හදිසි නීතිය අහෝසි කිරීම යුරෝපා සංගමයේ සහ බ්‍රිතාන්‍ය පසසයි

Spread the love

යුරෝපා සංගමයේ නියෝජිත කැතරින් ඇෂ්ටන් නිකුත් කළ නිවේදනයකින් දැක්වෙන්නේ, ශ්‍රී ලංකා රජය විසින් හදිසි නීතිය අහෝසි කිරීමට ගත් තීරණය පැසසුමට ලක්කරන බවත් දශක ගණනාවක් පැවති යුද්ධයෙන් පසුව රට සාමාන්‍ය අතට පත්වීම සඳහා එය වැදගත් පියවරක් බවත්ය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් සඳහා අත්‍යාවශ්‍ය සාධකයන් වන සිවිල් හා දේශපාලන අයිතීන්ට එරෙහිව පැවති සීමා ඒ සමඟම ඉවත් වෙන බව එහි සඳහන්ව ඇත.

මේ අතර, කොළඹ පිහිටි බි‍්‍රතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, එය ජනජීවිතය සාමාන්‍ය අතට පත්වීම සඳහා වන සුවිශේෂී පියවරක් බවයි.

RSL

Related Posts