තනිව තරග කිරීමට සූදානම් – සන්ධාන මහලේකම් කියයි

Spread the love

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එකතු වීමක් සිදු නොවුනොත් ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙනම තරග කිරීමට සිදුවනු ඇති බව එම පක්ෂය පවසයි.

සිය පක්ෂ මුලස්ථානයේ ඊයේ (02) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා ඒ බව සඳහන් කළේය.

එම මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වු ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහාලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ ඕනෑම මැතිවරණයකට මුහුණ දීම සඳහා තම පක්ෂය ශක්තිමත් බවයි.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට රජ කිරීමට නොහැකි වුවද රජුන් තනන පක්ෂය බවට පත්ව ඇති බව එම පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාලද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වන සංවත්සර සැමරුම අද (03) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.පස්වරු 2.00ට එය ආරම්භ වන්නේ පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

“තීන්දුව හරි අතට” මෙවර සංවත්සරයේ තේමාවයි.

මේ අතර හෙට උත්සවයේ සූදානම පිළිබඳ සොයා බැලීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර ,පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ඇතුළු පිරිසක් අද කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයට පැමිණියේය.

RSL

Related Posts