ඉන්දීය ධීවරයන්ට සිදුවන ප්‍රහාරයන්ට එරෙහිව ඉන්දීය රජය මැදිහත් විය යුතුයි – ජයලලිතා

‘දි හින්දු’ වාර්තා කර සිටින්නේ ඉන්දීය ධීවරයින්ට එරෙහිව ශී‍්‍ර ලංකා නාවික හමුදාවෙන් එල්ල වන බව කියන ප‍්‍රහාරයන් එරටට එරෙහිව සිදුකරන ආක‍්‍රමණයක් හා පෙළඹවීමක් ලෙසින් සලකන්නැයි තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලා සිටින බව පසුගිය දා චෙන්නයි හිදී ඉන්දීය විදේශ ලේකම් රන්ජන් මාතායි සමඟ පැවසූ බවයි. පකිස්තානය හා චීනය විසින් ඉන්දියාවට එරෙහිව දේශසීමා හරහා වෙඩි ප‍්‍රහාර එල්ල කිරීම …

Continue Reading

මනෝ ගනේෂන්ගේ සහය එජාපයට

මනෝ ගනේෂන් මහතා නායකත්වය දරන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණ කොළඹ මහනගර සභාවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයත් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට තීරණය කර ඇතැයි වාර්තාවේ. මේ සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද උදෑසන එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ,නියෝජ්‍ය නායක කරු ජයසුරිය යන මහත්වරුන් සහ මනෝ ගනේෂන් මහතා අතර පැවැත්වීමට නියමිතව තිබිණි. කොළඹ මහනගර සභාවේ මැතිවරණය නිමාවට පත්වුයේ කිසිඳු තනි පක්ෂයකට …

Continue Reading

ශ්‍රී ලංකාවට එරෙහි චෝදනාවන්ට සාක්ෂි දීමට කරුණා සැරසේ

නැගෙනහිර එල්.ටි.ටි.ඊ. විශේෂ හමුදා නායකයාව සිටි රමේෂ්ගේ බිරිය වන වත්සලා දේවි මත්මිය විසින් ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාට, මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට සහ මේජර් ජනරාල් ජගත් ඩයස්‌ට එරෙහිව පවරා ඇති සියලුම නඩු සම්බන්ධයෙන් තමා සත්‍ය තොරතුරු ජාත්‍යන්තර ප්‍රජාවට හෙළි කරන බව අමාත්‍ය විනයාමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අවධාරණය කර සිටියි. ශ්‍රී ලංකාවට විරුද්ධව ඉදිරිපත් කර ඇති සාවද්‍ය යුධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් ඕනෑම …

Continue Reading

කොළොන්නාවේදී මෙවැන්නක් ඇති විය හැකි බව මම පැවසුවා – දයාසිරි

කොලොන්නාව ආසනයේ තිබු නොසන්සුන් කාරී තත්වය පිළිබඳව තමන් විසින් පසුගිය 6 වනදා පාර්ලිමේන්තුවේදී කල හෙළිදරවු කිරීමට කන් දුන්නේ නම් මේ ආකාරයේ කණාගාටුදායක සිද්ධියක් ඇති නොවීමට ඉඩ තිබූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. මුල්ලේරියාවේ පවතින ප‍්‍රචණ්ඩ වාතාවරණය ගැන කල හෙලිදරවු කිරීම්වලට මූලාසනයෙන් සිදු කළේ තමාගේ ප‍්‍රකාශ හැන්සාඞ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස නියෝග දී තමාව එළවා දැමීම පමණක් බවත් බව …

Continue Reading

ලියම් ෆොක්ස්ට එරෙහිව එල්ල වන බලපෑම් තවත් දැඩි වෙයි

තම සමීප මිතුරෙකු වන ඇඩම් වෙරිටි සමඟ රාජකාරිමය වශයෙන් සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් ලියම් ෆොක්ස්ට එරෙහිව එල්ල වන බලපෑම් තවත් දැඩි වෙයි. බීබීසීය වාර්තා කර සිටින්නේ ඔවුන් දෙදෙනා පසුගිය වසරේ ලන්ඩන්හි හෝටලයකදී ශී‍්‍ර ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සමඟ සිදුකළ හමුවක් ද ඊට හේතු වී ඇති බවයි. වෙරිටි මහතා බි‍්‍රතාන්‍ය ආරක්‍ෂක අමාත්‍යංශය සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති වුවද, ආරක්‍ෂක ලේකම්වරයාගේ …

Continue Reading

ජනතා විශ්වාසය නැවතත් පෙන්නුම් කළා – අගමැති

නිවේදනයක් නිකුත් කරමින් අගමැති දි. මු. ජයරත්න මහතා පවසන්නේ මැතිවරණයෙන් එජනිසය ලැබූ විජයග්‍රහණයෙන් පෙන්නුම් කරන්නේ රජයේ සංවර්ධන ක්‍රියාදාමය කෙරෙහි ජනතාව දක්වන විශ්වාසය බවයි. අගමැතිවරයා එම නිවේදනයේ මෙසේ තවදුරටත් සඳහන් කරයි. වසර පනස් අටකට පසු මහනුවර මහ නගර සභාවේ පාලන බලය ද එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලැබී තිබේ. මේ ඓතිහාසික මොහොතේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස එම ආඩම්බරය …

Continue Reading

කොළඹ අපේක්ෂකත්වයට ජනපතිගේ මුල්ම ආරාධනය භාරතටයි – දිනමිණ

කොළඹ නගර සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කිරීමට ජනාධිපතිතුමා මුලින්ම ආරාධනා කළේ ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාට බව දිනමිණ අනාවරණය වෙයි. මේ අපේක්ෂකත්වය බාර ගන්නැයි ජනාධිපතිවරයා කීපවිටක්ම කළ ඉල්ලීමට අකමැත්ත පළ කළ ප්‍රේමචන්ද්‍ර මහතා එය තමාට ජය ගැනීම දුෂ්කර බව ප්‍රකාශ කර ඇති බව එහි තව ඩුරටත් සඳහන්. මහ මැතිවරණයෙන් මින් පෙර තරග කර පරාජයට පත් වූ බව ද ඔහු සිහිපත් …

Continue Reading

කොළඹ ජය එජාපයට

පළාත් පාලන මැතිවරණයේ කොළඹ මහනගර සභාවේ බලය හිමිකරගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත්විය. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය ඡන්ද 101,920 ක් ලබාගත් අතර ඔවුන්ට හිමිවූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 24 කි. එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 77,089 ක් ලබාගත් අතර මන්ත්‍රී ධූර 16 ක් හිමිවිය. ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණට හිමිවූ ආසන සංඛ්‍යාව 6කි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් සන්ධානය මන්ත්‍රී ධූර 2 …

Continue Reading

එක්සත් ජනතා නිදහස් සන්ධානයට විශිෂ්ට ජයක්

පළාත් පාලන ආයතන 23 ක් වෙනුවෙන් ඊයේ පැවති ඡන්ද විමසීමෙන් විශිෂ්ඨ ජයක් ලැබීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත් විය. ඒ පළාත් පාලන ආයතන 23 න් ආයතන 21 ක බලය තමන් සතුකරගනිමිනි. එක්සත් ජාතික පක්ෂය කොළඹ මහනගර සභාවේ බලය හිමිකරගැනීම සමත්වූ අතර කල්මුණේ මහ නගර සභාවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ බලය හිමිකර ගත්තේය. අනුරාධපුර මහ නගර සභාව එක්සත් ජනතා නිදහස් සන්ධානය …

Continue Reading

ඊයේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් ජනපති අවධානය

මේ වන විට තිදෙනෙකුට මරු කැඳවමින් ඊයේ සවස (08 ඔක්.) මුල්ලේරියාව ප‍්‍රදේශයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දේශපාලනඥයින් දෙදෙනෙකු අතර සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් නිසි පරීක්‍ෂණයක් පවත්වන ලෙසට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නියෝග කර ඇතැයි වාර්තා වේ. පොලිසිය පවසන්නේ ජනාධිපතිවරයාගේ නියමය පරිදි වෙඩි තැබීම පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීම පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා විසින් රහස් පොලිසියට භාරදී ඇති බවයි. ජනාධිපති උපදේශක භාරත …

Continue Reading