සජිත් අපේක්ෂකත්වය සිඟමින් නායක රනිල් වෙත ලිපි ලිවීම අරඹයි..

Spread the love

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාව නම් කරන ලෙස ඉල්ලා පක්ෂ නායකත්වය වෙත ලිපියක් භාරදීමට මන්ත්‍රී කණ්ඩායමේ බහුතරයක් සූදානමින් සිටින බව අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා පවසයි.

මීට පෙර කෘත්‍යාධිකාරී මණ්ඩලය හා මන්ත්‍රී කණ්ඩායම ඒකාබද්ධව කැඳවන ලෙසට කළ ඉල්ලීම මෙතෙක් ඉටු නොවීම හේතුවෙන් මෙම පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා මන්ත්‍රී කණ්ඩායම දින 07 ක් තුළ ඒකාබද්ධව කැඳවන ලෙස ඉල්ලමින් මන්ත්‍රීවරුන් 55 දෙනෙකුගේ අත්සන් සහිත යෝජනාවක් ඉකුත් 19 වැනිදා පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දෙනු ලැබුවේය.

කෙසේවෙතත් එම ඉල්ලීම මෙතෙක් ඉටු නොවීම නිසා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාව නම් කරන ලෙස ඉල්ලා පක්ෂ නායකත්වය වෙත තවත් ලිපියක් භාරදීමට මන්ත්‍රී කණ්ඩායමේ බහුතරයක් සූදානමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර ප්‍රකාශ කළේය.

මේ අතර පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මාලදිවයින් සංචාරය නිමාවීමෙන් පසු පැවැත්වීමට එම පෙරමුණේ පක්ෂ නායකයින් සූදානමින් සිටියි.

RSL

Related Posts