චන්ද්‍රිකා ද සිල්වාට ලෝක ශූරතා ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියේ ශූරතාවය

මෙරට ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් තරග ඉතිහාසයේ ඉහළම ජයග්‍රහණය වාර්තා කරමින් කැනඩාවේ රිච්මන්ඩ් හී පැවැති ලෝක ශූරතා ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියේදී වයස අවුරුදු 35 න් ඉහළ කාණ්‌ඩයේ රන් පදක්‌කම දිනා ගැනීමට චන්ද්‍රිකා ද සිල්වා පසුගියදා (27 අගෝ.) සමත් වූවාය. ඇය එම ඓතිහාසික මොහොත උදාකරගත්තේ එම අවසන් මහා තරගයේදී අදාළ වයස්‌ කාණ්‌ඩයේ ලොව අංක එකේ ක්‍රීඩිකාව වන සත්කාරක රට වන කැනඩාවේ චාමනී රීඩ්ව පරාජය …

Continue Reading

මැදපෙරදිග දේශපාලනික අර්බුදය හේතුවෙන් මෙරට තේ අපනයනයට සිදුව ඇති අහිතකර බලපෑම

මැදපෙරදිග කලාපයේ වර්ධනය වෙමින් පවතින දේශපාලන නොසන්සුන්තාවන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ තේ අපනයන කර්මාන්තයට දැඩි අහිතර බලපෑමක්‌ එල්ල වී ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාවේ මුළු තේ අපනයනයෙන් සියයට 50 ක්‌ පමණ අපනයනය කරන්නේ මැදපෙරදිග කලාපයට වන අතර මින් ඉරානය, ඉරාකය, සිරියාව සහ ලිබියාව වැනි රටවල උත්සන්න වූ දේශපාලන නොසන්සුන්තාවන් හේතුවෙන් මේ අහිතකර තත්ත්වය උද්ගත වී ඇතැයි පෙන්වා දෙන තේ අපනයනකරුවන් …

Continue Reading

කයිට්ස් දූපතෙන් තවත් ශරීර ඇටසැකිළි හමුවේ

මිනිස්‌ ඇටසැකිළි 8 ක්‌ හමුවූ කයිට්‌ස්‌ සමූහ මිනීවළ අසලින් තවත් මිනිස්‌ ඇටසැකිළි කොටස්‌ කීපයක්‌ පසුගිය සෙනසුරාදා (27 අගෝ.) හමුවී තිබේ. කයිට්‌ස්‌ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසළ නව ගොඩනැඟිල්ලක්‌ ඉදිකිරීම සඳහා අත්තිවාරම් කපමින් සිටියදී මෙම දිරාගිය ශරීර  කොටස්‌ හමුවී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් කයිට්‌ස්‌ පොලිසිය කළ දැනුම් දීමකට අනුව කයිට්‌ස්‌ දිසා විනිසුරු ජෝයි මහාදේවා මහතා පැමිණ යාපනය ශික්‌ෂණ රෝහලේ වැඩබලන අධිකරණ …

Continue Reading

ජෙනරාල් ෆොන්සේකා මහතා තම මියගිය ඥාති දියණියකට අවසන් ගෞරව දක්වයි

බන්ධනාගාර ගතව සිටින  ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධාන නායක සරත් ෆොන්සේකා මහතා  ඔහුගේ සහෝදරයෙකුගේ මියගිය ඥාති දියණියකට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ (28 අගෝ.) අවමංගල්‍ය උත්සවයකට සහභාගී විය. කැළණිය – වෙදමුල්ලේ පිහිටි එම නිවස වෙත බන්ධනාගාර හා පොලිස් නිලධාරීන්ගේ ආරක්‍ෂාව සහිතව සරත් ෆොන්සේකා අද පස්වරු 3.50 ට පමණ ඊට සහභාගී වුයේ විශේෂ අවසරයක් මත බව  බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පී.ඩබ්ලිව්. කොඩිප්පිලි සඳහන් කරයි. …

Continue Reading

මහාචාර්ය ජී.එල්. පීරිස් රටවල් කිහිපයක සංචාරයක

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශී‍්‍ර ලංකාවට සහාය ලබාගැනීමේ අරමුණින් විදේශ කටයුතු ඇමති මහාචාර්ය ජීඑල් පීරිස් ඊයේ (28 අගෝ.) රටවල් කිහිපයක සංචාරයක් සඳහා පිටත්ව ගියේය. එම දෙසතියක සංචාරයේදී ඇමතිවරයා සිංගප්පූරුව, ජෝර්දානය, දකුණු කොරියාව සහ නොබැඳි ජාතීන්ගේ සමුළුවේ නිලධාරීන් සමඟ සාකච්ඡුා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්‍ෂණයක් සිදුකරන ලෙසට එජා මානව හිමිකම් කවුන්සිලයේදී ශී‍්‍ර ලංකාවට බලපෑම් …

Continue Reading

අයිරීන් කුණාටුවෙන් ඇමරිකාවට දැඩි හානි, 18 ක් මරුට; ශ්‍රී ලාංකිකයින්ට මෙතෙක් අනතුරක් නැහැ

ඇමරිකාවේ නැඟෙනහිර වෙරළබඩ පෙදෙස් හරහා හමා යන අයිරින් සුළි කුණාටුව නිසා එම ප්‍රදේශවල විදුලිය බිඳවැටී ඇති අතර, මේ වන විට 18 දෙනෙකු මරණයට පත්වී ඇති බවත් වාර්තාවේ. එසේම එම පෙදෙස්වලට සිදුවිය හැකි හානිය ඩොලර් බිලියන 10ක් පමණ විය හැකි බවටද වාර්තා වේ. නිව් යෝර්ක්, නිව් ජර්සි, වර්ජනියා, උතුරු කැරොලිනා, මේරිලන්ඩ්, ඩෙලවර් යන පෙදෙස්වලට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඊයේ පෙරවරු 2.00ට පමණ …

Continue Reading

බ්ලේක්ගේ ශ්‍රී ලංකා සංචාරය කල්යයි

දින තුනක සංචාරයක් සදහා හෙට (29) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටි ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබර්ට්  ඕ’ බ්ලේක් ගේ සංචාරය කල්දමා  ඇති තානාපති ආරංචි මාර්ගවලින්  වාර්තාවේ. අයිරීන් චන්ඩ මාරුතය නිසා මේවනවිට  ඇමරිකාවේ  ගුවන් තොටුපළවල් වසා දමා තිබීම මෙයට හේතුවී තිබේ. බ්ලේක් මහතා මෙරට සංචාරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ආරක්‍ෂක ලේකම්වරයා මෙන්ම  දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින්ද  රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානීන් …

Continue Reading

සැමට නිදහසේ නිවහල් ජාතියක් ලෙස ජිවත්වීමට අවශ්‍ය කරන පරිසරය තිබිය යුතුයි- ගරු බෙනඩික්ට් ජෝසප් පියතුමා

අවුරුදු තිහක යුද වකවානුව දිහා බලලා ඒ කාලයේ අපිව හසුවෙලා තිබුණු ඒ භයානක මහා යුද්ධය මිනිස් ජිවිතවලට, පොදු ජනතාවට සහ රටට මොන තරම් විශාල වින්නැහියක් කළාද කියන කාරණය අද අපිට හෙඳටම පැහැදිළියි. සාමය සම්බන්ධයෙන් විවිධවූ සාකච්ඡා පවතිනකොට අපි දෙවියන්ට යාතිකා කළේද ධනාත්මක ලෙස මෙම ගැටළුව විසඳගන්නට හැකියාව ලැබෙන ලෙසයි. මේ සම්බන්ධයෙන් අපි කතා කළේ යුද්ධයේ කටෝර බව දෙමළ ජනතාවගෙන් පටන්ගෙන …

Continue Reading

‘‘රට අවුලක – පෙරට එන්න’’ ජවිපෙන් මෙහෙයුමක්

‘‘රට අවුලක – පෙරට එන්න’’යන තේමාව යටතේ ජනතාව දැනුවත් කිරීමේ දෙසතියක එනම් ලබන සැප්තැම්බර් මස 01 වැනිදා සිට 15 වැනිදා දක්වා දිවයිනේ සියලූම දිස්ත‍්‍රික්ක ආවරණය වන පරිදි මෙහෙයුමක් ක‍්‍රියාත්මක කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇත. මෙම කාලයේදී ජනතාව දැනුවත් කිරීමේ ජනහමු, කැන්වසින්, අත් පත‍්‍රිකා බෙදාහැරීම් සහ උද්ඝෝෂණ ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ගේ ප‍්‍රධානත්වයෙන් හා …

Continue Reading

අල්කයිඩා සංවිධානයේ දෙවැන්නා ඝාතනය කෙරේ

අල්කයිඩා  සංවිධානයේ මෙහෙයුම් ප්‍රධානී අටියා අබ්ඩ් අල් රහමාන් පසුගිය 22වනදා පාකිස්ථානයේදි ඝාතනය කර තිබේ. පාකිස්තානයේ ඇෆ්ගන් දේශ සීමා ප‍්‍රදේශයේ පිහිටි ගෝති‍්‍රක වසිරිස්ථාන් ප‍්‍රාන්තයේදී අල්කයිඩා සංවිධානයේ දෙවැන්නා ලෙස සැලකෙන අටියා අබ්ද් අල් රහමාන් ඝාතනය කෙරුණු බව ඇමරිකා එක්සත් ජනපදය ප‍්‍රකාශ කරයි. අමෙරිකානු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙය තහවුරු කර ඇති බව ලොස් එන්ජලීස් පුවත්පත වාර්තා කරයි. මෙය ඔසාමා බින් ලාඞ්න්ගේ මරණයට පසු ලද …

Continue Reading