ඊයේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් ජනපති අවධානය

Spread the love

මේ වන විට තිදෙනෙකුට මරු කැඳවමින් ඊයේ සවස (08 ඔක්.) මුල්ලේරියාව ප‍්‍රදේශයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දේශපාලනඥයින් දෙදෙනෙකු අතර සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් නිසි පරීක්‍ෂණයක් පවත්වන ලෙසට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නියෝග කර ඇතැයි වාර්තා වේ.

පොලිසිය පවසන්නේ ජනාධිපතිවරයාගේ නියමය පරිදි වෙඩි තැබීම පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීම පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා විසින් රහස් පොලිසියට භාරදී ඇති බවයි.

ජනාධිපති උපදේශක භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද්‍ර හා ඔහුගේ ආරක්‍ෂකයින් දෙදෙනෙකු සිද්ධියෙන් මරුමුවට පත්ව ඇති අතර බරපතල තත්ත්වයෙන් රෝහල්ගත කොට සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා සහ තවත් සිව්දෙනෙක් එහිදී තුවාල ලැබූහ.


RSL

Related Posts