පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමේ වරදක් නැහැ – ජනපති

වෛද්‍ය උපාධිය ලබා ගැනීමට පිටරට අධ්‍යාපනය ලබාගත නොහැකි අය වෙනුවෙන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමේ වරදක් නැතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයි. නිදහස් අධ්‍යාපනය කිසිසේත් අහිමි නොකරන බව පැවසූ ජනාධිපතිතුමා ප්‍රමිතියක් සහිතව වෛද්‍ය විද්‍යාලය ආරම්භ කළ යුතු බවද කීය. මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට වෛද්‍යවරුන් විරුද්ධ නේදැයි මාධ්‍ය ප්‍රධානීන් ප්‍රශ්න කළ විට පිළිතුරු දුන් සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන ඔවුන් කියන්නේ පෞද්ගලික …

Continue Reading

අවසන් වූ පළාත් පාලන මැතිවරණය සම්බන්ධ කැෆේ වාර්තාව නිකුත් වේ

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ව්‍යාපාරය (Campaign for Free & Fair Elections – CaFFE) නිකුත් කළ පළාත් පාලන මැතිවරණය සම්බන්ධ අවසන් වාර්තාවේ සදහන් වන ආකාරයට පසුගිය 08 වන දා පැවැත් වූ පළාත් පාලන මැතිවරණයේ දකුණු ප්‍රදේශයට අදාළ අවසන් අදියරේ ඡන්ද විමසීමට බාධාවන ක්‍රියා රැසක් තමන්ගේ නිරීක්ෂණයන්ට හසු වූ බව වාර්තා වේ. ඉන් කියැවෙන්නේ කොළොන්නාවේ සිදුවූ ප්‍රචණ්ඩත්වය හැරුණුවිට මෙම තෙ …

Continue Reading

ෆෙඞ්රිකා සුදුසු 20-20 කි‍්‍රකට් තරඟවලට

සුදු කොඩි නඩුවේ විත්තියේ දේශන ආරම්භ කරමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා ඊයේ (12 ඔක්.) විවෘත අධිකරණයේදී පැවසුවේ ෆෙඞ්රිකා ජෑන්ස් ජනමාධ්‍යට සුදුසු තැනැත්තියක් නොවෙන බවත්, ඇය සුදුසු විස්සයි – 20 කි‍්‍රකට් තරගවලට බවත්ය. හිටපු හමුදාපතිවරයාට නගා ඇති චෝදනා දෝෂ සහිත බවත්, අදාළ දෝෂ හේතුවෙන් මේ නඩුව ඉදිරියට ගෙනයා නොහැකි බවද ඒ මහතා අධිකරණයට දැන්වීය. තෙවැනි චෝදනාව විත්තිකරුට අදාළම නොවෙන බවත් …

Continue Reading

භාරත දැයට සමුදෙයි

මුල්ලේරියාව ප‍්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් මියගිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි, ජනාධිපති වෘත්තීය සමිති කටයුතු පිලිබඳ අධ්‍යක්ෂ ජනරාල් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ රාත‍්‍රී 7 ට පමණ කොලොන්නාව උමගිලිය ක‍්‍රීඩාගංගනයේදී සිදු කෙරිණි. අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු මැති ඇමතිවරුන්ගේ සහ විපක්ෂය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය ඇතුළු දේශපානඥයින් රැසකගේ සහභාගීත්වයෙන් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවති අවමංගල උත්සවය සඳහා …

Continue Reading

භාරතගේ ඝාතකයෝ ආරක්‍ෂක අමාත්‍යංශයට යාබදව සිටි අය – ජෙනරාල් ෆොන්සේකා

සුදු කොඩි සිද්ධිය හා හයිකොප් සම්බන්ධ නඩු විභාග සඳහා පෙනී සිටීමට ඊයේ (12 ඔක්.)  බන්ධනාගාර ආරක්‍ෂාව යටතේ අළුත්කඬේ අධිකරණයට පැමිණ ඉන් පිටවී යන අවස්ථාවේදි හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය අමතා කියා සිටියේ භාරත ලක්‍ෂ්මන්ගේ ඝාතකයෝ ආරක්‍ෂක අමාත්‍යංශයට යාබදව සිටි අය බවයි. ‘දැන් මේ රටේ තියෙන්නේ ඛේදනීය සමාජයීය හා දේශපාලන ක‍්‍රමයක්. දුර්ජන පාලකයා ඊට වගකිව යුතුයි.’ ජෙනරාල්වරයා තවදුරටත් එසේ පැවසීය.

Continue Reading

එ.ජා.ප. මහලේකම් රටම හිනස්සනවා – ඇමති කෙහෙළිය

ඊයේ (11 ඔක්.) මහනුවරදී පැවැති සාකච්ඡාවකදී කුණ්ඩසාල ශ්‍රීලනිප සංවිධායක ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසුවේ සිය මැතිවරණ කොට්ඨාසය වන කුණ්ඩසාලේ කොට්ඨාසයෙන් ඡන්ද 17554 ක වාර්තාගත දරුණු පරාජයක් ලැබූ එ.ජා.ප. මහලේකම් තිස්ස අත්තනායක මහතා එජාපය අලුත් ගමනක් ආරම්භ කළ බව පවසමින් කොළඹට වී පුරසාරම් දෙඩීම පාක්ෂිකයන්ට පමණක් නොව රටම හාස්‍යයට ලක් කිරීමක් බවයි. කොළඹ මහ නගර සභාවෙන් ලැබූ ජයත් …

Continue Reading

භාරත ලක්‍ෂ්මන් අද දැයෙන් සමුගනී

පසුගිය හිඹුටාන හන්දියේ ඇති වූ වෙඩි තැබීමකින් දැයෙන් සමුගත් භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දේහයට ගෞරව දැක්වීම පිණිස දහස් ගණන් පිරිස කොළොන්නාවේ පිහිටි ඒ මහතාගේ නිවසට ඊයේ (11 ඔක්.) දවස පුරා ඇදී ආහ. මහා සංඝරත්නය, මැති ඇමැතිවරුන් ඇතුළු දේශපාලඥයෝ, වෘත්තීය සමිති නායකයෝ කොළොන්නාව හා ඒ අවට ගම්වාසී වැඩිහිටි, තරුණ, ළමා පිරිස් ද ඒ අතර වූහ. වෘත්තීය සමිති නායකයකු, හිටපු මන්ත්‍රීවරයකු, ජනාධිපති …

Continue Reading

භාරත මහතාගේ දියණිය සිය හඬ අවධි කරයි

ඝාතනයට ලක්වූ භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුනිකා පේ‍්‍රමචන්ද්‍ර මාධ්‍ය හමුවේ සිය පියාගේ ඝාතනය පිළිබද සිය අදහස් ඉතා කෙටියෙන් ප්‍රකාශ කර ඇත. ‘තාත්තිට කොහොමත් ත්‍රෙට්ස් (Threats/ තර්ජන.) තිබ්බ කියල අපි දන්නවා. කොච්චර කිව්වත් ඇහුවේ නෑ. මැරෙන වෙලාවට මැරෙයි කිව්වා.තාත්තිට වෙඩි තියන කොට තාත්ති ඉඳල තියෙන්නේ නිරායුධවයි. පුළුවන් කවුරු හරි ඉන්නවනම් මේක වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරන්න. වැරදි කරපු මිනිස්සුන්ට පාඩුවේ …

Continue Reading

ඉන්දීය විදේශ ලේකම් සහ ජනපති අතර සාකච්ඡා

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරන්නේ ඉන්දියාවේ නව විදේශ ලේකම් රන්ජන් මතායි ඊයේ (10 ඔක්.) කොළඹ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවූ බවයි. එම හමුවට ඉන්දීය මහකොමසාරිස් අශෝක් කේ කාන්ත, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා ශී‍්‍ර ලංකා විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම ද එක්වූහ. මතායි මහතා දිවයිනේ තෙදින නිල සංචාරයක නිරතව සිටී.

Continue Reading

එකම පිළියම ජාතික අර්බුදයට ඉක්මන් විසඳුමක් සෙවීම

දමිළ දේශපාලන පක්‍ෂ නියෝජිතයින් පිරිසක් ඊයේ (10 ඔක්.) ඉන්දීය විදේශ ලේකම් රන්ජන් මාතායි සමග කළ සාකච්ඡාවේදී අවධාරණය කළේ ලාංකික දෙමළ ජාතිකයින් මුහුණපා සිටින ගැටළුවලට එකම පිළියම ජාතික අර්බුදයට ඉක්මන් විසඳුමක් සොයාගැනීම බවයි. වී ආනන්දසංගරී, ඞී සිද්ධාර්තන් හා ටී ශී‍්‍රදරන් යන දෙමළ පක්‍ෂ නියෝජිතයින් කොළඹ පිහිටි ‘ඉන්ඩියා හවුස්’ හිදී මාතායි මහතා හමුවිය. අදාළ හමුවෙන් පසුව එම දෙමළ පක්‍ෂ නිකුත් කළ නිවේදනයක …

Continue Reading