චන්ද්‍රිකා ද සිල්වාට ලෝක ශූරතා ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියේ ශූරතාවය

Spread the love

මෙරට ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් තරග ඉතිහාසයේ ඉහළම ජයග්‍රහණය වාර්තා කරමින් කැනඩාවේ රිච්මන්ඩ් හී පැවැති ලෝක ශූරතා ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියේදී වයස අවුරුදු 35 න් ඉහළ කාණ්‌ඩයේ රන් පදක්‌කම දිනා ගැනීමට චන්ද්‍රිකා ද සිල්වා පසුගියදා (27 අගෝ.) සමත් වූවාය.

ඇය එම ඓතිහාසික මොහොත උදාකරගත්තේ එම අවසන් මහා තරගයේදී අදාළ වයස්‌ කාණ්‌ඩයේ ලොව අංක එකේ ක්‍රීඩිකාව වන සත්කාරක රට වන කැනඩාවේ චාමනී රීඩ්ව පරාජය කරමින් වීමද සුවිශේෂී වේ.

එහිදී ලොව අංක එක ක්‍රීඩිකාවට කිසිදු අවස්‌ථාවක්‌ ලබා නොදුන් චන්ද්‍රිකා විසින් තරග වට 2-0 ක ජයක්‌ සටහන් කරනු ලැබූ අතර එහි ලකුණු තත්ත්වය 21-16 ක්‌ සහ 21-16 ක්‌ ලෙසින් සටහන් විය.

ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ මෙහෙයවීමෙන් රටවල් 42ක සහභාගීත්වයෙන් ඉකුත් 21 දා සිට 27දා දක්‌වා පැවැති මෙම තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩාකාවෝ 641 ක්‌ සහභාගී වූහ.

මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් එම සුවිශේෂී ජයග්‍රහණය වාර්තා කළ චන්ද්‍රිකා ද සිල්වා මෙම 30දා දහවල් 12 ට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

RSL

Related Posts