බැඳුම්කර වාර්තාවේ සී 350 ලේඛනය ප්‍රසිද්ධියට

මහ බැංකු බැදුම්කර ගණුදෙණුව පිළිබඳ විමර්ශන සිදුකල ජනාධිපති කොමිසම් වාර්තාවේ සී 350 ලේඛනය ප්‍රසිද්ධියට පත් කර ඇති බව ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නදීනා රූපසිංහ මහත්මිය පැවසුවේ අදාල ලේඛනය ඕනෑම පුද්ගලයෙකුට ඊයේ(04) දිනයේ සිට ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැකි බවයි. සී 350 ලේඛනය ප්‍රසිද්ධ කිරීමට පියවර ගන්නා ලෙස පාර්ශව රැසකින් ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ඒ පිළිබඳ …

Continue Reading

“වියත්මඟක් නැහැ, ඒක වචනයක් විතරයි”; මහින්ද ගෝඨාව නෙළුම් මාවතේදීම කුජීත කර දමයි (Video)

ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන ආගමනය සඳහා ආරම්භ කරන ලද “වියත් මඟ” වැඩසටහන ඊයේ(04) හිටපු ජනාධිපති සහ වත්මන් කු.පා.ම.මහින්ද රාජපක්ෂ මහතා ගෝඨාභය ඉදිරියේදීම එය තුට්ටු දෙකට දමමින් කුජීත කරන ලදී. බැසිල් රාජපක්ෂ මහතාගේ න්‍යාය පත්‍රයකට අනුව පොදු ජන පෙරමුණේ නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලය වෙත ගෙන්වන ලද ගෝඨාභය රාජපක්ෂ මහතාව ඊයේ (04) සියල්ලන් ඉදිරියේ සැලසුම් සහගතව අසරණ කළ බව කැපී පෙනුණි. එම …

Continue Reading

මාධ්‍යයට තඟ දමන ඇමති මංගලගේ සහචරයෙකු වූ තුසිත හල්ලොලුවට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු! – NMWJ

අන්තර්ජාලය තුළ ඉතාම ප්‍රසිද්ධියට පත් ව ඇති දේශපාලන කතිකාවක් වන SLVLOG මාධ්‍යවේදීන්ට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානි තුසිත හල්ලොලුව විසින් අසභ්‍ය වචනයෙන් බැන වදිමින් තර්ජනය කිරීම වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය දැඩි ලෙස හෙලා දකිනවා. ඊයේ (03) මාධ්‍ය වෙත නිවේදයක් නිකුත් කරමින් එම සංවිධානය විමසා සිටින්නේ විකල්පධාරාවේ මාධ්‍ය මර්දනයට ආණ්ඩුව උපයෝගී කරගන්නා නවතම මාර්ගය වන්නේ තම දේශපාලන හෙංචයියන් හරහා …

Continue Reading

නාමල්ගේ ගොන් වැඩ නිසා මහින්ද යළි හත්පලේ ගා ගනී..

හිටපු ජනාධිපති සහ වත්මන් කු.පා.ම.මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 2015 ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරය සඳහා චයිනා හාබර් සමාගමට අයත් පෞද්ගලික බැංකු ගිණුමකින් අමෙරිකානු ඩොලර් මිලියන 7.6ක මුදලක් ලබාගෙන ඇති බව ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත පසුගිය 26 වැනිදා අනාවරණය කළ අතර ඊට මහින්දගේ පුත් හ.පා.ම. නාමල් රාජපක්ෂ මහතා තම සුරතලියන් ලවා විවිධ ප්‍රකාශ නිකුත් කරවීමේ මෙහෙයුමක් අරඹන ලදී. කෙසේ වෙතත් මේ වන විට …

Continue Reading

හොරුන්ට එරෙහිව වහා ක්‍රියාත්මක නොවුනහොත් ජාතික විදුලි බල පද්ධතියම අනතුරක!

ලංකා විදුලිබල මණ්ඩලයේ වාර්ෂික අලාභය සියයට 240 කින් ඉහල ගොස් ඇති බව පවසන විදුලි බල මණ්ඩලයේ නිළධාරි රටපුරා ජාතික විදුලිය පද්ධතිය අවභාවිතා කරන කල්ලි කණ්ඩායම් පිළිබඳව නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරිම සැකයට තුඩුදෙන කරුණක් බව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය පවසයි. මිනිස් ජිවිත අවදානමට ලක්කරමින්, රටේ ජාතික විදුලිබල පද්ධතියෙන් හොරෙන් විදුලිය ලබා ගන්නා කේබල් නාලිකා බෙදාහරින්නන් ගැන වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස …

Continue Reading

විජයකලාව අමාත්‍යධුරයෙන් නෙරපා දමන ලෙස අගමැති, ජනපතිගෙන් ඉල්ලයි

ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මියගේ අමාත්‍ය ධුරය තාවතාලිකව ඉවත් කරන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගෙන් ඉල්ලිමක් කර තිබේ. විජයකලා මහේෂ්වරන් අමාත්‍යවරිය යාපනය ප්‍රදේශයෙදි ඊයේ (02) එල්.ටී.ටී.ඊ සංවිධානයේ පාලනයක් අවශ්‍ය බවට කල ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අවසන්වන තුරු ඇයගේ අමාත්‍ය ධුරය තාවකාලිකව ඉවත් කරන ලෙසට අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයාගෙන් මෙලෙස ඉල්ලීමක් කර ඇත. ළමා කටයුතු රාජ්‍ය …

Continue Reading

අධිකරණයෙන් කට්ටි පැනීමට ගෝඨා දඟලන දැඟලිල්ලක්..

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂට එරෙහිව අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන නීතිය යටතේ කොළඹ මහෙස්‌ත්‍රාත් උසාවියේ නඩුවක්‌ පැවරීමට කොමිසමේ ලිත අනුමැතිය ලබාදී නැති බැවින් එම නඩුව භාර ගෙන පවත්වාගෙන යැමට මහෙස්‌ත්‍රාත්වරයාට අයිතියක්‌ නැතැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඊයේ (02) එම නඩුවට නීති තර්කයක්‌ මතුකරමින් අභියාචනාධිකරණය හමුවේ කියා සිටියේය. ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ගොඩනැගූ …

Continue Reading

Exclusive: 2020 සිහිනය වෙනුවෙන් රාජපක්ෂලා අමු අමුවේ රණවිරුවෝ පාවාදෙති (මෙන්න වාචික සහ ලිඛිත සාක්ෂි )

2020 ජනාධිපති සිහිනය සැබෑ කරගැනීම වෙනුවෙන් රාජපක්ෂ රෙජීමය අමු අමුවේ රණවිරුවන් පාවාදුන් හොඳම වාචික සහ ලිඛිත සාක්ෂිය ඊයේ (29)පළ වූ අද පුවත්පතෙන් හමුවෙයි. අද පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් රාජපක්ෂ රෙජීමයේ ආර්ථික සහ මුල්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කළ බැසිල් රාජපක්ෂ රතුපස්වල සිදුවීම සම්බන්ධයෙන් හමුදාව සහ රණවිරුවන් අමු අමුවේ පාවාදෙමින් අදහස් දක්වමින් පවසා ඇත්තේ, “මට වුනත් හිතෙනවා මුං උතුරේ ගිහින් කොහොම මරන්න …

Continue Reading

විජේවීර ජීවතුන් අතරද..? නැද්ද..? – බිරිඳ අධිකරණයෙන් විමසයි

වසර 29 ක්‌ තිස්‌සේ අතුරුදන්ව සිටින සිය සැමියා ජීවත්ව සිටින්නේ නම් ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට හබයාස්‌ කෝපුස්‌ ආඥාවක්‌ මගින් බලධාරීන්ට නියෝග කරන ලෙස ඉල්ලා ජනතා විමුක්‌ති පෙරමුණේ නායකයා ලෙස කටයුතු කළ රෝහණ විජේවීර මහතාගේ බිරිඳ ඊයේ (29දා) අභියාචනාධිකරණයට පෙත්සමක්‌ ගොනු කළාය. මේජර් ජෙනරාල් ජානක පෙරේරා (මියගිය) මහතා ඇතුළු ආරක්‌ෂක අංශ නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් 1989.11.19 වැනිදා සිය සැමියා අත්අඩංගුවට ගත් …

Continue Reading

බැඳුම්කර කොමිසම නොමඟ යවන්න පර්පෙචුවල් සමාගම ගැසූ තවත් ගේමක් හෙළිවෙයි (Video)

ජනාධිපති බැඳුම්කර කොමිසම විසින් කරන ලද නියෝගය අනුව, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට ලැබුණු දුරකථන හඬපටවල ඇතැම් සංවාද විකෘති කර මකා දැමීමෙන් අනතුරුව කොමිසම වෙත බාර දී ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටිය රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මිනි ගිරිහාගම මෙනවිය විසින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට දැනුම් දී තිබේ. මෙම නඩුවේ දෙවැනි විත්තිකාර අර්ජුන් ඇලොෂියස් මහතාගේ අනුබලය ඇතිව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී …

Continue Reading