් මේ හැන්සාඩ් එක බලන්න ඕනි. නියම ඉංග්‍රීසි එතන තියෙන්නේ. අද ඉංග්‍රීසි වෙනුවට තියෙන්නේ ඉතාමත් අශෝබන වචන.

පටන්ගන්නෙම ඒ විදියට. පාර්ලිමේන්තුවේ එදා තිබුණ වැදගත් හැසීරිම්, චරිතවත් හැසිරීම් අද බොහෝවිට විශාල වශයෙන් විනාශ වෙලා තියෙනවා.

පාර්ලිමේන්තුවේ ඉතාම වැදගත් පුද්ගලයන් සිටිනවා. නමුත් තුන් හතර දෙනෙක්ට තියෙන කීර්ති නාමයට විශාල වශයෙන් හානි කරන්න පුළුවන්, අද ඇති වෙලා තියෙන්නේ ඒකයි.

මේකේ විශාල වගකීමක් තියෙන්නේ පක්ෂ නායකයින්ට තමන්ගේ මන්ත්‍රීවරයෙක් වැරදි ලෙස හැසිරෙනවා නම් ඒ අයට විරුද්ධව පියවර ගන්න ඕනේ.

පසුගිය දා තමුන්නාන්සේලා දැක්කා පාර්ලිමේන්තුව තුළ මිරිස් කුඩු මුහුණටම ඇවිල්ලා අශෝභන වචනයෙන් බනිනකො‍ට කොහොමද හැසිරෙන්නේ අන්න ඒ වගේ තත්වයකට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආවා, මෙවැනි අවස්ථාවන් මුළු ලෝකයටම ගියා.

නමුත් අපිට මේ තුලින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට හැකිවීම ගැන අප සංතෝෂ වෙනවා, අපි ගත්ත තිරණය උසාවියෙන් අනුමත කලා. එය බණ්ඩාරනායක මැතිතුමාගේ කාලයේ වගේ ඉතිහාස ගත වන සිද්ධියක්.

මේ රටේ ඊලග පරපුරට නූපන් පරපුරට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරලා දීලා‍ යන්න අපට වගකීමක් තියෙනවා. ඒක අපිට කරන්න පුළුවන් වුනා.

මම පාර්ලිමේන්තුවට ඇතුල් වන කාලයේ පක්ෂයක නියෝජ්‍ය නායකයා වශයෙන් ක්‍රියාකලා, ඒ අවස්ථාවේ දී මන්‍ත්‍රිවරුන් අපේක්ෂකයින් තෝරාගත් අවස්ථාවේ දී මම දෙන අවවාද තමා ‘පාර්ලිමේන්තුවට එන්න දෑත පිරිසිදු දේශපාලඥයෙක් වශයෙන් ඔබතුමන්ලා අවුරුදු 30-40 ක් පස්සේ පිටත්ව යන කොට ඔබ අත් දෙකේ කුණු ගාන්නේ නැතුව පිටත්ව යන්න’ කියන එක විශේෂයෙන්ම දේශපාලඥයෙකුට එය ඉතාම අවශ්‍යයි.

විශේෂයෙන්ම මෙම පොත කියවීමේ දී පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට හුගක් දේවල් ඉගෙන ගන්න පුළුවන්, එදා අතීතය ගැන අපේ අනාගතය ගැන සෑම මන්ත්‍රිවරයෙක්ම මෙය කියවිය යුතුයි, බොහෝම කණගාටුවක් දැනුනේ පසුගිය අවාසනාවන්ත සිද්ධියෙන් පසු පාර්ලි‍මේන්තු විවාදයක් ඇති වූ අවස්ථාවේ දී මම ඉල්ලීමක් කලා කරුණාකරලා මේ ගැන සංයමයෙන් කථාකරන්න කියලා.

නමුත් පටන් ගන්න කොටම ඒකට විරුද්ධ වුනා, දෙපැත්තෙන්ම මඩ ගහගන්නවා, විවේචනය කරනවා මිසක් කොහොමද මේක විසදන්නේ කියලා විවාදයක් කළේ නෑ.”

RSL

Related Posts