ජනාධිපතිවරණයට පෙර අගමැති රනිල් ඇතුලට..!

බැඳුම්කර වංචාවට අර්ජුන් මහේද්‍රන්ටත් වඩා ලොකු ලොක්කෙක් උසාවියට ගෙන එන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ(03) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයේදී ප්‍රකාශ අතර ඒ වෙනකෙකු නොව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව ප්‍රසිද්ධ රහසකි. මේ අනුව ජනාධිපතිවරයා යම් දේශපාලන ඉලක්කයක් මුදුන්පමුනුවා ගැනීම වෙනුවෙන් මෙවැනි යම් සැලසුමක නිතරවන්නේ ද යන්න සැකය ඉස්මතු වේ. යම් හෙයකින් එසේ වුවහොත් කෙටි කාලයක් තුල දේශපාලන …

Continue Reading

කාලෝගේ නික්ම යෑම..

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ඊයේ (02දා) සිය නිවසේදී අභාවප‍්‍රාප්ත විය. 1933 මාර්තු 04 වැනිදා උපන් එතුමා මිය යන විට 86 වැනි වියේ පසු විය. කොළඹ ද සොයිසා මාතෘ නිවසේ දී උපත ලද ඒ මහතා මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ දී මූලික අධ්‍යාපනය ලද අතර ද්වීතිය අධ්‍යාපනය සඳහා ඇතුළු වූයේ මරදානේ සාන්ත ජෝසප් විද්‍යාලයටය. කොළඹ විශ්වවිද්‍යාලයෙන් විශ්ව විද්‍යාල ජීවිතය ඇරඹූ ඒ මහතා පශ්චාත් …

Continue Reading

ජනාධිපති අපේක්ෂකත්වය ගැනීමට බලපෑම් කිරීමට පළාත් පාලන මන්ත්‍රීවරුන්ට සජිත්ගෙන් අල්ලස්..! (සාක්ෂි සහිතයි)

එක්සත් ජාතික පක්ෂයේ නායක්ත්වය සහ අපේක්ෂක්වය හොර පාරෙන් අල්ලස් මතින් ලබාගැනීම සඳහා මේ වන එජාපයේම නියෝජ්‍ය නායකයා වන සජිත් ප්‍රේමදාස කටයුතු කරමින් සිටින බව නොරහසක් වන අතර මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දුන් එතනෝල් අල්ලස් වලින් අනතුරුව ගම්මට්ටමේ, බිම්මට්ටමේ සිටින ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කැඳවා අල්ලස් ලබාදීමේ තමා වෙත නම්මවා ගැනීමේ වැඩසටහනක් සජිත් විසින් සැප්තැම්බර් 07 වනදා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී සූදානම් …

Continue Reading

සහරාන් ගැන බුද්ධි අංශ වාර්තා 97ක්

2016 වසරේ සිට  පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල වූ දින දක්වා කාලසීමාව තුළ ජාතික තව්හිද් ජමාත් සංවිධානය සහ එම සංවිධානයේ නායක සහරාන් හෂීම් පිළිබඳව වාර්තා 97 රාජ්‍ය බුද්ධි සේවය විසින් පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා වෙත  යොමු කර තිබූ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. පාස්කු ඉරුදින එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය …

Continue Reading

5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය සමත් දරු දැරියන්ගේ ශිෂ්‍යාධාර මුදල 50%කින් වැඩි වෙයි

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත් වූ සිසු දරුවන්ට රජයෙන් ලබා දෙන ශිෂ්‍යාධාර මුදල රුපියල්500/- සිට රුපියල් 750/- දක්වා 50% කින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වි ඇත. ආර්ථික දුෂ්කරතා සහිත පවුල්වල ශිෂ්‍යත්ව විභාගය සමත් වූ දක්ෂ දරුවන්ට වැඩිදුර අධ්‍යාපනය සඳහා ලබා දුන් ශිෂ්‍යාධාරය, වසර ගණනාවකින් වැඩි නොකිරීම නිසා එම ආධාර මුදල ඉහළ නැංවීම සඳහා අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් …

Continue Reading

තනිව තරග කිරීමට සූදානම් – සන්ධාන මහලේකම් කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එකතු වීමක් සිදු නොවුනොත් ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙනම තරග කිරීමට සිදුවනු ඇති බව එම පක්ෂය පවසයි. සිය පක්ෂ මුලස්ථානයේ ඊයේ (02) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා ඒ බව සඳහන් කළේය. එම මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වු ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහාලේකම් දයාසිරි ජයසේකර …

Continue Reading

ඒ සටන තවම අවසන් නැත..!

මාදුළුවාවේ සෝභිත හිමියන් සාධාරණ සමාජයක් වෙනුවෙන් වූ ව්‍යාපාරය ආරම්භ කර සිටියේ පැවති මිනීමරු රාජපක්ෂ රෙජීමයෙන් රට නිදහස් කරගෙන ප්‍රජාතන්ත්‍රවාදී සමාජ අවකාශයක් අත්පත් කරගැනීමටය. ඒ වෙනුවෙන් ජනප්‍රිය පක්ෂ දේශපාලනය වෙනුවට උන්වහන්සේගේ තේරීම වූයේ නිර්පාක්ෂික පොදු අපේක්ෂකයකු ගෙනවිත් සටන ජයග්‍රහණය කරවීමය. එහිදී ප්‍රධාන අපේක්ෂා වූයේ අත්තනෝමතික බලතල සහිතව මැරෙන තුරාවට ජනාධිපති වීමේ හැකියාව අත්පත් කරගෙන තිබූ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමය. සමාජය …

Continue Reading

සජිත් අපේක්ෂකත්වය සිඟමින් නායක රනිල් වෙත ලිපි ලිවීම අරඹයි..

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාව නම් කරන ලෙස ඉල්ලා පක්ෂ නායකත්වය වෙත ලිපියක් භාරදීමට මන්ත්‍රී කණ්ඩායමේ බහුතරයක් සූදානමින් සිටින බව අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා පවසයි. මීට පෙර කෘත්‍යාධිකාරී මණ්ඩලය හා මන්ත්‍රී කණ්ඩායම ඒකාබද්ධව කැඳවන ලෙසට කළ ඉල්ලීම මෙතෙක් ඉටු නොවීම හේතුවෙන් මෙම පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර …

Continue Reading

රට සංවර්ධනය කරා ගෙන යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි

ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස සහ සමානාත්මතාවය සමග රට සංවර්ධනය කරා ගෙන යාමට රටට ගැළපෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. පසුගිය වසර හතර හමාරෙන්, වසර හතරක්ම කෝටි ගණන් මුදල් වැය කරමින් මැති ඇමතිවරු සහ ආණ්ඩුක‍්‍රම විශාරදයින් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසීම අධ්‍යයනය කිරීමට විදේශ සංචාරවල නිතරවුව ද ඉන් රටට ලැබුණු ප‍්‍රතිඵලයක් නොමැති බව පැවසූ ජනාධිපතිවරයා ඔවුන් සිදු කළේ උතුරේ ජනතාව …

Continue Reading

ඔබ කාන්තාවක් ද? එසේ නම් ප්‍රවීන මාධ්‍යවේදිනී ෆෙඩ්රිකා ජෑන්ස්ට ගෝඨාභය කාන්තාවගේ ගෞරවය සුරකින සමාජයක් බිහිකරන හැටි කියා දුන් ඒ සංවාදය අනිවාර්යෙන්ම කියවන්න.. (සංස්කරණයෙන් තොරයි)

අද රටේ කාන්තා හිංසනය හා ළමා අපරාධ බෙහෙවින් වැඩි වී ඇති බවත්, මෙම තත්ත්වය කඩිනමින් පාලනය කළ යුතු බවත්, කාන්තාවගේ ගෞරවය සුරකින විනයගරුක ගුණගරුක සදාචාර සම්පන්න සමාජයක් යළි ගොඩනැගිය යුතු බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන කාන්තා පෙරමුණේ ප්‍රථම සම්මේලනය අමතමිනි. මේ මීලඟ ජනාධිපති වීමට මාන …

Continue Reading