පිටරැටියන්ගේ සංවර්ධනය දෙස බලා සුසුම් හෙළන්නට ඉඩ තබන්නේ නැහැ – ජනපති
අනාගතය භාර ගැනීමට සිටින තරුණ පරපුරට ලොව වෙනත් රටවල සංවර්ධනය දෙස බලා සුසුම් හෙළන්නට ඉඩ නොතබන බවත් ඔවුන්ගේ බොහොමයක් සිහින මේ වන විටත් සැබෑ කර දෙන්නට වත්මන් රජයට හැකි වී ඇති බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ අද(27) දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කිරීමේ උත්සවයට සමගාමී ව කරන්දෙනියේ පැවැති ජන හමුවට සහභාගි වෙමිනි. දක්ෂිණ අධිවේගී මාර්ගය …
Continue Reading
අයවැයෙන් අමතක කල තරුණ පරපුරේ උවමනාවන් වෙනුවෙන් අරගල කරනවා – බිමල් රත්නායක
අපේ රටේ රැකියා විරහිත තරුණ තරුණියන්, රැකියා විරහිත උපාධිධාරීන් සහ රැකියා අහිමිවූ කම්කරුවන් වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ හත්වැනි අයවැයෙනුත් සහන ලැබී නැතැයි සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ පැලවත්ත, බත්තරමුල්ල පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ බිමල් රත්නායක මහතා …
Continue Reading
අඟහරු මත ජීවය ඇත්ද සොයන්න කිව්රියෝසිටි යානය අභ්‍යවකාශයට
ලෝ පතල ශ්‍රී ලාංකික විද්‍යාඥ ආචාර්ය සරත් ගුණපාල මහතා පසුගිය දිනක පැවසුවේ, අගහරු ග්‍රහයා මත ජීවයක් ඇත්දැයි, තහවුරු කර ගැනීමේ අපේක්ෂාවෙන් යානය අභ්‍යවකාශ ගත කරන බවයි. අගහරු ග්‍රහයා පිළිබඳව අධ්‍යනය කරන කිව්රියෝසිටි රෝවර් යානය රැගත් ඇට්ලස් 5 රොකට්ටුව අමෙරිකාවේ ෆ්ලෝරීඩාහි පිහිටි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථනයෙන් ඊයේ රාත්‍රියේ ගමන් ඇරඹීය. ටොන් 10කින් යුතු මෙම යානයේ ප්‍රධාන උපකරණ 6න් එකක් ආචාර්ය සරත් ගුණපාල මහතා …
Continue Reading
දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදි කොට ඇත්තේ ජන අභිලාෂයන් නොතකමින් – විමල් වීරවංශ
දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදි කොට ඇත්තේ මෙරට මූලික උවමනාවන් ජන අභිලාෂයන් නොකතකමින් බවත් එය, ඇතමුන්ගේ ජීවන සතුට හා ඥාති සම්බන්ධතා අහිමි කර ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරංවශ මහතා කියා සිටියි. වීර මොනරවිල කැප්පෙටිපොල නිළමේවරයා දිවි පුදා වසර 193 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ඊයේ පස්වරුවේ කොළඹ පැවති උත්සවයකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. ඉදිරි කාලය …
Continue Reading
ශ්‍රී ලංකාවේ ප්‍රථම අධිවේගී මාර්ගය අද ජනතා අයිතියට
ශ්‍රී ලංකාවේ ඉදිවූ පළමු අධිවේගී මාර්ගය වන දක්ෂිණ අධිවේගී මාර්ගය මීට සුළු මොහොතකට පෙර ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් ජනතා අයිතියිට පැවරුනි. දක්ෂිණ අධිවේගී මාර්ගය මං තීරු 4 කින් සමන්විත වන අතර කොට්ටාවේ සිට ගාල්ල, පින්නදූව දක්වා දිවේ. මෙම අවස්ථාවට ජපාන විශේෂ නියෝජිත යෂුෂි අකාශි මහතාද සහභාගී විය.
Continue Reading
වැසි තත්වය අඩු වුවත් අදත් මුහුද රළු විය හැකියි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
වැසි තත්ත්වය තරමක් අඩු වූවත් දිවයින අවට මුහුදු ප්‍රදේශ අද (27) දිනයේදී රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. නැගෙනහිර ගිනිකොන දිශාවෙන් සුළං හැමීම සිදුවන අතර සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 40ක් විය හැකි අතර ඇතැම් අවස්ථාවලදී වේගය පැයට කිලෝ මීටර් 60 දක්වා වර්ධනය විය හැකිය. ඒ හේතුවෙන් බටහිර ගැඹුරු මුහුද විටෙක රළු විය හැකි බව ද කාලගුණ …
Continue Reading
පලාත් පාලන ආයතනවල අයවැයට විරුද්ධව ඡන්ද ප්‍රකාශ කල අයට විනය ක්‍රියාමාර්ග – සන්ධාන මහ ලේකම්
2012 අයවැය යෝජනා සම්මත කිරීමට එරෙහිව ඡන්දය භාවිතා කළ එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 6 දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන ඇතැයි එම සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ඒ අනුව 2012 අයවැය යෝජනා සම්මත කිරීමට එරෙහිව ජන්දය භාවිතා කළ බෝපේ පෝද්දල හා දොඩංගොඩ ප්‍රාදේශීය සභාවලට අයත් එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පියවර …
Continue Reading
ප්‍රවීණ මාධ්‍යවේදියකු වූ ටොම් විකර් අභාවප්‍රාප්ත වෙයි
නිව්යෝර්ක් ටයිම්ස්හි ප්‍රවීණ මාධ්‍යවේදියකු වු 85 වියැති ටොම් විකර් ඊයේ(26) අභාවප්‍රාප්ත විය. ඔහු හිටපු අමෙරිකානු ජනාධිපති ජෝන්.එෆ්. කෙනඩි මහතා වෙඩි තබා ඝාතනය කෙරුණු අවස්ථාව වාර්තා කරනු ලැබූ මාධ්‍යවේදියා විය. 1963 වර්ෂයේ නොවැම්බර් මාසයේදී හිටපු අමෙරිකානු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි වෙඩි තබා ඝාතනය කෙරුණේ ඔහු රැගත් රථ පෙළ අමෙරිකාවේ ඩලස් නගරයට ධාවනය වෙමින් තිබියදීය. එම අවස්ථාවේදී ජනාධිපතිවරයා රැගත් මෝටර් රථ පෙළේ, …
Continue Reading
ආණ්ඩුව කතා කරන්නේ රටේ ප්‍රශ්න ගැන නෙමෙයි ෆෝමියුලා රේසින් වන් ගැන – රනිල්
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ කොළඹ පැවති හමුවකට සහභාගී විය. ජාතික සේවක සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව විපක්ෂ නායක කාර්යාලයේදී අද පෙරවරුවේ පැවත්වුයේ, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. එහිදී අදහස් දැක්වූ විපක්ෂනායකවරයා මෙසේ පැවසීය. “මේ රටේ ප්‍රධාන කාර්යයක් වෙන සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට පිළිගන්න පුළුවන් දේශපාලන විසදුමක් දෙනවා, කියලා ආණ්ඩුව ප්‍රකාශ කළා. ආණ්ඩුවට ඕන වෙලා තියෙන්නේ මේ ගැන …
Continue Reading
පරිසර විනාශයක් සිදුවන සෑම තැනකම දේශපාලනඥයෙක් – විදුර වික්‍රමනායක
පරිසර විනාශය කොතැන ද එතන දේශපාලනඥයකුත් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විදුර වික‍්‍රමනායක මහතා කියයි.වික‍්‍රමනයක මහතා මේ බව පැවසුවේ කොරළඉම ඔළබොඩුව මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පදනම, කොඩිගහකන්ද, පරිසර පද්ධතිය ආශ‍්‍රිතව සංවිධානය කළ සම්මන්ත‍්‍රණයකදීය. මේ වන විට අපේ පරිසරය බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දී ඇති බවත්, බොහෝ තැන්වල ආපසු හරවන්න බැරි තරමට ම පරිසරය විනාශ වී ඇති බවටත් ඔහු අනතුරු ඇගවීය. තවදුරටත් අදහස් …
Continue Reading