වෙඩි තැබීමකින් භාරත ලක්ෂමන් ජීවිතක්ෂයට පත්වේ, දුමින්ද සිල්වාට බරපතල තුවාල

Spread the love

අංගොඩ, සල්මල් උයන ප‍්‍රදේශයේ ඡන්ද පොල මධ්‍යස්ථානයක් අසළදී සිදු වූ ගැටුමකදී ඇති වූ වෙඩි තැබීමකින් ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ජීවිතක්ෂයට පත් වී ඇති අතර, පාර්ලිමේන්තු මන්ත‍්‍රි දුමින්ද ආර්. සිල්වා මහතා බරපතළ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

භාරත ලක්ෂ්මන් පේ‍්‍රමන්ද්‍ර මහතා වෙඩි වැදුනු ස්ථානයේදීම මිය ගොස් ඇති අතර, වෙඩි වැදුන ඔහුගේ ආරක්ෂකයින් දෙදෙනෙකු අංගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයා මේ වන විට ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයකට ඇතුළත් කර ඇති අතර, හදිසි ශෛල්‍යකර්ම කිහිපයක් මේ වන විට සිදු කරමින් පවතී.

මෙම වෙඩි තැබීමේදී දුමින්ද සිල්වා මහතාගේ හිතවතුන් පිරිසකට වෙඩි වැදී ඇති අතර, ඔවුන් ද ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇත.

[youtube hYLlfWcUWfU]

RSL

Related Posts