මුල්ලේරියාව පොලිස් බලප‍්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය

අද පෙරවරුවේ සිදුවු වෙඩි තැබීමෙන් සිදුවූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනයෙන් පසුව මුල්ලේරියාව පොලිස් බලප‍්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. අද පස්වරු 4.30 සිට හෙට අලූයම 6.00 වන තෙක් පොලිස් ඇදිරි නීතිය පැනවූ බව පොලීසිය සඳහන් කරයි. සාමකාමීව හැසිරෙන ලෙස පොලීසිය මහජනතාවට දැනුම්දී සිටියි. ප‍්‍රදේශය හරහා ගමන් කරන රථ වාහන සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසද පොලීසිය කියයි.

Continue Reading

වෙඩි තැබීමකින් භාරත ලක්ෂමන් ජීවිතක්ෂයට පත්වේ, දුමින්ද සිල්වාට බරපතල තුවාල

අංගොඩ, සල්මල් උයන ප‍්‍රදේශයේ ඡන්ද පොල මධ්‍යස්ථානයක් අසළදී සිදු වූ ගැටුමකදී ඇති වූ වෙඩි තැබීමකින් ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ජීවිතක්ෂයට පත් වී ඇති අතර, පාර්ලිමේන්තු මන්ත‍්‍රි දුමින්ද ආර්. සිල්වා මහතා බරපතළ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. භාරත ලක්ෂ්මන් පේ‍්‍රමන්ද්‍ර මහතා වෙඩි වැදුනු ස්ථානයේදීම මිය ගොස් ඇති අතර, වෙඩි වැදුන ඔහුගේ ආරක්ෂකයින් දෙදෙනෙකු අංගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව …

Continue Reading

එල්ටීටීඊයේ නියෝජිතයින් පිළිබඳව ශී‍්‍ර ලංකාව තවදුරටත් අවදියෙන් -ආචාර්ය පාලිත කොහොන

ත‍්‍රස්තවාදය මඟින් තම පරමාර්ථ මුදුන්පත් කර ගැනීමට නොහැකි වූ එල්ටීටීඊ හිතවාදීන් දැන් විශාල මුදලක් වැය කොට සිදුකරන ප‍්‍රචාරක ව්‍යාපාරයක් මඟින් එම අරමුණු ඉටු කරගැනීමට උත්සාහ කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිටින ශී‍්‍ර ලංකා නියෝජිත ආචාර්ය පාලිත කොහොන මහතා කියා සිටී. ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කිරීමේදී ශී‍්‍ර ලංකාව සාර්ථකත්වයට ලඟා වුවද, ලොව අනෙක් රටවල් ඒ සම්බන්ධයෙන් ප‍්‍රමාණවත් පරිදි කි‍්‍රයා කර නොමැති බවත් …

Continue Reading

හිටපු එංගලන්ත වේග පන්දු යවන්නකු වූ ග්‍රැහැම් ඩිලී මිය යයි

හිටපු එංගලන්ත වේග පන්දු යවන්නකු වූ ග්‍රැහැම් ඩිලී පිළිකා තත්ත්වයක් හේතුවෙන් කෙටි කලක් රෝගාතුරව සිටීමෙන් පසුව පසුගිය දා (05 ඔක්.) මිය ගොස් තිබේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 52ක් විය. සිය පරම්පරාවේ වේගවත්ම පන්දු යවන්නකු වූ ඩිලී, එංගලන්තය වෙනුවෙන් 29.78ක සාමාන්‍යයකින් යුතුව ටෙස්ට් කඩුලු 138ක් ලබා ගත්තේය. එහෙත් එංගලන්තය වෙනුවෙන් ඔහුගේ අමතක නොවන හොඳම දායකත්වය වාර්තා වූයේ පිත්තෙනි. 1981 වසරේ …

Continue Reading

පාකිස්ථානය බිල් ලාඩන්ගේ වැන්දඹුවන්ගෙන් හා දියණියන්ගෙන් ප්‍රශ්න කරයි

ඝාතනය වු අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන් වසර ගණනාවක් පාකිස්තානයේ රහසේ ජීවත්ව සිටි ආකාරය විමර්ශනය කරන කොමිසම පසුගිය දා (05 ඔක්.) පළමුවරට ඔහුගේ වැන්දඹුවන්ගෙන් හා දියනියන්ගෙන් ප්‍රශ්න කර තිබේ. කොමිසම නිවේදනයක් මගින් ප්‍රකාශ කර ඇත්තේ බින්ලාඩන් ගේ වැන්දඹුවන් තිදෙනා හා දියණියන් දෙදෙනාගෙන් සවිස්තරාත්මකව ප්‍රශ්න කිරීම ඔවුන් පෙරේදා ආරම්භ කළ බවය. එහෙත් ඊට වැඩි යමක් ඔවුන් ප්‍රකාශ කර නැත. ඉකුත් මැයි …

Continue Reading

ගුරු ප්‍රතිභා ප්‍රභා ප්‍රණාම උළෙල – 2011 අරලියගහ මන්දිරයේදී

ලෝක ගුරු දිනය මුල්කර ගනිමින් සංවිධානය කෙරුණු ගුරු ප්‍රතිභා ප්‍රභා ප්‍රණාම උළෙල – 2011 අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (06 ඔක්.) පැවැත්විණි. මෙම අවස්ථාවේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි මාලනී හේරත් මහත්මිය වෙත එම පාසලේ අනගාරික ධර්මපාල කෞතුකාගාරය විවෘත කිරීම වෙනුවෙන් උපහාර …

Continue Reading

පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පෙට්ටි නිකුත් කිරීම ඇරඹේ

මැතිවරණ මහලේකම් කාර්යාලය පවසන ආකාරයට හෙට පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පෙට්ටි නිකුත් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කිරිමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ. අතිරේක මැතිවරණ කොමසාරිස් ඩබ්ලිව්.පි. සුමනසිරි සදහන් කළේ ඡන්ද රාජකාරි කටයුතු සදහා රජයේ නිලධාරීන් 20,000 ක් පමණ යොදවා සිටින බවයි. මේ අතර ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කෙරෙන කාලය තුළ විශේෂ ආරක්ෂක වැඩපිලිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් …

Continue Reading

මත්කුඩු වැනි මත්ද්‍රව්‍ය හේතුවෙන් පීඩා විඳින කොළඹ ජනතාව ඉන් බේරාගත යුතුයි – ජනපති

ඊයේ (06 ඔක්.) අරලියගහ මන්දිරයේදී සුරාබදු සැරයන් හා නියාමක සංගමයේ 60 වන සංවත්සරය වෙනුවෙන් මුද්දරයක් සහ සමරු කවරයක් නිකුත් කිරීමේ උත්සවයට සහභාගීවෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ ‍මත්කුඩු වැනි මත්ද්‍රව්‍ය හේතුවෙන් කොළඹ ජීවත් වන ජනතාව දැඩි ලෙස පීඩාවන්ට ලක් වන බවත් එම උවදුරුවලින් ජනතාව බේරා ගැනීම සදහා සුරාබදු නිලධාරීන්ගේ සහාය අවශ්‍ය බවත්ය. මත්කුඩු වැනි නීති විරෝධි මත්ද්‍රව්‍ය හේතුවෙන් කොළඹ ජනතාව …

Continue Reading

දිනකට ඩෙංගු රෝගීන් 25 දෙනෙකු කොළඹින්

වසරේ ගතවූ කාලය තුළ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් පුද්ගලයින් 23 දෙනෙකු මිය ගොස් තිබේ. කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රදිප් කාරියවසම් සදහන් කළේ පසුගිය මාස කිහිපය තුළ දිනකට රෝගින් 25 ක් පමණ වාර්තා වී ඇති බවයි. මේ වනවිට ඩෙංගු රෝගීන් දිනකට වාර්තා වන්නේ 3ත් 4 ත් සංඛ්‍යාවක් බව ප්‍රදීප් කාරියවසම් …

Continue Reading

උතුරු පළාතේ සංවර්ධනයට මුදල්වලින් ඩොලර් මිලියන 200 ක හිඟයක්

උතුරු පළාතේ සංවර්ධනය සඳහා අවශ්‍ය මුදල්වලින් ඩොලර් මිලියන 200ක හිඟයක් පවතින බව එනම් පළාත සඳහා වන ඒකාබද්ධ කි‍්‍රයාකාරී සැලැස්ම කි‍්‍රයාත්මක කිරීමට ඩොලර් මිලියන 289ක් අවශ්‍ය වුවද, මෙතෙක් ලැබී ඇත්තේ ඉන් ඩොලර් මිලියන 76.5ක් පමණක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියා සිටී. මේ වසර මැදදී කරනු ලැබූ ඇගයීමකදී හෙළිව ඇත්තේ, මානුෂීය, නැවත යථා තත්ත්වයට පත් කිරීම හා එම අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා …

Continue Reading