ඉන්දීය ධීවරයන්ට සිදුවන ප්‍රහාරයන්ට එරෙහිව ඉන්දීය රජය මැදිහත් විය යුතුයි – ජයලලිතා

Spread the love

‘දි හින්දු’ වාර්තා කර සිටින්නේ ඉන්දීය ධීවරයින්ට එරෙහිව ශී‍්‍ර ලංකා නාවික හමුදාවෙන් එල්ල වන බව කියන ප‍්‍රහාරයන් එරටට එරෙහිව සිදුකරන ආක‍්‍රමණයක් හා පෙළඹවීමක් ලෙසින් සලකන්නැයි තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලා සිටින බව පසුගිය දා චෙන්නයි හිදී ඉන්දීය විදේශ ලේකම් රන්ජන් මාතායි සමඟ පැවසූ බවයි.

පකිස්තානය හා චීනය විසින් ඉන්දියාවට එරෙහිව දේශසීමා හරහා වෙඩි ප‍්‍රහාර එල්ල කිරීම හා ලංකා නාවික හමුදාවේ එම ප‍්‍රහාරයන් එක හා සමාන බව ඇය සඳහන් කර ඇත.

ඉන්දීය විදේශ ලේකම්වරයා මේ සතියේ ශී‍්‍ර ලංකාවේ සංචාරයක් සඳහා පැමිණීමට නියමිතයි.

එම කරුණ මෙන්ම, අවතැන්වූ දෙමළ ජාතිකයින් යලි පදිංචි කරලීම හා කච්චතිව් දූපත ආසන්නයේ මසුන් මැරීමට ඉන්දීය ධීවරයින්ට ඇති අයිතිය සම්බන්ධයෙන් ද ලංකා බලධාරීන් වෙත කරුණු දක්වන්නැයි ඇය විදේශ ලේකම්වරයාගෙන් ඉල්ලා තිබේ.

RSL

Related Posts