එ.ජා.ප. මහලේකම් රටම හිනස්සනවා – ඇමති කෙහෙළිය

Spread the love

ඊයේ (11 ඔක්.) මහනුවරදී පැවැති සාකච්ඡාවකදී කුණ්ඩසාල ශ්‍රීලනිප සංවිධායක ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසුවේ සිය මැතිවරණ කොට්ඨාසය වන කුණ්ඩසාලේ කොට්ඨාසයෙන් ඡන්ද 17554 ක වාර්තාගත දරුණු පරාජයක් ලැබූ එ.ජා.ප. මහලේකම් තිස්ස අත්තනායක මහතා එජාපය අලුත් ගමනක් ආරම්භ කළ බව පවසමින් කොළඹට වී පුරසාරම් දෙඩීම පාක්ෂිකයන්ට පමණක් නොව රටම හාස්‍යයට ලක් කිරීමක් බවයි.

කොළඹ මහ නගර සභාවෙන් ලැබූ ජයත් සමග තම පක්ෂය අලුත් ගමනක් අරඹා ඇතැයි කියන අත්තනායක මහතාට අවම වශයෙන් පරාජය තබා තම මැතිවරණ කොට්ඨාසයෙන් අන්ත පරාජයෙන්වත් බේරීමට නොහැකි වූ බවද ඇමැතිවරයා කීය.

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීම පිළිබඳව සංවිධායකයන්ට පාක්ෂිකයන්ට උපදෙස් ලබා දෙන මෙවැනි නායකයන් එජාපයේ තවදුරටත් සිටීමෙන් එහි අනාගතය මැනවින්ම පැහැදිලි යැයිද හෙතෙම පැවසීය.

RSL

Related Posts