වැව් ප්‍රතිසංස්කරණය සඳහා වැව් ප්‍රතිසංස්කරණය සඳහා 2100 ක් – අමාත්‍ය නිමල් සිරිපාල

Spread the love

ඊයේ (25 අගෝ.) පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේ විනාශයට පත් වූ වැව් ප්‍රතිසංස්කරණය සඳහා මේ වනවිට වාරිමාර්ග දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 500ක් වෙන් කර ඇතැයි ද ඒ වෙනුවෙන් යථා කාලයේ දී තවත් රුපියල් මිලියන 1600 ක් වෙන් කිරීමට අපේක්ෂිත බවත්ය.

2011 ජනවාරි මස ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ  පාලනය වන වැව් කිසිවක් විනාශයට පත්වී නොමැති බව ද අමාත්‍යවරයා කීය.

කෙසේ වෙතත් වාරි ව්‍යාපෘති 210ක පමණ වාරි පද්ධතියට ගංවතුර අලාභ හානි සිදු වී තිබේ. මහවැලි කලාප ඇතුළු සියලු කෘෂි භූමිවල වගාවන් පවත්වාගෙන යාමට අවශ්‍ය පිළිසකර කිරීම් සිදු කර ඇති අතර අනෙකුත් පිළිසකර කිරීම් සිදු කෙරෙමින් පවතී.

RSL

Related Posts