උසස් පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයේදී අසාධාරණයක්

අ.පො.ස. උසස් පෙළ විභාගය විෂය නිර්දේශ දෙකක් යටතේ පැවැත්වීමේදී ගෙන තිබූ දුර්වල තීරණයන් හේතුවෙන් විද්‍යා විෂය ධාරාව යටතේ පැරණි විෂය නීර්දේශයට මුහුණ දුන් සිසුන් සඳහා විශාල අසාධාරණයක් සිදුවී ඇති බව වාර්තා වේ. නව නිර්දේශය යටතේ වභාගයට පෙනීසිටි සිසුන්ට බහුවර්ණ ප්‍රශ්න පත්‍රය තුළ පැය දෙකකින් ප්‍රශ්න 50 කට පමණක් පිළිතුරු සැපයීමට තිබියදී එම කාලය තුළම ප්‍රශ්න 60 කට පිළිතුරු සැපයීමට සිදුවීම …

Continue Reading

ඉදිරියේ මහා පරිමාණ කැපකිරීම් කරලා මේ රටේ ජනතාව දූෂිත දේශපාලඥයින්ගෙන් බේරගන්න ඕනේ – ජෙනරාල් සරත් ෆොන්සේකා

හිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා භෞතචිකිත්සක ප‍්‍රතිකාර සඳහා ඊයේ(25 අගෝ.)කොළඹ පෞද්ගලික රෝහලකට රැගෙන එනු ලැබූ අවස්ථාවේදී රැස්ව සිටි ජනතාවට ප්‍රකාශ කළේ දූෂිත දේශපාලනඥයින්ගෙන් ජනතාව ගලවා ගැනීම සඳහා, රණවිරුවන් ඇතුළුව යුද්ධය වෙනුවෙන් විශාල කැපකිරීම් කළ සියළුදෙනාටම තමන් සමඟ දැන් එක්වන ලෙසය. ජෙනරාල්වරයා රෝහල තුළට අතුළු වූයේ ‘මාධ්‍යයට ජයවේවා.. මාධ්‍ය නිදහස රැකේවා’ යනුවෙන් පවසමිනි. රෝහලෙන් පිටව යමින් ඔහු කියා සිටියේ, …

Continue Reading

ශ්‍රී ලාංකීක දමිළ ප්‍රජාවට සිදුවන හිරිහැර පිළිබඳ ඉන්දීය විපක්ෂයේ දැඩි අප්‍රසාදය

අයි.ඒ.එන්.එස්. පුවත් සේවය වාර්තා කරන්නේ එල්ටීටීඊය පරාජය කිරීමෙන් පසුව ද ශී‍්‍ර ලංකාවේ දෙමළ ජාතිකයින්ට හිරිහැර සිදුවන බවට ඉන්දියාවේ විපක්‍ෂ දේශපාලන පක්‍ෂ දැඩි ලෙස තම අප්‍රසාදය පළකර ඇති බවයි. ශී‍්‍ර ලංකාවේ දෙමළ ජාතිකයින් සම්බන්ධයෙන් ලෝක් සභාව හා රාජ්‍ය සභාව හමුවේ ඊයේ (25 අගෝ.) පැවැති විවාදය අමතමින් ඔවුන් එම චෝදනා එල්ල කොට ඇත. ජනතා දාල් (එක්සත්), බිජු ජනතා දාල්, ඒ.අයි.ඒ.ඞී.එම්.කේ. හා කොමියුනිස් …

Continue Reading

දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා නතර කර නැහැ – අනුර ප්‍රියදර්ශන යාපා

ඊයේ (25 අගෝ.) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කළේ දෙමළ ජාතික සන්ධානය සමඟ කරනු ලබන සාකච්ඡා නතර කර නැති බවත් දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හරහා ඉදිරියේ දී සිදු කරන බවත්ය. ඔවුන් ඉදිරිපත් කරන ලද යම් …

Continue Reading

වැව් ප්‍රතිසංස්කරණය සඳහා වැව් ප්‍රතිසංස්කරණය සඳහා 2100 ක් – අමාත්‍ය නිමල් සිරිපාල

ඊයේ (25 අගෝ.) පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේ විනාශයට පත් වූ වැව් ප්‍රතිසංස්කරණය සඳහා මේ වනවිට වාරිමාර්ග දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 500ක් වෙන් කර ඇතැයි ද ඒ වෙනුවෙන් යථා කාලයේ දී තවත් රුපියල් මිලියන 1600 ක් වෙන් කිරීමට අපේක්ෂිත බවත්ය. 2011 ජනවාරි මස ඇති වූ අධික වර්ෂාව …

Continue Reading

සෝමලතා සුබසිංහයන්ගේ නාට්‍ය හෙට සහ අනිද්දා

කොට්ටේ රංග පීඨය විසින් ඉදිරිපත් කරනු ලබන සෝමලතා සුබසිංහයන්ගේ “අපට දැන් තේරෙයි” සහ තොප්පි වෙළෙන්ඳා” නාට්‍ය හෙට (27 අගෝ.) පස්වරු 3.30 ට සහ 7.00 සහ ද ඇයගේම නිර්මාණයක් වන “ව්කෘති” අනිද්දා (28 අගෝ.) පස්වරු 3.30 ට සහ 7.00 ට කොළඹ ලයනල් වෙන්ඩ්ට් හීදී රඟ දැක්වේ.

Continue Reading

ලයනල් වෙන්ඩ්ට් නාට්‍ය උළෙල

“ලයනල් වෙන්ඩ්ට් නාට්‍ය උළෙල” නමින් වේදිකා නාට්‍ය ත්‍රිත්වයක නාට්‍ය උළෙලක් ලබන සැප්තැම්බර් මස 02 වැනිදා සිට 04 වැනිදා දක්වා කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී පැවැත්වීම්ට කටයුතු යොදා ඇත. ඒ අනුව සැප්තැම්බර් මස 02 වැනිදා සයිමන් නවගත්තේගමයන්ගේ “සුභ සහ යස”, 03 වැනිදා රාජිත දිසානයකගේ “බකමූණා වීදි බසයි” සහ 04 වැනිදා රවීන්ද්‍ර ආරියරත්නගේ “බල්ලොත් එක්ක බැහැ” යන නාට්‍ය සවස 3.30 ට සහ 7.00 …

Continue Reading

පුංචි රඟහල චිත්‍රපට පෙන්වීම අරඹයි

මෙතෙක් වේදිකා නාට්‍ය පෙන්වීම සඳහා පමණක් සීමාවූ බොරැල්ලේ නාමෙල් මාලනී පුංචි රඟහල ලබන සැප්තැම්බර් මස 8 වන දින සිට චිත්‍රපට පෙන්වීම සඳහාද වෙන්කර ඇත. ඒ අනුව දිනකට දර්ශන වාර 4 ක් චිත්‍රපට තිරගත කරන අතර සිංහල, ඉංග්‍රීසි, හින්දි සම්භාව්‍ය චිත්‍රපට මෙන්ම හරවත් වාණිජ චිත්‍රපටද ප්‍රදර්ශනය කෙරේ. චිත්‍රපට අතරතුර නාට්‍ය පෙන්වීමද සිදු කෙරේ. සැප්තැම්බර් මස 8 වන දින මෙහි ආරම්භක අවස්ථාව …

Continue Reading

පළාත් පාලන ආයතන 25ක් සඳහා ඡන්ද විමසීම ඔක්තෝම්බර් 8 වෙනිදා

පළාත් පාලන ආයතන 25ක් සඳහා නාම යෝජනා භාර ගැනීම අද (25 අගෝ.) දහවල් 12න් පසුව අවසන් විය. ඡන්ද විමසීම ඔක්තෝම්බර් 8 වෙනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසයි. මේ අතර කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිධූරය සඳහා ප්‍රධාන පක්ෂ 3 ක අපේක්ෂකයන්ගේ නම් පසුගියදා ප්‍රසිද්ධියට පත් කරන ලදි. මීට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මිලින්ද මොරගොඩ මහතා, එක්සත් ජාතික පක්ෂයෙන් මුස්සාමිල් …

Continue Reading

හදිසි නීතිය ඉවත් කෙරේ

හදිසි නීතිය ඉවත් කළ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. හදිසි නීතිය ඉවත් කිරීමත් සමග සාමාන්‍ය නීතිය යටතේ රටේ පාලනය ගෙන යා හැකි බව ද හෙතෙම පැවසීය. හදිසි නීතිය ගෙන ඒමට හේතු වු සිද්ධින් පිළිබඳවද ජනාධිපතිවරයා එහිදී අදහස් පළ කළේය. පසුව නැගී සිටි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හදිසි නීතිය ඉවත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන …

Continue Reading