මනූෂ යළි රනිල් ලඟ පරණ පුරුදු තැනටම

පසුගිය දිනෙක කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය ඇමති ධුරයක දිවුරුම් දුන් මනුෂ නානායක්කාර අතිශය සංවේදී පෞද්ගලික කරුණක් හේතුවෙන් සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. සිය ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට ජනාධිපතිවරයා වෙත යොමු කර තිබෙන අතර ඔහු එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහගේ අතිශය පෞද්ගලික සමීපතමයෙකු ලෙස මීට ඉහතදීද සේවා සිදු කළ අයෙකු ලෙස ප්‍රකටය. කෙසේ වෙතත් මනූෂ නානායක්කාර …

Continue Reading

මගෝඩි ව්‍යවස්ථා සංශෝධනය හා වැරැදුණු කුරුමානම

2015 ජනවාරි 8 පැවැති මැතිවරණයෙන් ජයගත් මෛත්‍රිපාල සිරිසේන මහතා නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේ ජනවාරි මස 9දා සවස 6.20ටය. ඉන් සුළු මොහොතකට පසු එම ස්ථානයේදීම එවකට විපක්ෂ නායකව සිටි පාර්ලිමේන්තුවේ සුළුතර බලයක් වූ ආසන 47ක් පමණක් තිබූ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වශයෙන් දිවුරුම් දුන්නේය. ඒ වන විට ආසන 157ක බලය තිබුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ඔවුන් සමඟ එක් වී …

Continue Reading

අපි මෙහෙම ජඩ වැඩ බලු වැඩ කළේ නෑ

2015 ආණ්ඩුවක් හැදුවේ ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් ආරක්ෂා කරලා දෙන්නයි. එදා රටේ තිබූ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නයි. ආණ්ඩුව පිහිටුවපු දා සිට රට තුළ යහපාලන ආණ්ඩුවක් ක්‍රියාත්මක කළා. මාධ්‍ය පාලනය කරන්න ගියේ නැහැ. ජඩ වැඩ කළේ නෑ. බලු වැඩ කළේ නෑ. ආරම්භ කරලා තියෙන සංවර්ධන කටයුතුවලින් කොමිස් ගැහුවෙ නැහැ” යැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පැවැසීය. එක්සත් ජාතික පක්ෂයේ …

Continue Reading

නව රජයේ අයවැය පරාජය කරන්න සූදානම්- පා.මන්ත්‍රීධුර 6ක් ඇති ජ.වි.පෙ. කියයි

නව රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත අයවැය ලේඛනය පරාජයට පත් කිරීම සඳහා ඡන්දය ලබා දීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඊයේ(05) පස්වරුවේ එම පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පා.ම. අනුර කුමාර දිසානායක, “පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් වන අයවැයකදී එය පරාජයට පත්කිරීමට සහාය දෙනවා. ඒ වගේම විශ්වාසභංගයක් …

Continue Reading

අපේ නව ආණ්ඩුවේ 113 ඉක්මවලා ඉවරයි; කරූට, සජිත්ට අගමැති කම ගන්න කියද්දී පස්ස ගැහුවා (වීඩියෝ)

නව අග්‍රාමාත්‍යවරයාට පාර්ලිමේන්තුවේ 113 ක බහුතරය සම්පූර්ණ වී ඇති බවත්, ඒ ගැන සැකයක් ඇති කර ගත යුතු නැතැයි ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද(05) ‘රටම රකින ජනමහිමය’ රැළිය අමතමින් පැවසීය. ‘අගමැති ධුරය බාර ගන්න යැයි මාස 8 කට පෙර කතානායක කරූ ජයසුරියට තමා වැන්දේ නැති ටිකවිතරක් යැයිද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකලාපයන් රටට ගැලපෙන්නේ නැති බවත් …

Continue Reading

මේ එකතුව කේලම්වලින් කඩන්න ඉඩ තියන් නෑ – අගමැති මහින්ද දැඩිව අවධාරණය කරයි (වීඩියෝ)

ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ ඓතිහාසික තීරණයට නැවත වතාවක් ගෞරව කරන බවත්, එය කිසිවෙකුගේ හෝ කේලම්වලින් කඩා බිඳ දැමීමට ඉඩ නොදෙන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි. නව ආණ්ඩුවට සහය පළ කරමින් අද(05) පැවති “රට රකින ජන මහිමය” මහජන රැළියට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. ජනාධිපතිවරයා වශයෙන් වසර 3 කට වැඩි කාලයක් රනිල් වික්‍රමසිංහ සමඟ සිට ගනු ලැබූ මෙම ඓතිහාසික තීරණය …

Continue Reading

කථානායක කරූ පක්ෂ දේශපාලනයෙන් වියරු වැටෙයි! විධායකයත් අභිබවා යමින් පිස්සු කෙළියි! (වීඩියෝ)

ආණ්ඩුබලය වෙනස් වූ දේශපාලන පසුබිම තුළ වත්මන් කථානායකවරයාගේ වගකීම් විරහිත සහ පක්ෂග්‍රාහී දේශපාලන හැසිරීම අද(05) තවත් ගැටළුකාරී තත්වයක් දක්වා වර්ධනය වූයේ තම පක්ෂයේ දේශපාලන උවමනාව මත ඔහු විසින් නිකුත් කරන ලද නිවේදනයක් සමඟිනි. විවිධ අවස්ථාවන්වලදී තම වරදාන වරප්‍රසාද වෙනුවෙන් පක්ෂයෙන් පැන යෑම, මැර ක්‍රියා කිහිපයක් හැරුණු කොට මෙරට යම් මට්ටමක කීර්තිමත් දේශපාලඥයෙකුව මේ වන විට කථානයකවරයා ලෙස කටයුතු වයෝවෘද කරූ …

Continue Reading

අද ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්ම මෙන්න

පාර්ලිමේන්තු වට රවුම අසල අද(5) දහවල් 12.00ට පැවැත්වෙන “රටම රකින ජන මහිමය 113+”දැවැන්ත ජනතා උද්ඝෝෂණයට විශාල ජනතාවක් පැමිණෙතැයි අදහස් කරන හෙයින් පොලිස්පති පූජිත් ජයසුන්දර එහි ආරක්ෂාව සහ රථවාහන හැසිරවීම පිළිබඳ විශේෂ සැලැස්මක් ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව ආරක්ෂක රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 1200කට අධික පිරිසක් ද, අමතරව පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ කණ්ඩායම්ද, රථවාහන රාජකාරි …

Continue Reading

රට රකින ජනමහිමය අද කොළඹට

එක්සත් ජනතා නිදහස් සන්ධානය සංවිධානය කරන “රට රකින ජන මහිමය” රැලිය අද(05) පස්වරුවේ පැවැත්විමට සියලු කටයුතු සූදානම් කර තිබේ. නව ආණ්ඩුවට සහය පළ කරමින් මෙම ජනරැලිය පැවැත්විමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග සඳහන් කළේය. එහි දී වැඩිදුරටත් දැක්වු මන්ත්‍රීවරයා මෙසේද පැවසීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කිරීමට ගත් තීන්දුව ඉතාම නීත්‍යානුකූලයි. එමෙන්ම රටට ආදරය …

Continue Reading

අග්‍ර දායකත්වය දැරූ කැළණි රජමහා විහාරයත් රනිල්ට අහිමි වෙයි

රනිල් වික්‍රමසිංහ ඇතුළු වික්‍රමසිංහ පරම්පාරව අග්‍ර දායකයින් ලෙස දායක සභාවේ කටයුතු කරන එදා මෙදාතුර එක්සත් ජාතික පක්ෂයට සමීප පන්සලක් ලෙස ප්‍රකට ඓතිහාසික කැළණි රජමහා විහාරයද අද රනිල් වික්‍රමසිංහට අහිමි වී ඇත. කැලණිය රජ මහා විහාරයේ විහාරාධිපති පුජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් පවා එක්සත් ජාතික පක්ෂ දේශපාලන මතවාදය සමඟ දැඩි බැඳීමකින් කටයුතු කරන හිමිනමක් ලෙස ප්‍රකට අතර උන්වහන්සේද මේ වන …

Continue Reading