2012 අය-වැය සකස් කිරීම සඳහා වෘත්තීයවේදීන්ගේ සහය

දිවයිනේ විවිධ ක්ෂේත්‍රවල ඉහළ පෙළේ වෘත්තීයවේදීන් රැසකගේ සහභාගීත්වයෙන් ඇරඹ්, 2012 අය-වැය සකස් කිරීම සඳහා විවිධ ක්ෂේත්‍රවල අදහස් හා යෝජනා ලබා ගැනීමේ සාකච්ඡා මාලාවේ තවත් සාකච්ඡාවක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (26 අගෝ.) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරු, වෛද්‍ය, ඉංජිනේරු, ගණකාධිකාරි, ඉදිකිරීම්, කළමනාකරණ, පර්යේෂණ හා බදු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීයවේදීන් මෙහිදී සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කළහ. 2012 …

Continue Reading

හදිසි නීතිය අහෝසි කිරීම යුරෝපා සංගමයේ සහ බ්‍රිතාන්‍ය පසසයි

යුරෝපා සංගමයේ නියෝජිත කැතරින් ඇෂ්ටන් නිකුත් කළ නිවේදනයකින් දැක්වෙන්නේ, ශ්‍රී ලංකා රජය විසින් හදිසි නීතිය අහෝසි කිරීමට ගත් තීරණය පැසසුමට ලක්කරන බවත් දශක ගණනාවක් පැවති යුද්ධයෙන් පසුව රට සාමාන්‍ය අතට පත්වීම සඳහා එය වැදගත් පියවරක් බවත්ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් සඳහා අත්‍යාවශ්‍ය සාධකයන් වන සිවිල් හා දේශපාලන අයිතීන්ට එරෙහිව පැවති සීමා ඒ සමඟම ඉවත් වෙන බව එහි සඳහන්ව ඇත. මේ අතර, කොළඹ …

Continue Reading

ආරක්ෂක ලේකම් යාපනයේ සිදුවන සංවර්ධනය ව්‍යාපෘති නිරීක්ෂණ චාරිකාවක

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යාපනයේ වත්මන් සංවර්ධන ව්‍යාපෘති සිදුවන ප්‍රදේශයන්හි දෙදින සංචාරයක නිරත වී ඇති අතර ආරක්ෂක ලේකම්වරයාගේ හිතමිතුරන්ගේ පුද්ගලික ප්‍රදානයන් මඟින් මිලියන 25ක් වැය කරමින් ඉදිකෙරෙන යාපනය තෙලිප්පලෙයි මහජන විද්‍යාලයේ තුන්මහල් ගොඩනැඟිල්ල පළමුවෙන් පරීක්ෂාවට ලක්කෙරිණි. කීරමලේ යළි පදිංචි කරන ලද ධීවර ජනතාව ද හමු වී ඔවුන්ට පහසුකම් සලසන ලෙස නාවික හමුදාවට උපදෙස් දී තිබේ. එමෙන් ම ඉන්දියානු මුහුදු සීමාවන් …

Continue Reading

ගඩාෆිට පක්ෂපාත හමුදාවන්ගෙන් ලිබියාවේ ට්‍රිපෝලි ගුවන් තොටුපළට බෝම්බ ප්‍රහාරයක්

කර්නල් මුවම්මර් ගඩාෆිට පක්ෂපාත හමුදා ලිබියාවේ ට්‍රිපෝලි ගුවන් තොටුපළට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබේ.  විදෙස් වාර්තා පවසන්නේ, මෙහිදී ගුවන් යානයකට හානි සිදුවඇති අතර සිද්ධියත් සමඟ ප්‍රදේශයේ  වෙඩි හුවමාරුවක් ද ඇති වු බවයි. ඊට පෙර ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගේ උපන්ගම වන සර්ට්හි පිහිටි දැවැන්ත බංකර පෙළකට බ්‍රිතාන්‍ය ටොනාඩෝ වර්ගයේ ප්‍රහාරක යානා මිසයිල ප්‍රහාර එල්ල කළේය. මේ අතර ලිබියානු කැරළිකරුවන් එක්සත් ජා‍තීන්ගේ …

Continue Reading

හිටපු ජනපතිනිය බංගලාදේශ අගමැතිනිය හමුවේ

කලාපයෙන් දුගීබව හා ත‍්‍රස්තවාදය මුළිනුපුටා දැමීම සඳහා දකුණු ආසියානු රටවල් එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව හිටපු ශී‍්‍ර ලංකා ජනාධිපතිනී චන්දි‍්‍රකා කුමාරතුංග හා බංග්ලාදේශ අගමැතිනී ෂික් හසීනා අවධාරණය කර සිටියි පසුගියදා ඩකා නුවරදී සිදුකළ හමුවකදී ඔවුන් පවසා ඇත්තේ, දුගීබව ලොකුම සතුරා බවට යැයි ද වාර්තා වේ. බංග්ලාදේශයේ ආර්ථික ප‍්‍රගමනය වෙනුවෙන් ගෙන ඇති පියවර එහිදී එරට අගමැතිනිය විස්තර කොට ඇත.

Continue Reading

ඉන්දීය අගමැති රජීව් ඝාතකයින්ට මරණ දඬුවම

හින්දු පුවත්පත වාර්තා කරන ආකාරයට ඉන්දීය හිටපු අගමැති රජීව් ගාන්ධි මහතා ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන්ව සිටින මුරුගන්, සාන්තන් සහ පෙරරිවාලන් මරණීය දණඩනයට ලක්කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇතැයි වාර්තා වේ. මෙම කටයුතු ආරම්භ කර ඇත්තේ, එම වරදකරුවන් තිදෙනා සහනයක් ඉල්ලා ජනාධිපති ප්‍රතිභා පටෙල් මහත්මිය වෙත  ඉදිරිපත් කළ පෙත්සම ප්‍රතික්ෂේප කළ බවට තොරතුරු ලැබීමත් සමගයි. කෙසේ වෙතත් රජීව් ඝාතනයේ …

Continue Reading

හදිසි නීතියඉවත් කළේ සත් භාවයෙන් නෙමෙයි – ජෙනරාල් සරත් ෆොන්සේකා

රජය හදිසි නීතිය ඉවත් කිරීමට කටයුතු කළේ ජාත්‍යන්තරයෙන් ආ දැවැන්ත පීඩනය හමුවේ මිස සත්භාවයකින් නොවන බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පැවසීය. උරහිසේ ඇති වු ආබාධයකට කොළඹ පෞද්ගලික රෝහලකදී  ඊයේ (26 අගෝ.) භෞත චිකිත්සකප්‍රතිකාර ගැනීමෙන් පසුව බන්ධනාගාරයට ගෙන යන අතර සරත් ‍ෆොන්සේකා මහතා මෙම අදහස්පළ කළේය. එහිදී අදහස් දැක්වූ ඒ මහතා පෙන්වා දුන්නේ පසුගිය වසර දෙකක කාලය තුළ හදිසි නීතිය …

Continue Reading

වෙනස් කළ නොහැකි යැයි සනාථ කර තිබූ බොහෝ දෑ වෙනස් කිරීමට රජයට හැකි වුනා – ජනපති

ඉතිහාසය විසින් වෙනස් කළ නොහැකි යැයි සනාථ කර තිබූ බොහෝ දෑ වෙනස් කිරීමට තම රජයට හැකිවූ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා එම කරුණු අවධාරණය කරනු ලැබුවේ, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කොළඹ මහ නගර සභාවට තරග වදින සියලු අපේක්ෂකයින් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී හමුවු අවස්ථාවේදීය. මහින්ද රාජපක්ෂ මහතා එහිදී කියා සිටියේ කොළඹ නගරය ආශ්චර්යමත් කිරි‍මේදී එහි පැල්පත්වාසීන් නගරයෙන් ඉවත් …

Continue Reading

මහජන අධාර මුදල රුපියල් 1,000 දක්වා වැඩි කෙරේ

මහජන අධාර මුදල හෙවත් පිං පඩිය රුපියල් 500 සිට 1,000 දක්වා වැඩි කරන බව සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා පවසයි. අමාත්‍යවරයා ඒ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි. දයාසිරි ජයසේකර මහතා විමසා සිටියේ අඩු ආදායම්ලාභී පවුල්වල වැඩිහිටියන් සඳහා රජය විසින් ලබාදෙන මහජන ආධාර ලබන වැඩිහිටි සංඛ්‍යාව කොපමණද යන්න පිළිබදවයි. එම පිරිස 27,301ක්  …

Continue Reading

නව නාවික හමුදා කඳවුරු ස්ථාන ගත කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාව දැනට පවතින කඳවුරුවලට අමතරව නව කඳවුරු ස්ථාන ගතකිරීම් කිහිපයක් කිරීමට තීරණය කර ඇත. ඒ අනුව නාච්චිකුඩා, පානම සහ මුලතිව් යන ස්ථානවල නාවික හමුදා කඳවුර ආරම්භ කිරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි. මේ පිළිබඳව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසළ වර්ණකුලසූරිය මහතා පවසා ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ ආඥාවකට අනුව කඳවුරු ස්ථාන ගතකිරීම් කිරීමට තීරණය කළ බවය. මෙම …

Continue Reading