ජාත්‍යන්තර ගිවිසුම් නැතුව අපිට බෑ – හර්ෂ ද සිල්වා
ජාත්‍යන්තර ගිවිසුම්වලට එළඹීම ප්‍රතික්ෂේප කළහොත් ශ්‍රී ලංකාව ඉදිරියේදී ජාත්‍යන්තරය හමුවේ කොන්වන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත පක්ෂමූලස්ථානයේ ඊයේ(01) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පවසන පරිදි සිංගප්පුරු වෙළද ගිවිසුමෙන් කිසිදු අහිතකර තත්තවයක් සිදු නොවන බවද අමාත්‍යවරයා පැවසීය. ආසියාණු කාලාපයේ සියළුම …
Continue Reading
ජාලියගේ පවුල පිටින් අල්ලන්න අධිකරණ නියෝගයක්!
ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොටුව මහෙස්‌ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය පෙරේදා (31) නැවත විවෘත වරෙන්තු නිකුත් කළාය. ඔහු වෙනුවෙන් අධිකරණය හමුවේදී ඇප වූ ඔහුගේ බිරිඳ හා ඥති සොහොයුරිය අත්අඩංගුවට ගැනීමට ද මහෙස්‌ත්‍රාත්වරිය එහිදී නැවත වරෙන්තු නිකුත් කළාය. ජාලිය වික්‍රමසූරිය මහතාගේ හා ඔහුගේ බිරිඳගේ නමින් පවත්වාගෙන යන බැංකු ගිණුම්, ආරක්‌ෂිත …
Continue Reading
අගෝස්තු 03 වනදා වෛද්‍ය වැඩ වර්ජනය කුමක් සඳහා ද..?
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එලඹෙන අගෝස්තු 03 වනදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් සිදුකිරීමට සැලසුම් කර ඇති අතර ඔවුන් මෙම වර්ජනය සිදුකරන්නේ කුමක් සඳහා ද? යන්න පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙසේ දන්වා සිටී.
Continue Reading
වාහන බදු යළි ඉහළට! Wagon R, Japan Alto, Spacia ඇතුළු පොඩි කාර් මිල වැඩිවෙයි
එන්ජින් ධාරිතාවය 1,000 CC ට නොවැඩි මෝටර් රථ සඳහා අය කරනු ලබන නිෂ්පාදන බද්ද අද (01) සිට සංශෝධනය කර ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටී. මේ අනුව එන්ජින් ධාරිතාවය 1,000 CC ට නොවැඩි සාමාන්‍ය මෝටර් කාර් එකක් සඳහා 2018 අගෝස්තු 01 සිට ඒකක බද්ද රු. 1,500,000 ක් ලෙසින් නියම කර ඇති අතර එන්ජින් ධාරිතාවය 1,000 CC ට …
Continue Reading
රජ දෙරත් මහ හොරකම් සිදුවෙනවා
මේ පාලනය මොකක්‌ද ජනතාවාදීද? ඒ ගොල්ලෝ වෙනුවෙන් හදාගත්ත පාලනයක් පමණයි. මෛත්‍රිපාල මහත්තයා ජනාධිපති වුණා දුව පාර්ලිමේන්තු යවන්න. මහින්ද මහත්තයා ජනාධිපති වුණා පුතා පාර්ලිමේන්තු යවන්න. බර්ටි මහ ඇමැති වුණා පුතා පාර්ලිමේන්තු යවන්න. හොයලා බලන්න. ඒ ගොල්ලෝ ආණ්‌ඩු හදාගත්තේ ඒගොල්ල වෙනුවෙන්. අපි ආණ්‌ඩුවක් හදන්න ඕන ජනතාව වෙනුවෙන්. ජනතාව වෙනුවෙන් පාලනයක්. කොහෙද මංකොල්ලකෑම් තියෙන්නේ හොරකම් තියෙන්නේ. රජ ගෙවල්වල. මේ ප්‍රාදේශීය සභාවල සභාපතිවරු බොරලු …
Continue Reading
EGB නැත්නම් කෑම එපා.. මහින්ද නැත්නම් බුදුනුත් එපා..!! (එදා සිට අද දක්වා මහින්දගේ විකාශනය)
එදා 2009 දී තිස් වසරක යුද්ධ නිමා කිරීමේ සේනාධිනායකයා ලෙසත්, ජනාධිපතිවරයා ලෙසත් මහත් ගෞරව අභිමානයකින් යුතු ජනහද ජයගත් නායකයෙකු බවට පත් වූ මහින්ද රාජපක්ෂ මහතා, ක්‍රමිකව ඒකාධිපතියෙකුගේ ගමන් මඟ ගත්ද, ඔහු 2015 දක්වා රැගෙන ආ ගාම්භීරත්වයක් සහ ගරුත්වයක් ඔහුගේ චරිතය සහ පෞරෂය තුළ විය. එය ඔහු 2015 ජනවාරි 09 වනදා තංගල්ලට යන මොහොත දක්වා ආරක්ෂා කරගැනීමට සමත්විය. එහෙත් කුමන හෝ …
Continue Reading
තිලංගගේ ක්‍රිකට් මාෆියාවට එරෙහිව අර්ජුන සහ අරවින්ද කට අරිති
ඡන්ද පදනමක් නැති පස්‌සා දොරෙන් ආණ්‌ඩුවට රිංගාගත්තු බුකීකාරයින් නඟන බොරු චෝදනාවලට තමන් නොසැලෙන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග මහතා ඊයේ (31) සිය අමාත්‍යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය. මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා හිටපු ටෙස්‌ට් ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාද සහභාගි විය. ශ්‍රී ලංකාවේ පළමුවරට ක්‍රිකට් තරග පාවාදීමේ චෝදනා එල්ල වූයේ අර්ජුන රණතුංග සහ අරවින්ද ද සිල්වා යන …
Continue Reading
මංගලගෙන් විශේෂ චක්‍රලේඛයක්!
රාජ්‍ය ආයතනවල අනුමත කාර්ය මණ්ඩලයට පරිබාහිර සේවකයන් බඳවාගෙන මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ පූර්ව අනුමැතියකින් තොරව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවලට කාර්ය මණ්ඩල බඳවා ගැනීම හා ඔවුන්ට වැටුප් ගෙවීම වළක්වාලමින් රජය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත. එම උපදෙස්වලට පටහැනිව බඳවාගන්නා කාර්ය මණ්ඩල සම්බන්ධයෙන් අදාළ ආයතනයේ, රේඛීය අමාත්‍යාංශයේ ලේකම්වරයා/ දෙපාර්තමේන්තු ප්‍රධානියා/ පළාත් ප්‍රධාන ලේකම්වරයා හා මූල්‍ය අංශයේ ප්‍රධානියා විසින් වගකීම දැරිය …
Continue Reading
ආණ්ඩුවට ඉතිරි වී ඇත්තේ මල බද්ද ගැසීම පමණයි – බැසිල්
මේආණ්ඩුව අලුත උපන් කිරි දරුවාටත් බදු ගහන තත්ත්වයට පත්ව ඇති අතර ඉතිරිව ඇත්තේ මල බද්ද ගැසීම ආරම්භ කිරීම පමණක් බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැවැසීය. නාත්තණ්ඩිය “ජනරළ” ජනහමුව අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා මෙසේද කීය. අද බලන්න මේ ආණ්ඩුව වැටිලා තියෙන තත්ත්වය, අලුත උපන්න ළමයගෙනුත් බදු ගහනවා. ළමයෙක් උපත ලැබුවම ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කිරීම අපේ සිරිතක්. මේ …
Continue Reading
අඟහරු අද පෘථිවිය ලඟින් යයි
-
RSL
-
July 31, 2018
-
උණුසුම් පුවත්, මතවාද
-
0 Comments
අඟහරු ග්‍රහයා අද (31 දා) පෘථිවියට ඉතා ආසන්නයෙන් ගමන්ගන්නා බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා සහ අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. 2003 වසරට පසු වසර පහළොවකින් අනතුරුව අඟහරු ග්‍රහයා මෙලෙස අද පෘථිවියට ආසන්නව ගමන් කරන බවත් එය පෘථිවියට කිලෝ මීටර් මිලියන 57.6 ක් තරම් ආසන්නව ගමන් ගන්නා බවත් හෙතෙම කියා සිටියේය. හිරු බැස යැමත් …
Continue Reading