කොළොන්නාවේදී මෙවැන්නක් ඇති විය හැකි බව මම පැවසුවා – දයාසිරි

Spread the love

කොලොන්නාව ආසනයේ තිබු නොසන්සුන් කාරී තත්වය පිළිබඳව තමන් විසින් පසුගිය 6 වනදා පාර්ලිමේන්තුවේදී කල හෙළිදරවු කිරීමට කන් දුන්නේ නම් මේ ආකාරයේ කණාගාටුදායක සිද්ධියක් ඇති නොවීමට ඉඩ තිබූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

මුල්ලේරියාවේ පවතින ප‍්‍රචණ්ඩ වාතාවරණය ගැන කල හෙලිදරවු කිරීම්වලට මූලාසනයෙන් සිදු කළේ තමාගේ ප‍්‍රකාශ හැන්සාඞ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස නියෝග දී තමාව එළවා දැමීම පමණක් බවත් බව ඔහු සදහන් කරයි.

අදාල ප‍්‍රකාශයේදී කොලොන්නාව ප‍්‍රදේශයේ ප‍්‍රචණ්ඩත්වයට හේතුවන පරිදි දේශපාලකයින් අතට අවි ලැබීම තමා ප‍්‍රශ්න කළ බවද ජනපති රුවට වෙඩි වැදෙන පරිදි මුල්ලේරියාවේ සෝලංගආරච්චිගේ පිරිස කටයුතු කර තිබූ ආකාරය තමා හෙළි කළ බවද මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියි.

RSL

Related Posts