මීලඟ මැතිවරණය ඉතා කඩිනමින් පැවැත්වීමට ශ්‍රීලනිප අනුමැතිය

ඉතාමත් කඩිනමින් ඡන්දයක් පැවැත්විමට පක්ෂය තීන්දු කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. මහින්ද අමරවීර අමාත්‍යවරයා මෙසේ පැවසූයේ අද(29) අගුණුකොළපැලැස්ස ගුරුවල කණිෂ්ඨ විද්‍යාලයේ ළමයින් සදහා පාසල් උපකරණ ලබා දීමේ වැඩසටහනකට සහභාගී වූ අවස්ථාවේදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවැසීය. “ඡන්දයක් පවත්වන්න අපි කිසිම බයක් නැහැ. ගිය සැරේ ඡන්දෙට තිබුණට වඩා බොහොම හොද තත්වයක් තියෙනවා. පොහොර සහනාධාර ලබා දීලා …

Continue Reading

තවත් මූල්‍ය සමාගමක් කඩාවැටෙයි!

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී මුදල් සමාගමක් වන ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය, 2008 වසරේ සිට මූල්‍යමය අර්බුදයකට මුහුණ දීමට සිදු ව ඇත. මෙම ආයතනයේ තැන්පත්කරුවන්ට පසුගිය වසර දහය පුරා ම සිය තැන්පතු මුදල් නැවත ලබා ගැනීමට නො හැකි වී ඇත. විවිධ උපායමාර්ග හරහා ආයතනය නැවත නගා සිටුවීම සඳහා ගත් සියලු ප්‍රයත්නයන් අසාර්ථක වී ඇති …

Continue Reading

මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න පෙර ජනමත විචාරණයක් තියන්න – ෆීල්ඩ් මාෂල්

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පෙර ඒ පිළිබඳව ජනමත විචාරණයක් මගින් තීරණය කිරීම සුදුසු බව වනජීවි, තිරසර සංවර්ධන සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. වැල්ලවාය ප්‍රදේශයේ පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ වලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. රටට අහිතකර බලපෑම් සිදු කරන වැරදිකරුවන් හට එවැනි දඬුවමක් ලබා දිම අත්‍යවශ්‍ය බවද අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම …

Continue Reading

ක්‍රිකට්‌ ධනුෂ්ක අමාරුවේ වැටුනේ මිතුරා නිසාද? තරුණියන් නිසාද?

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම දකුණු අප්‍රිකානු පිල පරාජය කර ඓතිහාසික ටෙස්‌ට්‌ තරගාවලි ජයග්‍රහණයක්‌ ලබා ගත්තේය. දකුණු අප්‍රිකානුවන් දණගස්‌සවා එවැනි ජයග්‍රහණයක්‌ අප ලබා ගත්තේ වසර 12 කට පසුවය. එහෙත් මේ සුවිශේෂී ජයග්‍රහණයේ නියම සතුට භුක්‌ති විඳීමට අපේ ක්‍රිකට්‌ කණ්‌ඩායමට සහ ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලීන්ට ඉඩ ප්‍රස්‌ථාව නොලැබුණේ තරුණ ක්‍රීඩකයකු සම්බන්ධයෙන් මතුවූ ප්‍රශ්නයක්‌ නිසාය. සිදුවීම වාර්තා වන්නේ අප දෙවැනි ටෙස්‌ට්‌ ජයග්‍රහණය අභිමුවේ …

Continue Reading

අකිලගේ කුප්‍රකට සැලැස්ම ජනපති නියමයෙන් නවතී

දේශපාලන පළිගැනීම්වලට ලක්‌ වූ බව කියමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නුසුදුස්‌සන්ට ලබා දීමට සැලසුම් කරන ලද උසස්‌වීම් 1014 ම අත්හිටුවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (25) තීරණය කළේය. මෙම තීරණයත් සමගම වෘත්තීය සංගම් දොළහක්‌ ඒකාබද්ධව අද (26) පැවැත්වීමට සැලසුම් කළ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ අසනීප නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට ද එම වෘත්තීය සංගම් නායකයෝ තීරණය කළහ. උසස්‌වීම් ලබා දීමට නිර්දේශ කරන ලද …

Continue Reading

කැඳවන්න පෙර අලුගෝසු තනතුරට අයදුම්පත් වැසි වසී

නිලවශයෙන් අයෑදුම්පත් කැඳවීමටත් පෙර අලුගෝසු තනතුරට අයෑදුම්පත් රාශියක් ලැබී ඇතැයි බන්ධනාගාර මූලස්‌ථානයේ ආරංචි මාර්ග සඳහන් කරයි කාන්තාවන් මෙන්ම උපාධිධාරීන් ද මෙලෙස අයෑදුම්පත් ඉදිරිපත් කර ඇති අතර, “අනේ අපිට මේ රැකියාව කෙසේ හෝ ලබාදෙන්න යෑයි” එක අයෑදුම් පත්‍රයක තරුණියක විසින් ලියා තිබූ බව බන්ධනාගාර නිලධාරියෙක්‌ සඳහන් කරයි. ලබන සතිය ඇතුළත අලුගෝසු තනතුර සඳහා නිල වශයෙන් අයෑදුම්පත් කැඳවන බවද බන්ධනාගාරය කියයි.

Continue Reading

මොන්සැන්ටෝ සමාගමෙන් “ජරාව” කන උන් ගොඩගිය යහපාලන ගැසට්‌ටුව

“ග්ලයිෆොසේට්‌ අර්බුදය” යළිත් අර්බුදයක්‌ බවට පත්ව තිබේ. ග්ලයිෆොසේට්‌ ඇතුළු (විෂ) කෘෂි රසායන වගාවන් සඳහා භාවිතය මෙරටේ සැබෑම අර්බුදයකි. එය නිකම්ම අර්බුදයක්‌ නොව, ජාතිය නසන අර්බුදයකි. සිංහල, දමිළ, මුස්‌ලිම් වේවා, බෞද්ධ, ඉස්‌ලාම්, හින්දු, බර්ගර් වේවා මේ කාහටත් මෙම කෘෂි රසායනවලින් ගැලවී ගත නොහැකි වීම “ජාතික අර්බුදය” වේ. ඒ නැතිව සිංහල, දමිළ, මුස්‌ලිම් වශයෙන් විරසක වීම ජාතික අර්බුදය නොවේ. ජාතිය නසන පොදු …

Continue Reading

21වන සියවසෙහි දීර්ඝතම චන්ද්‍රග්‍රහණය ඇසළ පොහෝදා

මේ මස 27 වනදාට යෙදෙන ඇසළ පුන් පොහෝ දිනයේදී පූර්ණ චන්ද්‍රග්‍රහණයක් නැරඹීමට ශ්‍රී ලංකාවාසීන්ට අවස්ථාව හිමිවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය. පොහෝ දින(27) රාත්‍රී සිට ජුලි 28වනදා අලුයම තෙක් පැය 06 විනාඩි 14ක පමණ කාලයක් ශ්‍රී ලංකාවට මෙන්ම ලොව බොහෝ රටවලට දිස්වන 21වන සියවසෙහි දීර්ඝතම චන්ද්‍රග්‍රහණය නිරීක්‍ෂණය කිරීමට අපට ද …

Continue Reading

රනිල්ට එරෙහිව එජාපයෙන් ගරිල්ලා මෙහෙයුමක්!

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත් කර ඒ සඳහා සුදුස්සකු පත්කර ගැනීමට එම පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරුන් ‘ගරිල්ලා’ සහ ‘නින්ජා’ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇතැයි පසුපෙළ මන්ත්‍රි කණ්ඩායමේ මන්ත්‍රිවරයෙක් පැවැසීය. පක්ෂය තුළ පවතින අර්බුදකාරී තත්ත්වය මඟහැරවීම සඳහා ගෙන ගිය ප්‍රතිසංවිධාන ක්‍රියා පිළිවෙතට මුල් වී කටයුතු කළ පිරිසකට තනතුරු පිරිනමා ඔවුන් නිහඬ කිරීමට නායකත්වය පියවර ගෙන ඇති බව පෙන්වා දෙන පසුපෙළ …

Continue Reading

ගොවිජන දුක නිවන්න, රජ දවසින් පසු ඇරඹුණු මහා වික්‍රමය මොරගහකන්ද ව්‍යාපෘතියයි – ජනපති

මේ යුගයේ පමණක්‌ නොව රජ දවසින් පසුව රටේ ජාතියේ අනාගතය සඳහා ක්‍රියාත්මක වන ජාතික ආර්ථිකය ශක්‌තිමත් වන ගොවිදුක නිවන මහා වික්‍රමය මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. මොරගහකන්ද කළුගඟ රන්දියවර මංගල්‍යයෙන් පසුව පැමිණ සිටි පිරිස අමතමින් ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපතිවරයා මෙසේද කීය. අද දවස මම ඉතාම සතුටු වෙන දවසක්‌. මෙතන ඉන්න …

Continue Reading