මෙවර පළාත් පාලන මැතිවරණයට ජන්තාවගේ වැඩි උනන්දුවක්

Spread the love

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජනතාවගේ උනන්දුව වැඩි වී තිබෙන බව ජාතික මැතිවරණ නිරීක්‍ෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මෙම මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර මහතා පවසන ආකාරයට මේ මැතිවරණයේදී ඡන්දදායකයන් වැඩි පිරිසක් ඡන්දය භාවිතා කිරීමේ ලකුණු තිබෙන බව පැවසීය.
මෙවර මැතිවරණය සාමකාමී බව පෙන්වා දෙන හෙතෙම, ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක වන එක්සත් ජනතා නිදහස් සන්ධානයත්, එක්සත් ජාතික පක්‍ෂයත්, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ කොළඹ නගරයේ ඉතා උනන්දුවෙන් දේශපාලන ප්‍රචාරක කටයුතු කරන බවටද සඳහන් කරයි.


RSL

Related Posts