කොළඹ පැල්පත්වල සිටින ජනතාවගේ ජීවන තත්ත්වය නැංවීමට විශේෂ වැඩපිළිවෙලක් – ගෝඨාභය රාජපක්‍ෂ

Spread the love

කොළඹදී ඊයේ (03 ඔක්.) පැවැති ලෝක ජනාවාස දින සැමරුම් උත්සවයට සහභාගිවෙමින් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසුවේ කොළඹ නගරයේ ඇතැම් ප‍්‍රදේශ හරිත කලාප ලෙස පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය කරන විධි විධාන ඇතුලත් පනත් කෙටුම්පතක් ලගදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් එම ප‍්‍රදේශවල ගොඩනැගිලි ඉදිකිරීම මුළුමනින්ම තහනම් කෙරෙන බවත්ය.
කොළඹ පැල්පත්වල සිටින ජනතාවගේ ජීවන තත්ත්වය නැංවීම සඳහා රජය විශේෂ වැඩපිළිවෙලක් දියත් කර ඇති බව ද ආරක්‍ෂක ලේකම්වරයා මෙහිදී කියා සිටියේය.

RSL

Related Posts