භාරත ලක්‍ෂ්මන් අද දැයෙන් සමුගනී

Spread the love

පසුගිය හිඹුටාන හන්දියේ ඇති වූ වෙඩි තැබීමකින් දැයෙන් සමුගත් භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දේහයට ගෞරව දැක්වීම පිණිස දහස් ගණන් පිරිස කොළොන්නාවේ පිහිටි ඒ මහතාගේ නිවසට ඊයේ (11 ඔක්.) දවස පුරා ඇදී ආහ.

මහා සංඝරත්නය, මැති ඇමැතිවරුන් ඇතුළු දේශපාලඥයෝ, වෘත්තීය සමිති නායකයෝ කොළොන්නාව හා ඒ අවට ගම්වාසී වැඩිහිටි, තරුණ, ළමා පිරිස් ද ඒ අතර වූහ.

වෘත්තීය සමිති නායකයකු, හිටපු මන්ත්‍රීවරයකු, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්‍ෂ ජනරාල්වරයකු වූ භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා සිය දෙමාපියන් සෙවණේ හැදුන වැඩුන කොළොන්නාව නිවසින් අද (12 ඔක්.) පස්වරුවේ සදහටම සමු ගනී.

එමෙන්ම තමන්ගේ වෘත්තීය සමිති සගයෝ සහ දේශපාලන ආධාරකරුවෝ දේහය නිවසට ගෙන ආ මොහොතේ පටන් අවසන් කටයුතු සිදුවන මොහොත දක්වා එම නිවසේම පසුවීම තවත් සුවිශේෂී සිද්ධියකි.

දශක තුනකට ආසන්න කාලයක් දේශපාලන බිමෙත් සිය පියාගේ ආභාෂයෙන් වෘත්තීය සමිති ක්‍ෂෙත්‍රයේත් නොමැකෙන සේවා සටහනක් තැබූ භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර නම්වූ මහජන හිතවතා ගේ අවමඟුල් කටයුතු අද (12 ඔක්.) පස්වරුවේ රාජ්‍ය ගෞරව සහිතව කොළොන්නාව උමඟිලිය ක්‍රීඩාංගණයේ දී සිදු කිරීමට නියමිතය.

RSL

Related Posts