2012 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ නිලධාරීන් පත් කෙරේ
-
RSL
-
October 5, 2011
-
ක්‍රීඩා
-
0 Comments
ලබන වසරේදි ශ්‍රී ලංකාවේදි පැවැත්වෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සංවිධාන කටයුතු සඳහා නිලධාරීන් පත් කිරීම මේ වන විට සිදු කර ඇතැයි වාර්තා වේ. තරඟාවලියෙහි අධ්‍යක්ෂ ලෙස උපේකා අබේකෝන් නෙල් මහත්මිය පත්කර ඇති අතර, කාර්ය සම්පාදන ප්‍රධානීයා ලෙස හිටපු එයාර් වයිස් මාර්ෂල් ශ්‍රියාන් සමරරත්න පත්කර ඇත. පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය වෙනුවෙන් සිදුකළ මෙම පත්කිරීම් ශ්‍රී …
Continue Reading
Lion King 3D පරදා Dolphin Tale ඉදිරියට
-
RSL
-
October 5, 2011
-
Uncategorized
-
0 Comments
පිට පිටම සති දෙකක් උතුරු අමෙරිකානු බොක්ස් ඔෆිස් වාර්තා අතර පළමු ස්ථානය හිමි කරගත් “The Lion King 3D” චිත්‍රපටය පරදවමින්“Dolphin Tale” චිත්‍රපටය පළමු ස්ථානය හිමිකර ගත්තේය. ආරම්භක සති අන්තය තුළ “Dolphin Tale” චිත්‍රපටය උතුරු අමෙරිකාවේ ප්‍රදර්ශනය තුළින් උපයන ලද ආදායම ඩොලර් මිලියන 14.2කි. සුපිරි හොලිවුඩ් නළු බ්‍රැඩ් පිට් රගන “Moneball” චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා අතර දෙවන ස්ථානය හිමි කර ගත් අතර “The Lion King 3D” චිත්‍රපයට තෙවන ස්ථානය හිමි …
Continue Reading
මැතිවරණය තුළ රනිල් නායකත්වය රැකගැනීමේ අරඟලයක – මෛත්‍රීපාල සිරිසේන
-
RSL
-
October 5, 2011
-
Uncategorized
-
0 Comments
මැතිවරණය තුළ රනිල් වික්‍රමසිංහ නායකත්වය රැකගැනීමේ අරඟලයක යෙදී සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන පවසයි. ඔහු මේ බව පැවසුවේ ඊයේ (04 ඔක්.) පැවති මාධ්‍ය හමුවකදීය. “මේ මැතිවරණ විසිතුන තුළත් රනිල් වික්‍රමසිංහ මහත්මයා තම නායකත්වය රැක ගැනීමේ මහා අරගලයක යෙදිලා තියෙනවා. මේ මැතිවරණ විසිතුනේ ප්‍රතිඵලය රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉදිරිපත්වන ඊළඟ පක්ෂ අභ්‍යන්තරයේ කැරැල්ල සඳහා ඉඩකඩක් සහ අවස්ථාවක් …
Continue Reading
සාම්පූර් බලාගාරයේ සම්පූර්ණ වාර්තාවක් ලබන ජනවාරියේදී
-
RSL
-
October 4, 2011
-
Uncategorized
-
0 Comments
ඩොලර් මිලියන 700ක වියදමින් ත්‍රිකුණාමලයට ආසන්න සාම්පූර් ප‍්‍රදේශයේ ඉදිකිරීමට නියමිත තාපවිදුලි බලාගාරය සම්බන්ධයෙන් වන සවිස්තරාත්මක වාර්තාවක් ලබන ජනවාරි මාසය වන විට සකස් කොට අවසන් කිරීමට එහි එක් ඉදිකිරීම් පාර්ශ්වකරුවෙකු වන ඉන්දියාවේ එන්ටීපීසී සමාගම අපේක්‍ෂා කරයි. ශි‍්‍ර ලංකා විදුලිබල මණ්ඩලය සමඟ එක්ව ඩොලර් මිලියන 700ක වියදමින් ඉදිකිරීමට යන මෙගාවොට් 500ක ධාරිතාවකින් යුත් එම බලාගාරය ඉන්දීය සමාගමේ පළමු විදෙස් ව්‍යාපෘතිය වන බව …
Continue Reading
එල්ටීටීඊ යට මුදල් රැස්කළ 5 දෙනෙකුට නෙදර්ලන්තයේදී පැවරූ නඩුව විභාගයට
-
RSL
-
October 4, 2011
-
Uncategorized
-
0 Comments
එල්ටීටීඊය වෙනුවෙන් මුදල් එක්රැස් කිරීමේ චෝදනාවට ලක්ව සිටින නෙදර්ලන්ත දෙමළ ජාතිකයින් පස්දෙනෙකුට එරෙහිව හේග්හි පිහිටි අධිකරණයක් ඉදිරියේ ගොනු කොට ඇති නඩුව සලකා බලන විනිසුරු මඬුල්ලට තවදුරටත් එම නඩුව විභාග කිරීමට අවසර ලැබී ඇතැයි වාර්තා වේ. නෙදර්ලන්ත ගුවන් විදුලිය වාර්තා කරන ආකාරයට එම විනිසුරුවන්ට එරෙහිව චූදිතයින් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වික්ටර් කොප් ඉදිරිපත් කළ විරෝධතාවක් හේග්හි අධිකරණ බේරුම්කාර මණ්ඩලය ප‍්‍රතික්‍ෂේප කොට …
Continue Reading
කොළඹ පැල්පත්වල සිටින ජනතාවගේ ජීවන තත්ත්වය නැංවීමට විශේෂ වැඩපිළිවෙලක් – ගෝඨාභය රාජපක්‍ෂ
කොළඹදී ඊයේ (03 ඔක්.) පැවැති ලෝක ජනාවාස දින සැමරුම් උත්සවයට සහභාගිවෙමින් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසුවේ කොළඹ නගරයේ ඇතැම් ප‍්‍රදේශ හරිත කලාප ලෙස පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය කරන විධි විධාන ඇතුලත් පනත් කෙටුම්පතක් ලගදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් එම ප‍්‍රදේශවල ගොඩනැගිලි ඉදිකිරීම මුළුමනින්ම තහනම් කෙරෙන බවත්ය. කොළඹ පැල්පත්වල සිටින ජනතාවගේ ජීවන තත්ත්වය නැංවීම සඳහා රජය විශේෂ වැඩපිළිවෙලක් දියත් …
Continue Reading
මහනුවරට ගුවන් තොටුපොළක් – ජනපති මහින්ද රාජපක්ෂ
අංග සම්පූර්ණ ගුවන් තොටුපොළක් මහනුවර ඉදිකරන බවත් ඒ සඳහා අවශ්‍ය අක්කර 100ක භූමි ප්‍රමාණයක් මේ වනවිට වෙන්කර ඇති බවත මහනුවර ජනපති මන්දිරයේදී ඊයේ (03 ඔක්.) පැවැති ජන හමුවකදී ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. වරාය ගුවන් තොටුපොළ හැමදේම හම්බන්තොටට යැයි ඇතමුන් පදනම් විරහිත චෝදනා කරන බවත් ඒ ඒ පළාත්වලට ගැළපෙන සංවර්ධනය හඳුනා ගෙන එය ක්‍රියාත්මක කිරීම රජයේ අරමුණ බවත් මහින්ද රාජපක්‍ෂ …
Continue Reading
රජයට අයත් ඉඩම් අක්‌කර 2000 ක් සමාගම් එකොළහකට බදු දෙයි
-
RSL
-
October 4, 2011
-
Uncategorized
-
0 Comments
‘දිවයින’ පුවත්පත වාර්තා කරන ආකාරයට කොළඹ, මාතලේ, ත්‍රිකුණාමලය, පුත්තලම, නුවරඑළිය සහ කෑගල්ල දිස්‌ත්‍රික්‌ක තුළ පිහිටි රජයට අයත් ඉඩම් අක්‌කර දෙදහසක් දීර්ඝකාලීන බදු පදනම යටතේ ප්‍රධාන සමාගම් එකොළහකට ලබාදීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ. සංචාරක, කෘෂිකාර්මික, ජල විදුලි, සුළං, විදුලිබල සහ ලුණු ලේවායන් ඉදිකිරීම සඳහා මෙම ඉඩම් ලබාදීමට නියමිත අතර අනූනව අවුරුදු, පනස් අවුරුදු සහ තිස් අවුරුදු බදු පදනම මත …
Continue Reading
මෙවර පළාත් පාලන මැතිවරණයට ජන්තාවගේ වැඩි උනන්දුවක්
-
RSL
-
October 4, 2011
-
Uncategorized
-
0 Comments
මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජනතාවගේ උනන්දුව වැඩි වී තිබෙන බව ජාතික මැතිවරණ නිරීක්‍ෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි. මෙම මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර මහතා පවසන ආකාරයට මේ මැතිවරණයේදී ඡන්දදායකයන් වැඩි පිරිසක් ඡන්දය භාවිතා කිරීමේ ලකුණු තිබෙන බව පැවසීය. මෙවර මැතිවරණය සාමකාමී බව පෙන්වා දෙන හෙතෙම, ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක වන එක්සත් ජනතා නිදහස් සන්ධානයත්, එක්සත් ජාතික පක්‍ෂයත්, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ …
Continue Reading
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෘත්තීමය කි‍්‍රයාමාර්ගය අධිකරණ නියෝගයෙන් අත්හිටුවේ
-
RSL
-
October 3, 2011
-
Uncategorized
-
0 Comments
ඒ. ජුලියානා දහනායක නමැති තැනැත්තියක් විසින් ගොනු කොට ඇති පෙත්සමක් සලකා බැලීමෙන් පසු, ඉදිරි දින 14ක කාලය තුලදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තීමය කි‍්‍රයාමාර්ගයට එළැඹීමෙන් වළක්වාලන නියෝගයක් කොළඹ දිස්ති‍්‍රක් විනිසුරු එස් වතුපොල අද (03 ඔක්.) නිකුත් කළේය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයාගේ පෞද්ගලික ලිපිගොනුව අතුරුදහන් වීමේ සිද්ධියක් මත එම සංගමය අද සිට වෘත්තීමය කි‍්‍රයාමාර්ගයක් ගැනීමට යන බව පෙත්සම්කාරිය දක්වා සිටියාය. …
Continue Reading